වර්ෂ 2021 ක්වූ March 09 වැනිදා Tuesday
පේශල ගේ පරණ කතාවක් අලූතින් ඇදලා

බැලූවොත් පේන්නේ වසංගත කාළේ ආණ්ඩුවට මම බනිනවා වගේ පේන්නේ.මේ වෙලාවේ අපිත් බලා ඉන්නේ කොරෝනා තුරන් වෙනකම්නේ.
අහක යන කුණු බාල්දියක්නේ මේ මගේ ඇඟට කඩා පාත් වුණේ. පේශල මනෝජ් එහෙම කිව්වේ මඳ සිනහවක් මුවට නඟා ගන්න ගමන්. මට වෙන්නෙම ඔය වගේ අකරතැබ්බම තමා.මේකත් මේ එහෙම එකක්නේ.
පේශල ඉන්න video එකක් මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ මේ දවස්වල හුවමාරු වෙනවා.ඔහු කියන්නේ ඒක ගැන.
ගිය වසරේ පාස්කු ප්රහාරය කාලේ විල්පත්තු විනාශය පිළිබඳ සාමකාමී උද්ඝෝෂණයක් තිබුණා.ආනන්ද සාගර හිමියොත් මේකට එක් වුණා.අන්න ඒ වෙලාවේ මම එවකට දේශපාලන ප්රබලයින්ගෙන් දැඩි ඉල්ලිමක් කළා.අන්න ඒ video එක තමා අයේ එළියට ඇදලා තියෙන්නේ.මම ඒකේ නමක් ගමක් නැතුව දේශපාලන තනතුරු සඳහන් කරලයි ඉල්ලීම කරන්නේ. දැන් බැලූවොත් පේන්නේ වසංගත කාළේ ආණ්ඩුවට මම බනිනවා වගේ පේන්නේ.මේ වෙලාවේ අපිත් බලා ඉන්නේ කොරෝනා තුරන් වෙනකම්නේ.ඊට හපන් අනෙක් කාරණේ තමයි, අර ේජැඉදදන එකේ ඉන්නේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව දේවල් විශ්වාස කරන අය. අන්න එහෙම ගෑනු කෙනෙක් මට අසික්කිත විදිහට බැනලා video එකක් දාලා.ඒකෙනුත් මම ලොකු අපහසුතාවයට පත් වුණා.
ඔබ නීතිමය වශයෙන් ක්රියා මාර්ගයක් ගත්තේ නැද්ද?
ජසා එකට ගිහින් පැමිනිල්ලක් දැම්මා.අර ගෑනු කෙනාකේ දුරකතන අංකයත් හොයාගෙන කතා කළා.ඇය සම්පූර්ණයෙන් බලලත් නෑ මගේ video එක.මම කිව්වා මගෙන් සමාව ඉල්ලලා video එකක් දාන්න කියලා.එයා එහෙම දාලා පැය භාගයෙන් Delete කරලා.මම ඒක download කරගත්තා සාක්ශියක් විදිහට.මේ වෙලාවේ මිනිස්සු වගකීමෙන් වැඩ කරන්න ඕනේ.නිකම් හිතන්න මේ වගේ දෙයක් නිසා මහජන කැළඹිල්ලක් ඇති වුණානම් මටත් වගකියන්න වෙනවා.මහේ පුද්ගලික ජීවිතයට හානියක් වුණොත් ඔය facebook වීරයෝ කවුරුවත් නෑ.ඒකත් උපයෝගී කරගනීවි තමන්ගේ page වල view ගාන වැඩි කරගන්න.