කළිඳු කරුණාරත්න මනීෂා චංචලා සමඟ ආදර කතාවක

මැයි 28, 2020

අද දෙරණ 6.55 ප‍්‍රධාන පුවත් විකාශය නරඹන ඔබට කළිඳු කරුණාරත්නගේ රුව කිසිසේත්ම නුහුරු නැහැ. යොවුන් සන්නිවේදකයකු ලෙසින් ඔහු සිය වගකීම බොහොම අපූරුවට ඉටු කරනවා. මේ කියන්න හදන කතාවේ කොල්ලා තමා ඔහු. තවත් විදිහකින් කිව්වොත් පෙම්වතා. එතකොට පෙම්වතිය කවුද..?

ඉන්න එයාවත් හඳුන්වා දෙන්නම්. හැබැයි රුව දුටු පමණින් ඇයවත් ඔබ මේ වනවිටත් හඳුනාගෙන ඇති. සිª නාට්‍යයේ තෙරුණි විදිහට ඇය රඟපෑ නිසා ඇගේ සැබෑ නම යටපත් වෙලා. තෙරුණි කියලා තමයි හැමෝම අමතන්නේ. ඒත් අපේ යුතුකම මනීශා චංචලා කියන හැබෑ නමින් ඔබට ඇය හඳුන්වා දීම. ඔන්න දැන් හරි. පෙම්වතා කළිඳු.පෙම්වතිය මනීශා. ඔවුන්ගේ සැබෑ ජීවිතයේ ලියැවෙන ඒ ආදර කතාව තමයි මේ...

කළිඳු, ඔබ තමයි මනීශාට ආදරය ප‍්‍රකාශ කරන්නේ. කොහොමද ඒ කතාව පටන් ගත්තේ?

අපි දෙරණෙදි මුණගැහෙනවා නිතරම වාගේ. වැඩවලට ඇය එනවා යනවානේ. ඔහොම හමුවෙන වෙලාවලදී අපි කතාබහ කළා. ඒවා බොහොම සාමාන්‍ය අදහස් බෙදාගැනීම්. ටික කලක් ඔහොම ඇසුරු කළා. එක්තරා විශේෂ අවස්ථාවකදී ඇයව මුණගැසුනායින් අනතුරුව අපි නෙවේ මම ටිකක් වැඩිපුර කතා කළා. තවත් ළංවුණා. ඔය අතරේ තමයි මම ඇයට ආදරේ ප‍්‍රකාශ කරන්නේ.

ඔබ සිත ඇයට ළං වීමට විශේෂ හේතුවක් තිබුණද?

ඇය ඉතාම චාම් කෙනෙක්. ඒ සරල ගතියට මම ගොඩක් ප‍්‍රිය කළා.

මනීශා, කළිඳු කැමතිද ඔබ දිගටම රංගනයේ නියැලෙනවට?

ඔව්.අපි දෙන්න හරිම අවබෝධයෙන් ඉන්නේ. වෙලාවකට එයා මටත් වඩා කාර්යබහුලයි. මොකද කළිඳු ප‍්‍රවෘත්ති නිවේදකයෙක්. call එකක් ආව පරක්කුවෙන් එයා යන්න බැඳිලා ඉන්නවා. මම ඒ ගැන දන්නවා. මම ඔහුගේ වැඩවලට උපරිම සහයෝගය දෙනවා වගේම තමා මටත් කළිඳු දෙන සහාය. හැබැයි මගේ අදහස රංගනයට වඩා වැඩිබරක් ගායනය පැත්තට දෙන්න. මාව මුලින්ම හඳුනගත්තේ දෙරණ Little star වලින්. පස්සෙනේ රංගනයට ආවේ.

දෙන්නා විවාහ ගිවිස ගත්තාද?

තවම නැහැ.

කවදාද විවාහා වෙන්න හිතාගෙන ඉන්නේ?

තවම ඒ ගැනත් plan එකක් නැහැ. මේ කාලයෙන් පස්සේ ඒවා ඔක්කෝම settle කරගන්නවා.

කළිඳු,ඔබේ වෘත්තීය ජීවිතය නිසා ඔබ දෙපොළ සැලසුම් කරගෙන හිටපු වැඩ කඩාකප්පල් වෙනවා කියලා ආරංච්චියි?

ඔව්. මේ plan කරගෙන ඉන්නවා. එතකොටම වැඩට යන්න වෙනවා. මනීශාගේ ගම නුවරනේ. අපි නුවර යන්න දාගෙන හිටපු අවස්ථා බොහොමයක් කල් දාගන්න වුණා හදිස්සියෙන් වැටෙන මගේ වෘත්තීය රාජකාරි නිසා. ඒත් මනීශා මාර විදිහට ඒ හැම අවස්තාවක්ම මනාව තේරුම් ගත්තා. ඒ වගේම මට ගුණදොස් මුළින්ම දෙන්නෙත් ඇය. මම පොඞ්ඩක් කලබලෙන් ප‍්‍රවෘත්ති කිව්වොත් ටක්ගාලා කියනවා ඔයා අද tension එකෙන් නේද News කිව්වේ කියලා.

කළිඳුට වෙන channel වලින් Offer ආවේ නැද්ද?

එහෙම දුරකතන ඇමතුම් මාර්ගයෙන් යම්‍ යම් ආරාධනා ලැබුණා. නමුත් මම මගේ ගමන දෙරණත් එක්ක යන්න හිත හදාගෙන ඉවරයි.