ශානක අලහකෝන්

මාර්තු 12, 2020

ප්‍රසිද්ධිය බලාගෙන  youtube කරන්න එපා

පොඩ්ඩා කියන චරිතය හැදෙන්නේ කොහොමද?

මට රඟපාන්න ඉස්සර ඉඳලා ආසාවක් තිබුණා. ලංකාවේ ඒකට අපිට අවස්ථාවක් නැති නිසා වෙන වේදිකාවක ඕනේකම තිබුණා. 2013 වෙනකොට මම විදේශගත වෙලා හිටියේ. ඒ කාලේ මම විවිධ ගැටලු එක්ක ලොකු පීඩාවකින් හිටියේ. ඒ මානසික පීඩාවලින් ඈත් වීමක් විදිහට මට හිතුණා මම කැමතිම දෙයට හිත යොමු කරන්න. ඒ විදිහට තමයි "පොඩ්ඩා" youtube  චැනල් එක පටන්ගන්නේ. පොඩ්ඩා කියන නම මට කවුරුත් දීපු එකක් නෙමෙයි. තරමින් පොඩි නිසා ඒක මම දාගත්ත නමක්. 

පොඩ්ඩාගේ පළවෙනි වීඩියෝ එක හැදෙන්නෙත් ඒ මානසික පීඩාවල ප්‍රතිඵලයක් විදිහට නේද?

ඔව්. ඒ කාලේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා හිටියේ. එහෙම ඉද්දි එක්තරා සුප්‍රසිද්ධ දේශපාලකයෙක් කිව්වා "හැමෝගෙම ටඪතඥ මං ළඟ තියෙනවා" කියල. ඒක ආශ්‍රය කරගෙන වෙනස් තේරුමක් එන වීඩියෝ එකක් මම හැදුවා. 

"පොඩ්ඩා"ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කළොත්?

පොඩ්ඩා කියන්නේ ගොඩක් විවෘත චරිතයක්. මම දෙයක හොඳ හෝ නරක කෙළින් කියන කෙනෙක්. ඉතින් කෙළින් කතා කරන එකට කැමති අය සහ අකමැති අය ඉන්නවා. ඒ නිසා මට හොඳ නරක දෙආකාරයෙන්ම ප්‍රතිචාර ලැබෙනවා. ඒ හැම එකක්ම බොහොම කැමැත්තෙන් භාරගන්නවා. 

වර්තමාන Youtube  සන්නාමවලට කණ්ඩායමක් ඉන්නවා. කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒත් "පොඩ්ඩා" තනියම මේ හැමදේම කරන්නේ?

ඒක සීයට සීයක් හරි. පටන්ගත්ත දවසෙ ඉඳලා අද වෙනකංම මේ වීඩියෝවල හැම වැඩක්ම කරන්නේ මම තනියම. පිටපත ලියන තැන ඉඳලා වීඩියෝ එකේ අන්තිම සංස්කරණය වෙන තෙක්ම  හැමදේම කරන්නේ මම. සමහර වීඩියෝවලට 

කාන්තා චරිතයක් අවශ්‍ය වුණාම විතරක් මම මගේ බිරිඳව රඟපාන්න සහභාගී කරවගන්නවා. 

Youtube  එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් ද?

පුළුවන්. නමුත් මිනිස්සු හිතන තරම් youtube  එකෙන් සල්ලි හම්බ කරන්න බැහැ. සල්ලි හම්බ කරන්න පුළුවන් youtube  එකේ  වෙළඳ දැන්වීම් හදලා. මහන්සි වුණොත් වැඩි මුදලක් උපයන්න පුළුවන්. නමුත් සල්ලි හම්බ කරන්න බලාගෙන youtube  එන්න එපා. 

පසුගිය ජනාධිපතිවරණ සමයෙදි පොඩ්ඩා සහ එක්තරා Youtuber  කෙනෙක් අතර ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුණා නේද?

එක්තරා youtube ප කෙනෙක් එයා අමාරුවෙන් හදාගත්ත youtube  නාළිකාව දේශපාලනය වෙනුවෙන් භාවිතා කරනවා දැක්කා. එයා දාලා තිබුණා එයා නියෝජනය කරන අපේක්ෂකයා පැරදුණොත් නාළිකාව ඉවත් කරගන්නවා කියලා. ඒ අභියෝගය මම එයාට කළා. එයා ඒකෙන් පරාජයට පත් වෙලා නාළිකාව ඉවත් කරගත්තා. 
 

ලංකාවේ ප්‍රචලිත Youtubers  ලා බහුතරයක් ඉන්නේ මේ රටේ. නමුත් ඔබ විදේශගත වෙලා. එහි වාසි අවාසි ගැනත් කතා කරමු?

මට ලංකාවේ සමාජය ඈතයි. මගේ වීඩියෝවලට ලංකාවේ මිනිස්සු, ඒ පරිසරය වටපිටාව අන්තර්ගත කරගන්න බැහැ. ඒක අවාසියක්. විදේශ රටක මොකක්හරි දර්ශනයක් පටිගත කරන්න අවශ්‍ය වුණොත් ඒ වාසිය මට තියෙනවා. 

දැන් ඉන්න Youtubers  ලාට මොකක්ද කියන්න තියෙන්නේ?

අලුත් අයට කියන්න තියෙන්නේ වෙනස් මත දරන්න. ඒකේ ගැටලුවක් නැහැ. ඒ මතය වෙනුවෙන් දිගටම පෙනී සිටින්න. වැඩ කරන්න. අපි youtube  පටන්ගත්ත කාලේ කවුරුත් youtube  දන්නේ නැහැ. දැන් මිනිස්සු youtube  දන්නවා. ඒ නිසා දැන් ඉන්න youtube පඵ ලා ඉක්මන්ට ප්‍රසිද්ධ වෙනවා. ඒ ප්‍රසිද්ධිය දරාගන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රසිද්ධිය නෙමෙයි මනුස්සකම තියාගන්න කියලා හැමෝටම කියන්න කැමතියි. ඒ වගේම දක්ෂතාවය මත මහන්සිවෙලා youtube  චැනල් එක කරන්න. trending බලාපොරොත්තුවෙන් youtube  කරන්න එපා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.