සමීර වක්වැල්ල

මාර්තු 12, 2020

ඔහු හෝන් සිනමාපටයේ අධ්‍යක්ෂ සමීර වක්වැල්ල. ඉකුත් දිනවලදී  තිරගත වූ හෝන් අධ්‍යක්ෂවරයාගේ දෙවැනි සිනමාපටය. මීට පෙර සූම් නමැති චිත්‍රපටයක් සමීර අධ්‍යක්ෂණය කරනු ලැබුවා.

 

ඔව්. මේක ඒ ශානරයේ චිත්‍රපටයක්. ආකෘතිමය අන්දමේ වෙනසක් මේකෙ තියෙනවා. අපේ අය ගොඩක් අභියෝගවලට බයයිනෙ. වෙනසක් කරන්න  වුණත් සෑහෙන්න හිතනවා. සිනමාවටත් වෙලා තියෙන්නේ  ඔය තත්ත්වයම තමයි. 

අපේ සිනමාවට මොකද වෙලා තියෙන්නේ?

ලංකාවේ සිනමා වෙළෙඳපොළ ඉතාම සීමිතයි. සීමිත ප්‍රේක්ෂක කණ්ඩායමකටනෙ අපි නිර්මාණ කරන්නේ. හැබැයි මෙතෙනදි තව දෙයක් ගැන හිතන්න ඕන. ප්‍රේක්ෂකයා දැන් බොහෝ ඉදිරියෙන් ඉන්නේ. ඔවුන් අන්තර්ජාතිකව හැදෙන නිර්මාණ බලනවා. ඔවුන් අපේ නිර්මාණ ඒවත් එක්ක සසඳනවා. ඒ බව නොදැන බාල බොලඳ නිර්මාණ කළොත් ප්‍රේක්ෂකයො එන්නේ නැහැ.

අපේ සිනමාවේදීන්ට ඔතන විතරද වැරදුණේ?

වැරදුණ තැන් ගොඩක් තියෙනවා. සිනමාව කියන විෂය හරියට ස්ථාපනය වුණේ නැහැනෙ. විශ්වවිද්‍යාලයීය මට්ටමෙන් සිනමාව කොහෙද උගන්වන්න තියෙන්නෙ. සිනමාව පරිපාලන කරන උදවිය දිහා බලන්න. ඔක්කෝටම කලින් ඔවුන් සිනමාව ගැන දන්නවද කියලා හොයලා බලන්න  ඕන.  මේ පැටලිලි සහගත තැන් මුල ඉඳලම හදන්න ඕන.

ඩී. වී. ඩී මාධ්‍යයෙන් චිත්‍රපට බලන්න බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙනවා?

එහෙම බැලුවා කියලා චිත්‍රපටයක නියම රසය විඳින්න බැහැ. ඇයි සිනමා ශාලාවකට මිනිස්සු යන්නේ. ඇයි චිත්‍රපටය පෙන්වන්න කලින් කළුවර කරන්නේ. එහෙම තමයි චිත්‍රපට විඳින්න ඕන. ඒ තැන ඒ ශබ්දය නිසියාකාරව තිබුණොත් තමයි හරි චිත්‍රපටයක් කියන්නේ. ඒ වින්දනය ඩී. වී. ඩී. එකක් තුළින් ලැබෙන්නේ නැහැ.

හෝන් චිත්‍රපටය නවකතාවක් ලෙසින් එළි දැක්වූයේ ඇයි?

සිනමාවට ඉන්නේ ප්‍රේක්ෂකයා. පොත්පත්වලට ඉන්නේ පාඨකයොනෙ. මේ අයට කලා මාධ්‍ය දෙකකින් ආමන්ත්‍රණය කරන්න මා අපේක්ෂා කළා. ඒ ඔස්සේයි හෝන් චිත්‍රපටය පොතකට නැඟෙන්නේ. එය එකම සිතුවිල්ල ධාරා දෙකක් දිගේ ගමන් කිරීමක් ලෙසට හඳුන්වන්න පුළුවන්. 

සූම් නමින් ආයතනයක් ඔබ පවත්වාගෙන යනවා. මොනවද එමඟින් කරන්නේ?

මගෙ චිත්‍රපටවල ඔය එඩිටිංකලර් ග්‍රේඩ්  වගේ  සියලු පසු නිෂ්පාදන කටයුතු කළේ  සුම් ස්ටුඩියෝ එකෙන්. අපේ කලා ලොවේ කැමරා අධ්‍යක්ෂවරයකු වෙන්න මාර කට්ටක් කන්න ඕන. අඩුම තරමේ සිනමා කැමරා ශිල්පීන් පස් දෙනෙකු යටතේවත් වැඩ කරන්න  ඕන. අපි කතාවට කියන්නේ කඩේ යනවා කියලා. ලෝක සිනමාවේ එහෙම නෙවෙයි. විධිමත් පුහුණුවක් එක්කයි ඔය සියල්ල සිදු වන්නේ. එක එක්කෙනාට කඩේ යන්න ඕන නැහැ. ඒ වගේ අලුත් පිරිසක් පුහුණු කරන්න මෙම ආයතනය මඟින් මම බලාපොරොත්තු වෙනවා.

ඔබගේ පෙර නිර්මාණයත් හොරර් ගණයේ එකක්?

ඔය වගේ ආරකට තමයි මා ප්‍රිය කරන්නේ. ඇඟට දැනෙන්නෙත් හොරර් තමයි. 

Add new comment