රංග ජයකොඩි- ජනා

මාර්තු 5, 2020

Youtube නාළිකා අතර ඉතා ජනප්‍රිය සන්නාමයක් ලෙස "ජනයි ප්‍රියයි" හඳුන්වන්න පුළුවන්. හාස්‍ය , ප්‍රහසනය මූලික කරගනිමින් අපූරු මිත්‍රයන් දෙපළක් විසින් ආරම්භ කළ "ජනයි ප්‍රියයි" බාලමහලු කොයි කාගෙත් අවධානයට ලක් වෙනවා. Youtube ගැන කතා කරන්න මෙවර අප ආරාධනා කළේ "ජනයි ප්‍රියයි"ට. එහෙමත් නැති නම් චමල් රත්නායකට සහ රංග ජයකොඩිට. මේ "ජනයි ප්‍රියයි" ගැන අපූරු සගයන් දෙදෙනා දැක්වූ අදහස්.

මිනිස්සු Youtube චැනල් පටන්ගන්නේ සල්ලි හම්බ කරන්න කියලා චෝදනාවක් තියෙනවා. 

ඕනෙම දෙයක් කරද්දි මුදලක් හම්බෙනවා. අපිට නම් youtube  නාළිකාවක් පටන්ගනිද්දි තිබුණේ අපේ වීඩියෝ ටික youtube  එකට දාන පරමාර්ථය. ටික කාලෙකින් අපිට මුදල් ලැබෙන්න ගත්තා. Youtube එකෙන් විතරක් නෙමෙයි. Show, Event, Advertisement මේ හැමදෙයකින්ම මුදල් ලැබෙන්න ගත්තා. සල්ලි හම්බ කරන්න බලාගෙන youtube  එන්න එපා කියලා අපි හැමෝටම කියනවා. Youtube ඇවිත් නිර්මාණ කරන්න. ඒකට වටිනාකමක් ලැබෙයි දවසක. නමුත් සල්ලි බලාගෙන youtube  එන්න එපා.

අවුරුදු හතරක් පුරාවට "ජනයි ප්‍රියයි"ට ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?

අපිට ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. විවිධාකාර ප්‍රේක්ෂකයෝ අපිට හමුවෙලා තියෙනවා. බන්ධනාගාර රැඳවියෝ, මානසික රෝහලෙන් ප්‍රතිකාර ලබන අය, යුද්ධයෙන් ආබාධිත වුණු රණවිරුවෝ, කුඩා දරුවෝ, ගැබිණි මව්වරු ඒ අය අතරින් විශේෂයි. සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ ඇරුණුකොට මේ වගේ විශේෂ ප්‍රේක්ෂකයොත් අපි වටා ඉන්නවා කියලා ප්‍රතිචාර අනුව පේනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ටම ගැළපෙන විදිහට හැම කෙනෙක්වම සතුටු කරන්න පුළුවන් විදිහට වීඩියෝ නිර්මාණය කරන්න අපි පෙළඹුණා. මේ අවුරුදු හතර තුළ අපිට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අපි දෙන්නම නිහතමානීව විඳගන්නවා. 

අලුතින් එන Youtubeපඵලා ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් දක්ෂ නිර්මාණශීලී පිරිසක් ඉන්නවා. අලුත් නිර්මාණ කෙරෙනවා අපි දකිනවා. නමුත් ඒ හැමෝටම කියන්න තියෙන්නේ සල්ලි බලාගෙන youtube  එකට එන්න එපා හොඳ නිර්මාණයක් කරන්න බලාගෙන youtube  එකට එන්න කියලා. Youtube එකට එනකොට නමක් හැදෙනවා. ඒ නමත් එක්ක එළියට බහින්න පුළුවන් විදිහේ නමක් හදාගන්න ඕනේ. සමහර ඕපචදඤ තියෙනවා youtube  එකේ ඉහළින් ඉන්න. නමුත් අයිතිකාරයාට එළියට ඇවිත් කතා කරන්න බැහැ. දැන් රධභබඩ එක හිතන්නේ මේකෙන් සාර්ථක වෙලා සල්ලි හම්බ කරගන්න පුළුවන් කියලා. සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒ සාර්ථකත්වය රඳාපවත්වා ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. Youtube එකට වඩා එළියේ වැඩ තියෙනවා. හොඳ සන්නාමයක් හදාගත්තාම ඒ හැමදෙයකටම දායක වෙන්න පුළුවන්. . 

Youtube වල අනාගතය ගැන මොකක්ද අදහස?

Youtube චනන එක වෙනස් වෙන එකක් නැහැ. විවිධ සමාජ ජාලා ආවා. ඒවා වේගයෙන් ජනප්‍රිය වෙලා  නැවත පසුබෑමක් ඇත් වුණා. Youtube හිමින් update  වුණේ. Youtube සමාගම කවදාහෝ නතර කළොත් "ජනයි ප්‍රියයි"වෙනස් වේදිකාවක දකින්න පුළුවන් වෙයි.

 

චමල් රත්නායක - පි‍්‍රයා

"ජනයි ප්‍රියයි" මේ දවස්වල මොකද කරන්නේ?

"ජනයි ප්‍රියයි" මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. "ජනයි ප්‍රියයි" වීඩියෝවල පොඩි පොඩි වෙනස්කම් ටිකක් කළා. ඒ වගේම "ජනයි ප්‍රියයි" ප්‍රසංගයකට සූදානම් වෙනවා. ඒක වේදිකා නාට්‍යයක් වගේ සංකල්පයකට අනුව නිර්මාණය වෙන එකක්. මේ වසරේ දෙසැම්බර් මාසයේ ඒක ජනගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ යාළුකමට දැන් කොච්චර වයසයිද?

චමල්ගෙයි රංගගෙයි යාළුකමට දැන් අවුරුදු 7ක් වෙනවා. ජනයි ප්‍රියයිගේ යාළුකමට දැන් අවුරුදු 4ක් වයසයි.

යාළුවෝ දෙන්නාට මේ වගේ වෙනස් වැඩක් කරන්න හිතුණේ කොහොමද?

2012දී අපි දෙන්නා එක්තරා ආයතනයක එකට වැඩ කළා. අපි දෙන්නාම නිකං ඉන්නකොට නිතරම විහිළු කතා කිය කිය ඉන්නේ.  මේ නිසා අපි වැඩ කරපු ආයතනයේ ටෙලිවිෂන් නාළිකාවට අපි දෙන්නාගේ සහභාගීත්වය ඇතිව වැඩසටහනක් කරන්න ආරාධනාවක් ආවා. ඒ වැඩසටහන "ජනප්‍රියයි ජනකාන්තයි" කියලා නම් කරලා අපිත් එක්ක ගිවිසුම්ගත වුණා. නමුත් ඒ වැඩසටහන විකාශය කළේ නැහැ. ඒ ඉධජඪචත ර්ඥඤඪච හැදෙන කාලේ. ඒ වෙනකොට වස්ති, නව්‍ රාන්, පොඩ්ඩා, ගප්පියා, කුෂාන් - ශ්‍රීමාල් වගේ Youtube චරිත හිටියා. අපි හදපු වීඩියෝ ටික යාළුවෙක් කිව්වා ඉධජඪචත ර්ඥඤඪච දාමු කියලා. "ජනප්‍රියයි ජනකාන්තයි" "ජනයි ප්‍රියයි" කියලා නම් කරලා අපි අපේ පෞද්ගලික ටචජඥඡධධඬ ගිණුමේ දැම්මා. අපේ කැමරා ශිල්පියා ගිමන්ත අරන්පත් තමයි අපිට මුලින්ම "ජනයි ප්‍රියයි" Social Media  එකක් හදලා දුන්නේ. ජ්චජඥඡධධඬ එකේ මාස 6කින් විතර "ජනයි ප්‍රියයි" ජනප්‍රිය වුණාම Youtube නාළිකාවක් පටන්ගමු කියලා යෝජනාවක් ආවා. ජනප්‍රිය රංගන ශිල්පී මේනක රාජපක්ෂ තමයි "ජනයි ප්‍රියයි" Youtube නාළිකාව අපිට හදලා දුන්නේ. 

චමල් හිතන විදිහට "ජනයි ප්‍රියයි" සාර්ථකයිද?

ලැබෙන ප්‍රතිචාර අනුව තමයි සාර්ථකත්වය රඳාපවතින්නේ. ඒ ප්‍රතිචාරත් එක්ක සාර්ථකත්වය විවිධ මට්ටම්වලින් මනින්න පුළුවන්. මට දැනෙන විදිහට, අපිට ලැබෙන ප්‍රතිචාර අනුව සහ මිනිස්සු අපි නිසා හිනා වෙලා ඉන්නවා කියන එක අනුව "ජනයි ප්‍රියයි" සාර්ථකයි. 

"ජනයි ප්‍රියයි" Youtube නාළිකාවේ සංකල්පය හාස්‍ය සහ ප්‍රහසනය. ඇයි මේ සංකල්පය තෝරාගත්තේ?

අපිට පුළුවන් දෙය තමයි අපි තෝරාගන්න ඕනේ. හාස්‍ය කියන්නේ අපිට පුළුවන් දෙය. ප්‍රහසනයෙන් තවත් කෙනෙක්ව සන්තෝසයෙන් තියන්න අපි දෙන්නට පුළුවන් කියලා අපි හිතනවා. "ජනයි ප්‍රියයි"ගෙ පරමාර්ථය ප්‍රහසනය නෙමෙයි සතුටින් ඉන්නවා කියන එක. 

Add new comment