අයියා ගැන කියන කතා වැඩි හරියක් බොරු

ලෙලූ‍ම් රත්නායක අවධාරණය කරයි
අප්‍රේල් 16, 2020

ජයන්ත රත්නායක අකල්හි අප අතරින් සමුගත්තා. ඔහු ජ්‍යෙෂ්ඨ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වැඩිමල් පුතු කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ජයන්තගේ වියෝවෙන් පසුව ඔහු ගැන කතා නොකරපු අයත් කතා කරනු දක්නට ලැබුණා, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළින්. ජයන්ත සහ වික්ටර් ඉන්න පැරැුණි ඡුායාරූප පවා හුවමාරු වුණා. සමහරු ඒවාට කවි නිසඳැස් ලිව්වා. එලෙස පළවූ තොරතුරුවලින් බොහොමයක් සාවද්‍ය බව ජයන්තගේ සොයුරු ලෙලූ‍ම් රත්නායක අපිට පැවසුවා.ඔහු ඉතිරි අදහස් දැක්වීම සිදුකළේ නිවැරදි කිරීම් එක්කයි.


ලෙලූ‍ම්,ඔබ තවමත් සොහොයුරා පිළිබඳ සංවේදී වෙලා ඉන්නේ කියලා අපි දන්නවා?

ජයන්ත අයියා සංගීතයට ලොකු සේවයක් කරමින් හිටපු කලාකරුවෙක්. අපේකම අපේ සංස්කෘතියට උචිත අන්දමින් නිර්මාණ කටයුතුවල නියැළුණේ. හැම වෙලාවෙම කාටහරි උදව්වක් කරන්න බැලූ‍වේ. ඔහු දැනගෙන හිටියා අසනීපයේ උච්තඡුම අවස්තාව එළඹිලා කියලා. ඔහු ඊට සූදානම් වන වගත් මම දැක්කා.

ඔහුගේ අන්තිම මොහොතේ ඔබ ළඟ හිටියද?

නැහැ.මට ඉන්න බැරි වුණා. එවලේ එතැන හිටියේ අයියාගේ නෝනයි මගෙ නෝනයි අයියාගේ දුවයි.

සමාජ මාධ්‍යවල පළවුණා ඔබ එතන හිටියා, ඔබ තමයි ජයන්තගේ දුරකතනයට පිළිතුරු සැපයුවේ, අන්තිම මොහොතෙත් පියා කතා කරයි කියලා ජයන්ත බලාපොරොත්තු වුණා කියලා?

ඒක බොරුවක්.අනික දුරකතන ඇමතුම් ගැන බලන්න තරම් අයියාට සිහියක් තිබුණේ නැහැ. හැබැයි මම දන්නේ නෑ තාත්තා කතා කරයි කියන බලාපොරොත්තුවක් අයියාගේ හිතේ තිබුණද කියලා.ඒ සම්බන්ධව මට කියලා නැහැ.

ඔබලාගේ පියා ජයන්තගේ අවසන් මොහොතට ආවේ නෑ කියන්නේ ඇත්තද?

ඔව්.ඒක ඇත්ත.ඔහු ආවේ නැහැ.

මේ සිද්දිය හුවා දක්වමින් ඇතැමුන් ඔබේ පියා පොඩි දරුවෙකු වඩාගෙන ඉන්න ඡුායාරූපයකුත් අන්තර්ජාලයේ හුවමාරු කරනවා?

ඔය පින්තූරේ ඉන්න පොඩි දරුවා මගේ අයියා නෙවේ. මට මතක විදිහට සේන වීරසේකර හෝ පුණ්‍යසිරි මහවත්තගේ පුතා ඔය ඉන්නේ. ඔය පින්තූරෙත් අල්ලගෙන විවිධ කතා හුවමාරු වෙනවා. කවුරුවත් වැරැුද්ද නිවැරැුදි කරන්න උත්සහ ගන්නේ නැහැ.

ඔබ සහ ජයන්ත වෙනස් අකාරයේ නිර්මාණ රැුසක් සැරින් සැරේ ඉදිරිපත් කළා. එහෙත් ජනප‍්‍රිය වුණේ නැතිතරම්?

පෙර කළ පින් නැතිකමට මොනවා කරන්නද. අපේ පැත්තෙන් පුළුවන් දේවල් කළා. ඇසළ නිල් සඳ කියලා සංයුක්ත තැටියකුත් අයියයි මමයි කලකට ඉහතදී නිකුත් කළානේ. ඒවා නිෂ්පාදනය කරපු අයත් තමගේ මුදල ජදඩැර කටගත්තා මිසක් ප‍්‍රචාරණය ගැන හිතුවේ නැහැ.

ඔබ දෙපොළ මාධ්‍ය මිතුරන්ට කිව්වේ නැද්ද ගීත ප‍්‍රචාරය කරන්න කියලා?

වික්ටර් රත්නායක කියන්නේ සිංහයෙක් වගේ මිනිහෙක්නේ. එහෙම කෙනෙකුගේ පුත්තු දෙන්නෙකුට පුළුවන්ද කාගෙවත් පස්සේ යන්න අපේ සින්දු දාලා දෙන්න කියලා.