සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ

මිහිර පතා ආදරේ
අප්‍රේල් 2, 2020

සංසාරේ පුරාම ප්‍රාර්ථනා කළේ එකම එක ආදරයක් විතරයි. අද මට ඒ කාලේ හීනයක් වගේ වුණාට ඒ අතීත මතක සුවඳ හැමදාමත් මගේ හදවත පුරා ඇඳූණු නොමැකෙන ආදර සිත්තමක්'ඔබෙන් හිස් වුණුලෝකය තුළ මට මහා තනිකමක් දැනුනත් මිහිරිසිහින දැවටුණු ඒ අතීතයට තාමත් මම ආදරේ කරනවා

සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ

මට තනිකමක් දැණූනේම නෑනේ

අද මගේ ළඟින් ඔබ නොමැති මොහොතේ

මට දැනුනේ නම් මහ තනි කමක්නේ

ජීවිතේ ඔබ නමින් තනිවුණා

හමුවුණු තැන්වල මතකය විතයි අද ඇත්තේ

අපිගිය මාවතේ අද මම විතයි පියමැන්නේ

මිය ගිය පේ‍්‍රමය හදවත පත්ලෙම මාගේ

සදහටම මිහිදන් කළා.......

 

සත්තයි මට ඔබ වාගේ - කවුරුත් නෑ මේ ලෝකේ

 

උපදින භවයක් ගානේ- ඔබගෙම වෙන්නයි ඕනේ

සුවඳක් දැනේ මට ඔබගේ පපුවේ

මගේ වේදනා ඔබ දන්නේ නෑනේ

මැරුණත් හදේ තියෙනා මේ සෙනෙහේ

වෙනසක් නොවේ සංසාර ගමනේ

ජීවිතේ ඔබ නමින් තනිවුණා....

සත්තයි මට ඔබ වාගේ....

දෙදෙනෙක් අතර ඇතිවන පේ‍්‍රමනීය බැාම් හරිමඅපූරුයි' පේ‍්‍රමයට සීමා මායිම්  ජාති භේද කුල බේද ආගම් භේද මේ කිසිවක් අදාල වෙන්නේ නෑ. "අසිරිමත් වූ දෙයකි මෙලොව පේ‍්‍රමය නමිනා" යනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් පැවසුවෙත් ඒ හින්දයි. කොහෝ හෝ දෙතැනක  දෙවිදියකටජීවත්වණු දෙදෙනෙක් හමුවී ඇති කරගන්නා පේ‍්‍රමනීය බැාම් අතිශය ප්‍රබල වනවා සේම එම බැඳීම් බිා ගියතැන ඇතිවන විරහ වේදනාවද අතිශය ප්‍රබලයි. එවන් විරහ වේදනාවක සංවේදනා රුගෙන එන මේ ගීතය මේ දිනවල නිතර ඇසෙන්නක්.

බලවත් පේ‍්‍රමයක පැටලු‍නු දෙදෙනෙකුගේ වෙන්වීම කෙතරම් වේදනාකාරීද යන්න මේ ගීතයෙන් දනවන්න උත්සාහ දරනවා. ඒ ආදරේ මේ ආත්මයේ පමණක් නොව සංසාර ගමන පුරාම වෙනස් නොවන්නක් බව කියන්නේ ඒ හින්දයි. මේ ගීතයේ සංවේදනා දැනෙන්නෙ වචනාර්ථයෙන් පමණක් නොවෙයි. ශෝකි භාවයන් උද්දීපනය වන්නා වූ ගීතනු නිර්මාණයේ අපූර්වත්යද මේ සඳහා විශේෂ හේතුවක් බව කිව යුතුයි. 2019 වසරේ නිකුත් වුණු මේ ගීතය ගායනා කරන්නේ දිල්කි උරේෂා.  සංගිත නිර්මාණය අශාන්ප්‍රනාන්දු ගේ. මේ ගිතයට මුල් වෙලා තියෙන්නේ හින්දි ගීතයක්. 2019 අපේ‍්‍රල් මාසයේ බොම්බායේ " ස්ටුඩියෝ ෆියුචර් සවුන්ඩ්"වෙතින් භූෂන් කුමාර් විසින් නිෂ්පාදනය කරන ලද ‘ හරේ හරේ හම් තෝ දිල් සේ ප්‍යාර්‘‘ නම් ගීතය අනුව නිර්මාණය කරන ලද්දකි.

Add new comment