සසින්දි නිම්හාරා

මාර්තු 12, 2020

කලා  කටයුතුවල යෙදුණත්  ඉගෙන ගන්න එක අමතක කරලා නැහැ 

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය කරනවා

හුස්මක් තරමට ටෙලි සිතුවමේ සියුමානි මතකද?

මේ ඉන්නේ ඇයයි

මොකක්ද සියුමානිගේ ඇත්ත නම?

සසින්දි නිම්හාරා සේනානායක.

ක්ෂේත්‍රයේ කවුරු විදිහටද වැඩ කටයුතු කරගෙන  යන්නේ?

මං මොඩ්ලර් කෙනෙක්. රඟපාන එකත් කරනවා.

බොහොම පොඩි කාලේ නේද සසින්දි රඟපාන්න එන්නෙ?

ඔව්. එතකොට මට වයස අවුරුදු හතරාමාරක් විතර ඇති. ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වුණ කාව්‍යා නාට්‍යයේ කාව්‍යාගේ පොඩි කාලෙට හිටියෙ මම. ඊට පස්සේ ඔය වයසෙදිම වගේ නිසලගිර චිත්‍රපටයේ රඟපෑවා. නීටා ප්‍රනාන්දු මහත්මියගේ දුව හැටියට මං රඟපෑවේ. කාව්‍යා කරන කාලේ මාව මිනිස්සු ටිකක් හඳුනනවා. 

ඔබ රංගනයෙන් ඈත් වුණේ?

අධ්‍යාපන කටයුතු නිසා ඉබේම වගේ රංගනයෙන් ඈත් වුණා.

දැන් අධ්‍යාපන කටයුතු ඉවරද?

නැහැ. කලා  කටයුතුවල යෙදුණත්  ඉගෙන ගන්න එක අමතක කරලා නැහැ.  මේ වන විට මං ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය කරනවා.

සසින්දි ගෙ ගම කොහෙද?

මං කළුතර.

ඉගෙන ගත් පාසල?

කොළඹ ලයිසියම් විදුහල.

උපන් දිනය?

දෙදහස් එකේ ජූලි විසි එක.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.