එකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ

ෆ්ලෑෂ් බැක් රොෂාන්
මැයි 7, 2020

 වසංගත තත්ත්වය පහව යනතුරු මුළු ලොවම නෙත් අයා බලා සිටියි. එතෙක් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් අපට නිවෙස්වලට වී ඉන්නට සිදුවී තිබේ. ඇතැම් ආයතන, ව්යාපාර කලාකටයුතු ක‍්‍රමයෙන් ආරම්භ වෙමින් තිබෙනු දක්නට ලැබේ. එහෙත් ප‍්‍රසංග වේදිකාව තව කාලාන්තරයක් යනතුරු හිස්ව පවතිනු ඇත. මේ හේතුවෙන් එමගින් යැපෙන්නන් සිටින්නේ අන්ත අසරණවය. සෙනඟ එක් රැුස් වන එවැනි විනෝදාස්වාදය සපයන වැඩසටහන් දින නියමයක් නැතුව කල් දැම්මේ අපේම ආරක්ෂාව හේතුවෙනි. මෙවන් වූ අවිනිශ්චිත කාලපරිච්ෙඡ්දයක සිය වෘත්තීයේ අනාගතය ගැන කතා කිරීමට ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප‍්‍රනාන්දු අප හා සම්බන්ධ විය.

 
 කොහොමද රොෂාන්?
 
 හොඳයි කියන්නත් බැහැ. ඉක්මනින් මේ තත්ත්වය දුරුවේවා කියලා හිතමින් නිවෙසට වෙලා ඉන්නවා. ගායික ගායිකාවන්ගේ season එක තමා අපේ‍්‍රල් කියන්නේ. ඒක එහෙම්පිටින්ම හේදිලා ගියා.
 
 කවදාද අන්තිමයට show එකක් චක්හ කළේ?
 
 මාර්තු දහතුන.ඒකත් නවත්වන්න වුණා.
 
 ෆ්ලෑෂ්බෑක් කියන්නේ ආයතනයක් විදිහට පවතින තැනක්. මේ තත්ත්වය මත කොහොමද ඔබ අනිත් අයට පඩිනඩි ගෙව්වේ?
 
 මම දන්නේ නැහැ අනෙක් කණ්ඩායම්වල කොහොම කළාද කියලා. අපි අපේ පිරිසට ජීවන වියදම දුන්නා. හැබැයි හැමදාමත් ඒක කරන්න බැහැනේ, අපිත් දුවන්නේ ප‍්‍රසංග වලින්නේ.
 
 රජයෙන් ඔබලාට මොනවා හෝ සහනයක් ලැබුණද?
 
Leasing ගෙවන එක මාස හයකට කල්දැම්මානේ. ඒක මේ වෙලාවේ කරපු ලොකුම උදව්වක්. ඒ වගේම අපට ණය සහනයක් දෙනවා කියනවා. ඒකත් මේ වෙලාවේ වටිනවා.
 
 ප‍්‍රසංග වේදිකාවෙන් යැපෙන්නන්ගේ යම් එකමුතුවක් තිබුණානම් හොඳයි නේද මේ වෙලාවේ?
 
 අපි ඔය ගැන කොච්චර කතා කළාද? කෝ කවුරුවත් එකතු වෙන්නේ නැහැනේ. හැම කෙනාම තම තමන් ගැන විතරක් හිතලා තමයි ජීවත් වෙන්නේ. හරිම අමාරුයි සංවිධාන ගත කරන්න. මේ වෙලාවේ ඒ වගේ දෙයක් තිබුණානම් ගිහින් කතා කරන්න හරි තිබුණානේ...
 
 ඔබ ගාව මොනවා හරි යෝජනා තියනවාද හැමෝම වෙනුවෙන් ඉදිරිපත් කරන්න?
 
 ඔව් තියනවා. Shows cancel වෙලානේ තියෙන්නේ. ඒක සාධාරණයි. මොකද මිනිස්සු එක රැුස් වෙන්න බෑ මේ වෙලාවේ. හරි... ඒකටත් විකල්පයක් තියනවා. අපේ කණ්ඩායම්වල කොල්ලො කෙල්ලෝ ගෙදර මේ වෙලාවේ. ගායක ගායිකාවොත් එහෙමයි. මෙන්න මේ දේ කරන්නකො. අපේ රාජ්‍ය නාළිකා දෙකක් තියනවානේ. ඒවා මගින් සති අන්තයේ show දෙකක් සංවිධානය කරන්න. ඒකට සංගීත කණ්ඩායම් දෙකක් ගෙන්වාගත හැකියි. ගායක ගායිකාවනුත් ගෙන්වන්න පුළුවන්. ඒ සඳහා රාජ්‍ය ආයතනයක අනුග‍්‍රහයක් ගන්න බැරිකමක් නැහැනේ. එතකොට සුළු මුදලක් ගෙවන්න පුළුවන් අර එන ශිල්පීන්ටයි සංගීත කණ්ඩායමටයි. එතකොට ඒ මුදලින් ගෙදරට බඩු මල්ලක් හරි ඔවුන් ගනියි නේද?...
 
 ෆ්ලෑෂ්බෑක් පටන් අරන් කොපමණ කල්ද?
 
 අවුරුදු විසි නවයක්.
 
 කණ්ඩායමේ ඉදිරිය මොනවගේ වේවිද?
 
 අපි එන කාලේ ප‍්‍රසංග වේදිකාව අමුතුම තැනක්. හරිම ඝෝෂාකාරී සංගීත හඬවල් ඇසෙන කුණුහරුප කියන තත්ත්වයක් තිබුණේ. ගෑනු ළමයෙක්වත් එක්ක යන්න බැහැ. අපි ඒ තත්ත්වය වෙනස් කළා. අපේ ගීත, අපේ ඇඳුම් style එක, ප‍්‍රසංග වේදිකාවේ හැසිරීම වගේ දේවලින් තමා ඒ වෙනස කළේ. විඳින්න පුළුවන් show ගීත කලාව ප‍්‍රසංග වේදිකාවට හඳුන්වා දුන්නේ අපි. ඒ වගේම විනය. ෆ්ලෑෂ්බෑක් show එකක් ඉවර වුණගමන් අපි නරඹන්නන්ට කියනවා ඔබේ ළඟ තියන toffee  කොළය ඇහිඳින්න කියලා. මිනිස්සු ඒක කළා. හොඳ පුරුදු පවා අපි කිව්වා. විශේෂයෙන් ළමයින්ට. ඒක නිසා තමයි ෆ්ලෑෂ්බෑක් show එකක් තියනවා කිව්වාම පවුල් පිටින් එන්නේ. ඉදිරියේදිත් එලෙසම අපි ඒ හැදියාවෙන් යුතුව ක‍්‍රියා කරාවි.