සංගමයකට හැමදේම කරන්න බෑ

ගායක ගායිකා සංගමයේ සභාපති ජානක වික‍්‍රමසිංහ
මැයි 14, 2020


 ”‍වෙනදා මේ වගේ ව්‍යසනවලදි, ඔය සුනාමි, ගංවතුර වගේ ආවාම අපේ ගායකගායිකා සංගමයේ උදවිය නිකම් හිටියේ නැහැ. යුහුසුළුව හැමෝටම උදවු කළා. ඒත් මේ වෙලාවේ මොකවත් කරන්න එළියටවත් බහින්නේ කොහොමද?.. ”‍
 
 එහෙම කතාව පටන් ගත්තේ ඔබේ හද බැඳි ගායනවේදී ජානක වික‍්‍රමසිංහ. ඔහු තමයි ගායක ගායිකා සංගමයේ වත්මන් සභාපතිවරයා.මේ වෙලාවේ ජානකට ලොකු වගකීමක් තියනවා තමන්ගේ සහෘදයින් වෙනුවෙන් කරන්න.

 
 එහෙම නේද ජානක?
 
 අපි අර්බුදකාරී අවස්ථාවල නිවෙස්වලට වෙලා හිටපු අය නෙවෙයි. පොදි බැඳගෙන ගිහින් උදව් කළේ. ඒත් මේ වෙලාවේ අපේ සංගමය එක තැනකට රැුස් කරගන්නවත් බැරි වුණා. ඒක පොදු තත්ත්වයක්නේ. කොහොම වුණත් අපේ අරමුදලක් තියනවා. ඒ කමිටුවේ හිටපු සභාපති කීර්ති පැස්කුවල් ඇතුළු දසදෙනෙක් ඉන්නවා. අපි තීරණය කළා ඒ අරමුදලෙන් සහ තව ණයක් මගින් ගත්තු මුදලකින් රුපියල් දසදහස බැගින් ගායක ගායිකාවන්ට දෙන්න. මේ වෙනුවෙන් අපේ සංගමයේ නීති රීති ලිහිල් කරන්නත් වුණා. මෙයත් එක්කම අපි බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමන් හරහා රජයට යොජනාවක් ඉදිරිපත් කළා ගායක ගායිකාවන්ට ජීවත් වීම සඳහා රුපියල් ලක්ෂයක ණයක් දෙන්න කියලා. අති විශාල සංඛ්‍යාවක් මේ ක්ෂේත‍්‍රය නිසා යැපෙනවා. මේ හැමෝම රජයට බරක් නැති අහිංසක දුක් විඳින කලාකරුවෝ.
 
 කවදා විතරද මේ ණය ලැබෙන්නේ?
 
 අපි සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වූවා. ජනමාධ්‍ය අමත්‍යංශයේ මාධ්‍ය ලේකම් මහේෂ් වික‍්‍රම මහත්මයා සමඟ. අන්තිම සාකච්ඡුාවට මහජන බැංකුවේ සභාපතිවරයාත් ආවා. කැබිනට් පත‍්‍රිකාවක් දක්වා මේක ගිහින් තියෙන්නේ. එය අනුමත වූ විගසම මෙය ලැබේවි.
 
 අවස්ථා කිහිපයකදිම මෙවන් ව්‍යසන පැමිණියා. ඉදිරියේදිත් එන්න පුළුවන්. මේ තත්ත්වයන්ට මුහුණ දෙන්න මොනවා හරි සැලසුම් තියනවාද ගායක ගායිකා සංගමයේ?
 
 ඔය ප‍්‍රශ්නෙත් එක්ක මට කියන්න දෙයක් තියනවා. මෙවන් අර්බුද නැවත නැවත එන්න පුළුවන්.හැබැයි එහෙම වුණා කියලා හැමදාම අපිට සංගමයෙන් දහදාහක් දෙන්න බැහැනේ. ියදඅ එකක් කරලා දෙන්නම් කියලා ණයක් අරන් තමා මේ දහදාහත් දුන්නේ. මේ වෙලාවේ අපේ ගායක ගායිකාවන්ට අර පන්දාහේ දීමනාවත් වටිනවා. හැබැයි කිසිම ග‍්‍රාමසේවක කෙනෙක් අහනවාද ගායකයෙකුගෙන් හෝ ගායිකාවන්ගෙන් පන්දාහ ඕනෙද කියලා. බොහොම ගෞරවණීය ලෙස ගෙදරට ගෙනත් දුන්නොත් නොගෙන ඉන්නෙත් නැහැනේ. මම මට ඉල්ලනවා නෙවෙයි, වරදවා තේරුම් ගන්න එපා. කලාකරුවෝ කියන්නේ කාටවත් බරක් නැති පිරිසක්. ඒ අයට පන්දාහක් ගන්න පෝලිම් වල ඉන්න පුලූ‍වන්ද. අපේ ගායක ගායිකාවො ඉන්නවා බොහොම අරපිරිමැස්මෙන් ජීවත් වෙන. එයාලාට නෙවේ, පන්දාහත් නැතුව ඉන්නවා බොහෝ දෙනෙක්. ඔබ අහපු දෙයට ඌණපූර්ණයක් සැපයුවොත් මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීමේදී හැමෝටම වගකීමක් තියනවා. සංගමයකින් හැමතිස්සෙම හැමදෙයක්ම කරන්න බැහැ.