මම කවදහරි මැරෙන්නෙත් වේදිකාව උඩ

උමාරියා සිංහවංශ
ජුනි 25, 2020

භාතිය සහ සන්තුෂ් සමඟ එක් වෙමින් තම සුමියුරු හඬින් රසිකයන් වසඟයට ගත් සූරුපිණියකි. 

 සුවිසල් පරාසයක විහිදී යන තම හඬ පෞරුෂය භාවිතයෙන් ප්‍රේක්ෂකාගාරය තම හඬට නතු කරගන්නටත් ලාංකේය ගායන ක්ෂේත්‍රයට වෙනස් ආරක හඬක් එක් කරන්නටත් සමත් වූයේ ද ඇය ය. ඇය නමින් උමාරියා සිංහවංශ. මේ සරසවිය ඇය සමඟ කළ කතාබහයි.

මේ දවස්වල උමාරියාගේ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතුව මුලින්ම අපි මේ කතාව පටන් ගමු?

මම අලුත් ගීතයක් කළා. ඒක එළිදක්වන්න තිබුණේ මැයි මාසයේ. මේ කොරෝනා වසංගතයත් ගීතයේ අනෙකුත් වැඩකටයුතු කරගන්න බැරි වුණා. දැන් නැවත ඒ එක්ක වැඩ පටන් අරගෙන තියෙන්නේ. තව සතියකින් විතර රූපරචනාවත් එක්කම අලුත් ගීතය බලාගන්න පුළුවන් වෙයි. 

අලුත් ගීතය ගැන විස්තර කළොත්?

ඒ ගීතය ගොඩක් වෙනස්. ඒක හාත්පසින්ම වෙනස් අත්දැකීමක් වෙයි. මම ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්නේ. ඒකට මගේ රසිකයෝ මොනවා කියයිද දන්නේ නැහැ. ඒක කලාව ගැන හිතලා කරපු රූපරචනයක්. ගීතය ජධථනධඵඥ කළේ මගේ සැමියා දිමිත්‍රි ෆොන්සේකා. ඒක ජධථථඥපජඪචත ගීතයක්. මම මීට කලින් කියලා නැති ශානරයක ගීතයක්. 

උමාරියා ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කල්ද?

මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු පහළොවක්. 

මේ අවුරුදු පහළොව දිහා ආපසු හැරිලා බලනකොට මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. මොකද මම තවම ගෙවමින් ඉන්නේ ජීවිතයේ දෙවැනි දශකයේ. මේ කාලයේදි මම ගොඩක් දේවල් ළඟා කරගෙන තියෙනවා. කාටවත් හානියක් නොකර,කාටවත් වරදක් නොකර, කාගෙවත් හිත රිද්දන්නේ නැතුව මම මගේ ගමන ආවා. 

ඔබ ක්ෂේත්‍රයට එන්නේ භාතිය සහ සන්තුෂ් දෙපළ සමඟ. ඔබ දීර්ඝ කාලයක් ඔවුන් සමඟ වැඩ කරනවා. කණ්ඩායමක් ලෙස වැඩ කරද්දි භාතිය සහ සන්තුෂ්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මම අවුරුදු පහළොවක් භාතිය සහ සන්තුෂ් සමඟ වැඩ කරනවා. මම ඒ කාලේ සංගීතය නෙමෙයි කරන්න හිටියේ. මට සංගීතයෙන් ඉදිරියට යන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම ව්‍යාපාර හා අලෙවි ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්නයි හිතාගෙන හිටියේ. ඒ වගේ කාලයක තමයි මට භාතිය සහ සන්තුෂ් සමඟ වැඩ කරන්න ලැබෙන්නේ. අවුරුදු 14ක පොඩි ළමයෙක් වුණු මම භාතිය සන්තුෂ් හරහා ක්ෂේත්‍රයට එනවා. අවුරුදු 15ක් එයාලත් එක්ක වැඩ කරනවා. ඒ දෙන්නා මගෙම අයියලා දෙන්නා වගේ. අපි එකම පවුලක් විදිහට වැඩ කරන්නේ. අපි එකට අඬනවා, එකට හිනා වෙනවා, එකට රණ්ඩු වෙනවා. මේ හැමදේම එක්ක තමයි අපි වැඩ කරන්නේ. මගේ ජීවිතයේ ඉදිරියට එන්න ඔවුන් ලබාදුන් ගුරුහරුකම් කියලා නිම කරන්න බැහැ. 

පණ්ඩිත් අමරදේවයන් වගේ ක්ෂේත්‍රයේ දැවැන්ත පෞරුෂ සමඟ උමාරියා ගීත ගායනා කළා. ඒ වගේ විශාරද මට්ටමේ ප්‍රවීණයෙක් සමඟ නැවත ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

බලාපොරොත්තුවක් තියෙනවා. මට ගොඩක් ලොකු ආසාවක් තිබුණා රෝහණ වීරසිංහ මහත්මයා එක්ක වැඩ කරන්න. මම ඔහු සමඟ වැඩ කළා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එක්ක මම වැඩ කළා. ඉදිරියටත් ඒ වගේ ජ්‍යෙෂ්ඨයන් එක්ක වැඩ කරන්න ආසයි. ප්‍රවීණ කලාකාරයෝ විතරක් නෙමෙයි මම කැමතියි දක්ෂ අලුත් පරපුරෙන් එන අයත් එක්කත් වැඩ කරන්න. 

සිංහල සිනමාව තුළ ඉදිරියටත් අපිට උමාරියාගේ කටහඬ ඇහෙයිද?

මට හොඳ නිර්මාණ ආවොත් අනිවාර්යයෙන් කරනවා. මගේ කටහඬට ගැළපෙනවා කියලා හිතෙනවා නම් මම සිනමා ගීතවලට දායකත්වය ලබදෙනවා. මම කැමතියි වෙනස් දේවල් කරන්න. 

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ වෙනස් විය යුතු තැන් මොනවාද?

මේ දවස්වල හැමෝම කතාබහ කරනවා කලා නිර්මාණවල අයිතිය (බුද්ධිමය දේපළවල අයිතිය) ගැන. අපි කරන නිර්මාණවලට කිසිම ඵඥජභපඪබර එකක් නැහැ. ඒ සම්බන්ධයෙන් නීති තිබුණාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ අඩුවෙන්. ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕනේම ක්ෂේත්‍රයක එකිනෙකාට මීට වඩා උදවු කරගන්න 

ඕනේ. විශේෂයෙන් කාන්තාවන් අනිත් කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. 

ලංකාවේ ගායිකාවන් ඉන්නේ කීපදෙනෙක් පමණයි. ඒ අතරිනුත් බහුතරය පැරණි ගායිකාවෝ. තරුණ කාන්තා කටහඬවල් ක්ෂේත්‍රයේ අඩු ඇයි?

ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන විදිහට ගායනයට ඉතාම දක්ෂ තරුණියන් ඉන්නවා. ඒත් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන්නේ තරුණ ගායකයන් විතරයි. කුමක් හෝ හේතුවක් නිසා ගැහැනු අයගේ දක්ෂතා යටපත් වෙලා යනවා. සමහර විට තරුණියන්ට ක්ෂේත්‍රයට එන්න ඒතරම් උනන්දුවක් නැතුව ඇති. එහෙම නැතිනම් ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැතුව ඇති. ගැහැනු පිරිමි භේදයත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්. අපේ රටේ දක්ෂතා තියෙන තරුණයෝ ගොඩක් ඉන්නවා. සනුක වික්‍රමසිංහ, දනිත් ශ්‍රී හොඳ උදාහරණ. ගෑනු                   ළමයින්ටත් එළියට එන්න දැන් වෙලාව හරි. හොඳ නිර්මාණවලින් ක්ෂේත්‍රයට එන්න කියලා මම ඔවුන්ට ආරාධනා කරනවා. 

මෙහෙම ගිහින් ජනප්‍රියත්වය නැති වුණු දවසක උමාරියාත් සංගීත නිකේතනයක් පටන් ගනීවිද?

කවදාවත් එහෙම වෙන එකක් නැහැ. මම කවදාහරි මැරෙන්නෙත් වේදිකාව උඩ. සංගීතයත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. නිදි වරාගෙන, උගුර රිදෙනකන් පුහුණුවීම් කරනවා. මම කවදාවත් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නේ නැහැ. මගේ සැමියාත් ඒකට කැමති වෙන එකක් නැහැ. මගේ ජීවිතයේ හීන තියෙනවා. තවම ඒ හීනවලින් යථාර්ථයක් වෙලා තියෙන්නේ ටිකයි. අදටත් මහන්සි වෙන්නේ ක්ෂේත්‍රය වෙනුවෙන්. කවදාහරි මැරෙන්නෙත් සංගීතය වෙනුවෙන් කැපවෙලා