නිර්නාමික කණ්ඩායමක් එක්ක රයිනි

‘පහසක’
මැයි 14, 2020

ගොඩක් මගේ රසිකයෝ මගෙන් අලූ‍ත් ගීතයක් ඉල්ලූ‍වා. ඒ නිසා මේකට ඉතා හොඳ විවිධාකාර ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා

මේ දිනවල "Voice of Sri Lanka˜ වැඩසටහනෙන් කාගෙත් ජනාදරයට පත් තාරකාවක් තමයි කෝච් රයිනි. එහෙමත් නැතිනම් රයිනි චාරුකා ගුණතිලක. ගායන තාරකා ද්විත්වයක මාපිය පහස ලබමින් ක්ෂේත‍්‍රයට පියනඟා තමන්ට ආවේනික වුණු හඬ පෞරුෂය භාවිත කරමින් රසික සිත් වසඟයට ගන්නට සේම ලාංකේය ගීත කලාවට නව ආරක් මුසු කිරීමට ඇය සමත් වුණා. පස් වසරකට පසුව නැවතත් රයිනි නව ගීත නිර්මාණයක් රසිකයන් වෙත ලබාදී අවසන්. මේ ඒ පිළිබඳ රයිනි චාරුකා සමඟ කළ පිළිසඳරයි.

රයිනි මොකද්ද මේ ”‍පහසක්”‍ කියන්නේ?

”‍පහසක්”‍ කියන්නේ මගේ අලූ‍ත්ම සිංදුව. 2013දී මම ලංකාවට ආවාම මගේ ඥාති සහෝදරයෙක් වෙනත් කණ්ඩායමකට ගීතයක් කරලා තිබුණා. ඒ සිංදුවේ පැකදාහ එක හරි වෙනස්. ඒ නිසා මට ඒකට ආසා හිතුණා. මමත් ඒ සිංදුවට කැමැත්ත පළ කළා. පසුව මගේ ඥාති සහෝදරයා ඒ අදාළ කණ්ඩායමෙන් අහලා මාස කීපයක් යද්දි මේ සිංදුව කරමු කියලා ආරාධනා කළා.

”‍පහසක්”‍ ගීතයේ විශේෂත්වය මොකක්ද?

සාමාන්‍යයෙන් මට සිංදු ගොඩක් කරන්න ආරාධනා ලැබෙනවා. ඒත් මගේම කියලා සිංදුවක් කරද්දි මම ඒ සිංදුවට කැමති නම් විතරයි කරන්නේ. මේ සිංදුව අහපු ගමන් මට ආසා හිතුණා. 2017 දී මේ සිංදුව voice  කළා. පසුව නැවත නැවත සංස්කරණ කටයුතු සඳහා කාලය ගත වුණා. video එකක් කරන්න අපි උත්සාහ කළා. ඒ සඳහා ටිකක් කාලය වැය වුණා. මම හිතුවා පෙබරවාරි මාසේදී මේ සිංදුව release කරනවා කියලා. මගේ ගීතවල රෙගේ ශෛලිය සුලභයි. මොකද මගේ කටහඬත් ඒ ශෛලියට සමගාමී කියලා හිතෙන නිසා මම කලින් කියපු ගීත බහුතරයක් රෙගේ ශෛලියට සමීපයි. නමුත් මේ ගීතයේ විශේෂත්වය මේක වෙනම ශානරයක්. වෙනස් අත්දැකීමක්.

”‍පහසක්”‍හී නිර්මාණ කාර්යභාර්ය කළ පිරිස ගැනත් කතා කරමු?

මේ සියල්ලම කළේ එකම පිරිසක්. එයාලාpop punk” ඒ අය නම් ගම් 
හෙළි කරන්න අකමැති නිර්නාමික කණ්ඩායමක්. ඒ අය ප‍්‍රසිද්ධියේ පෙනී ඉන්නේ නැහැ. නමුත් ඉතාම දක්ෂ පිරිසක්.

කොහොමද අලූ‍ත් ගීතයට ලැබෙන ප‍්‍රතිචාර?

ඉතාම හොඳ ප‍්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මොකද මම 2015 සිංදුවක් කළාට පසුවයි මේ ගීතයක් කරන්නේ. ගොඩක් මගේ රසිකයෝ මගෙන් අලූ‍ත් ගීතයක් ඉල්ලූ‍වා. ඒ නිසා මේකට ඉතා හොඳ විවිධාකාර ප‍්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ඔබේ පියා වන රූකාන්ත ගුණතිලකයන් සමඟ ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

බලාපොරොත්තුවක් තියෙනවා. තාත්තා මගේ නිර්මාණයකට දායක වුණේ නැහැ වසර ගණනාවකින්. 2010දී ”‍නීල කඳුගැටේ”‍ ගීතයෙන් පසුව තාත්තා එක්ක ගීත නිර්මාණයක් කරන්න බැරි වුණා. ඉදිරියේදි තාත්තා එක්ක ගීත දෙකක්වත් කරන්න බලාපොරොත්තු වෙනවා.

රයිනි කාලයක් විදේශගත වෙලා හිටියා. ජාත්‍යන්තරයත් එක්ක බලද්දි ලංකාවේ සංගීතය ගැන මොකද හිතෙන්නේ?

මට පොඩි කාලේ music ඉගෙනගන්න හරි ගුරුවරයෙක් හොයාගන්න අවුරුදු දහයක් විතර ගියා. ඒ කාලය තුළ සංගීත පංති අටකට විතර ගිහින් තියෙනවා. එතකොට ලංකාවේ  Art Schoolතිබුණේ නැහැ. මම ඇමරිකාවට යනකොට වයසින් ටිකක් වැඩි නිසා සංගීතයට තිබුණු උනන්දුව අඩු වුණා. ජාත්‍යන්තරයත් එක්ක බලනකොට මම දකින් ලොකුම අඩුව තමයි ලංකාවේ සංගීතය පිළිබඳ නිසි මඟපෙන්වීමක්, අධ්‍යාපනයක් නැතිකම. තමන්ට ගැලපෙන ශෛලියෙන් හරියාකාරව සංගීතය ඉගෙනගන්න ක‍්‍රමවේදයක් ලංකාවේ නැහැ. නමුත් දැන් ප‍්‍රවණතාවක් විදිහට Vocal School බිහි වෙලා තියෙනවා ක්ෂේත‍්‍රයේ දක්ෂ ගායක ගායිකාවන්ගේ ප‍්‍රධානත්වයෙන්. ඒ තුළින් දක්ෂ පරපුරක් බිහි වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.


රයිනි Hit Character එකෙක් වෙන්නේ අම්මගෙයි තාත්තාගෙයි ප‍්‍රසිද්ධිය නිසාද? නැත්නම් ඔබේ හැකියාව නිසාද?

හැමදේම හේතු වෙන්න ඇති. රසිකයෝ මගේ ගීතවල රසය නොදන්නා කාලයක මම ක්ෂේත‍්‍රයට එන්නේ අම්මා තාත්තා නිසා. වෙන අය ක්ෂේත‍්‍රයට පාලම හදාගෙන එද්දි එයාලා මාව පාලම උඩ තියලා අනිත් පැත්තට යන්න කිව්වා. එහෙමයි කියලා හැමදාම මම රූකාන්තගෙයි චන්ද්‍රලේඛාගෙයි දුව කියලා ක්ෂේත‍්‍රයේ ඉන්න බැහැ. එහෙම ඉන්නකොට පැවැත්මක් නැහැ. ඕනේ කෙනෙකුට ඇවිත් සිංදු කියන්න පුළුවන්. ඊටපස්සේ ජනප‍්‍රියත්වය දිගටම තියාගන්න ඕනේ. ඒකට තමන්ගේ කියලා නිර්මාණ තියෙන්න ඕනේ.

රූකාන්තගෙයි චන්ද්‍රලේඛාගෙයි දුව නොවුණා නම් රයිනි කවුරු වෙයිද?

දෙමවුපියො ඵමිසජ කරන නිසා වෙන්නැති මට ගීත ගයන්න පුළුවන් වුණේ. ඒ අය නිසා මගේ ඇෙඟ් පමිසජ තියෙන්න ඇති. මම රූකාන්තගෙයි චන්ද්‍රලේඛාගෙයි දුව නිවුණා නම් එක්කො ගුවන් නියමුවරියක් වෙයි. එහෙම නැත්නම් විද්‍යාඥවරියක් වෙයි.