තරුණයෝ චිත්‍රපට හදන්නේ මිනිස්සුන්ට නෙමෙයි සම්මානවලට

ලක්‍සිරි වික්‍රමගේ
ජූලි 16, 2020

 

"මිනිස්සු ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඒ ප්‍රශ්නවලින් මිදිලා වෙන ලෝකයකට යන්නයි චිත්‍රපටි බලන්නේ. ඒත් දැන් හැදෙන්නේ මිනිස්සුන්ට තවත් ප්‍රශ්න පත්තර වෙන චිත්‍රපටි" ඒ වත්මන් සිනමාව පිළිබඳව ඔහුගේ කියවීමයි. සිනමාවෙන් මිනිසුන් ටිකෙන් ටික ඈත් වෙමින් පැවතුණු යුගයක, සාම්ප්‍රදායික රූපවාහිනී සංස්කෘතිය වෙනස් කරමින් නවමු ටෙලිවිෂන් අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබාදීමට නියමුවකු වූයේ ඔහුයි. නව වැඩසටහන් සංකල්ප නිර්මාණය කරමින් පවුලේ සැම නැවතත් රූපවාහිනිය වටා රොක් කිරීමට ප්‍රමුඛයකු වූයේ ඔහුයි. හෙතෙම දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්‍සිරි වික්‍රමගේය. බයිස්කෝප් පිස්සුව ඉහට ගැසූ තරුණ වියක් හිමි ඔහුට වර්තමාන සිනමාව පිළිබඳව විවේචන බොහෝය. කලාව පිළිබඳව, කලාව ජීවිතයට කළ බලපෑම පිළිබදව, කලාවේ නවමානයන් පිළිබඳව ඔහු අපට පැවසූයේ මෙසේය.

මේ කතාව අපි ඉස්කෝලෙන්ම පටන්ගමු. ඉස්කෝලේ යන කාලේ සෞන්දර්යය කියලා විෂයක් හැදෑරුවාද?

පොඩි කාලේ සංගීතය කළා. නැටුම් විෂයත් හැදෑරුවා. මම පොඩි කාලේ ගියේ කොල්ලුපිටියේ ශාන්ත තෝමස් ප්‍රාථමික පාසලට. පාසලේ සංගීත කණ්ඩායමේ මම හිටියා. එතකොට අපේ සංගීත ගුරුවරිය වුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ කලින් බිරිඳ අයිලින් සරච්චන්ද්‍ර. ඊට පසුව මම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට අධ්‍යාපනය හදාරන්න යනවා. ත්‍රිත්ව විද්‍යාලයේදීත් මම වේදිකා නාට්‍යවල රඟපෑවා. පාසල් නාට්‍ය තරගවලින් හොඳම නළුවා සම්මානයත් අරන් තියෙනවා. මම ඉගෙන ගත්තේ විද්‍යා විෂයන්. ඒත් ඉස්කෝලේ ඉගෙන ගත්තාට වඩා කළේ වෙනත් බාහිර වැඩ කරපු එක.

ඉස්සෙල්ලාම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකද?

අවුරුදු තුනේදි මම ඉස්සෙල්ලාම චිත්‍රපටයක් බැලුවේ. අපේ ගෙදර අම්මයි අප්පච්චියි වැඩට යන නිසා අපේ ගෙදර හිටියා වැඩ කරන කෙනෙක් නන්දසේන කියලා. එයා මාව අම්මලාට හොරෙන් ෆිල්ම් බලන්න එක්කන් ගියා. මම ඉස්සෙල්ලාම බැලුවේ "දීපසිකා". ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා කටු ගාලක වාඩිවෙලා ඉන්නකොට කූඹි කාලා එයාගේ කලිසම ගලවනවා. ඒ පොඩි වයසට මට ඒ දර්ශනය හොඳට මතක තිබුණා. "ප්‍රේමේ දීපෂිකා" සිංදුවත් මට හොඳට මතකයි. මගේ බාප්පා සිරිල් වික්‍රමගේ. බාප්පාත් මාව එක්කන් ගියා පොඩිකාලේ ෆිල්ම් බලන්න. කොම්පඤ්ඤ වීදියේ ඒ කාලේ තිබුණා රියෝ කියලා ෆිල්ම්හෝල් එකක්. ඒකේ මට මතකයි ඉස්කෝලෙන් එක්කන් ගිහින් "ච්ධජබධප ඤධ තඪබබතඥ" බැලුවා.

 

ඉස්කෝලෙන් කට්ටි පැන චිත්‍රපටි බලලා නැද්ද?

මම ඉස්කෝලේ හිටියේ හොස්ටල් එකේ. අපි ශිෂ්‍ය නායකයෝ නිසා අපිට අනිත් අයට වඩා යම් නිදහසක් තිබුණා. ඒ කාලේ නුවර සිනමාශාලා කීපයක් තිබුණා. වෙම්බ්ලි, වේල්ස්, රීගල්, ඕඩියන්, කටුගස්තොට - සීගිරි මේ හෝල් පහේම ෆිල්ම් බලලා තියෙනවා. එක අවුරුද්දක් තිබුණා මම ෆිල්ම් සීයක් බලපු. ඒ තරම් කට්ටි පැනලා ෆිල්ම් බලලා තියෙනවා. දර්ශන වාර තුනේම ෆිල්ම් තුනම බලපු දවස් තිබුණා. ඒ කාලේ පිස්සුවෙන් වගේ චිත්‍රපට බැලුවේ. යාලුවෝ අපි හැමෝම ගිහින් වාඩි වෙන්නේ ඵඥජධදඤ ජතචඵඵ එකේ. ටිකට් එක රුපියලයි සත විසිපහයි. ඒ වගේම අමතක නොකර හැම සතියකම මම සරසවිය පත්තරේ ගත්තා. ඒකේ සිනමා විචාරවලට නම් මම කැමති නැහැ. සරසවිය පත්තරේ ගිය "දුහුළු මලක්" චිත්‍රපටියේ පෝස්ටරේ මම කාමරේ බිත්තියේ ගහගෙන හිටියා.

මොනවද එහෙම ගිහින් බලපු චිත්‍රපටි?

සූරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, ටිකිරා, හුලවාලී වගේ සිංහල චිත්‍රපට බැලුවා. ඒ කාලේ ගොඩක් තිබුණේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, රෝයි ද සිල්වා, තිස්ස විජේසුරේන්‍ද්‍රලා ඉන්න ෆිල්ම්. ඒ වගේම ඉංග්‍රීසි චිත්‍රපටත් මම බැලුවා. "ඊධ ඵඪප ඹඪබඩ තධමඥ" චිත්‍රපටය මට හොඳට මතකයි. ඉන්පසුව ගුරුවරයෙක් මූලික කරගෙන හැදෙන හැම චිත්‍රපටයක්ම පාහේ "ඊධ ඵඪප ඹඪබඩ තධමඥ" ආශ්‍රයෙන් හැදුණු චිත්‍රපටි කිව්වොත් නිවැරදියි. ඒ වගේම ඹඥඵබඥපද ථභඵඪජචත ටඪතථඵවලට මම වැඩිපුර කැමැත්තක් දක්වනවා.

දෙතුන් වතාවක් බලපු චිත්‍රපට තියෙනවද?

දෙතුන් වතාවක් නෙමෙයි "තුෂාරා" මම එකොළොස් වතාවක් හෝල් එකේ බලලා තියෙනවා. “හතර දෙනාම සූරයෝ” හය වතාවක් විතර බැලුවා.

එහෙම ෆිල්ම් බලද්දි අමතක නොවන සිදුවීම් වෙලා තියෙනවාද?

ෆිල්ම්හෝල් එකේදි ඉස්කෝලේ ගුරුවරුන්ට නම් ඕනේ තරම් මාට්ටු වෙලා තියෙනවා. නමුත් අපි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ කාලේ ෆිල්ම් බලන එකට ලොකු වාරණ තිබුණේ නැහැ. රස්සාවල්වලට කොළඹ ඇවිත් කොල්ලො ටික එකට එක බෝඩිමේ ඉන්න කාලේ අපි රෑ 9.30 ඵඩධඹ එක බලන්න යනවා. "ච්ඥඥප ඩභදබඥප" කියන්නේ අපි එහෙම බලපු ෆිල්ම් එකක්. ඇමරිකානු තරුණයෝ පිරිසක් වියට්නාම් යුද්ධයට යන කතාවක් ඒ චිත්‍රපටයට තේමා වුණේ. ඒකේ එක දර්ශනයක් තියෙනවා තරුණයෝ පිරිස මුවෝ මරන්න ගිහින් එනකොට පාරේ කොහෙහරි වාහනේ නතර කළාම එක්කෙනෙක්ව දාලා කාර් එක අද්දලා යනවා. අපි චිත්‍රපටිය බලලා ඉවර වෙලා කඩෙන් කාලා යනකොට ඒ වගේම එක්කෙනෙක්ව දාලා ආවා.

යාළුවෝ එක්ක වේදිකා නාට්‍ය බලන්න ගියේ නැද්ද?

වේදිකා නාට්ටිත් බැලුවා. සුබ සහ යස, ජයන්ත චන්ද්‍රසිරිගේ නාට්‍ය එහෙම බලලා තියෙනවා. ඒත් මම වේදිකා නාට්‍යවලට වැඩිය ෆිල්ම්වලට තමයි කැමතිම.

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

ගාමිණී ෆොන්සේකා. ඒ කාලේ හිටපු අනිත් නළුවන්ටත් කැමතියි. මම කැමතිම ජනප්‍රිය සිනමාවට. හොලිවුඩ්වල හිටියා ක්‍රිස්ටෝපර් වෝගන් කියලා නළුවෙක්. එයාටත් මම කැමතියි.

විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

හැම ෆිල්ම් එකක්ම වගේ බලනකොට ඒකේ ඉන්න නිළිය විවාහ කරගන්න හිතෙනවා ඉස්සර. වැඩිපුරම හිතට වැදුණේ මාලනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, ස්වර්ණා කහවිට වගේ නිළියෝ. ඒ ආකර්ෂණය ඉතින් කෙටි කාලයයි.

කැමතිම සිංහල චිත්‍රපටය මොකක්ද?

චිත්‍රපටි ලෝකයට කැමති, ඒ කාලේ ඉඳන්ම චිත්‍රපටියක් හදන්න හිත හිතා ඉන්න කෙනෙක් විදිහට මම කැමතියි "හතරදෙනාම සූරයෝ" චිත්‍රපටියට. "දැන් මතකද" කියන ෆිල්ම් එකටත් කැමතියි. ඒකේ තමයි "හිස් ටින් එකක් වාගෙයි" සිංදුව තියෙන්නේ.

කැමතිම සිංහල චිත්‍රපටි ගීතය මොකක්ද?

කොයි යන්නේ බඳ නලවාලා, චන්දන ඇල්ලෙන් නාලා වගෙ සිංදුවලට ඒ කාලේ කැමැත්තෙන් හිටියා. "තරංගා" චිත්‍රපටයේ ඉන්‍ද්‍රානි පෙරේරායි දේවානන්ද වෛද්‍යසේකරයි කියන "පවන් සුසුම් දැලින් වෙලී" ගීතයට මම හරිම කැමතියි. මම කැමති දර්ශන තලයක ඒක රූගත කරලා තියෙන්නේ. ඒ වගේ හැඟීමක් වෙන ගීතවලින් මට ඇවිත් නැහැ.

අන්තිමටම බලපු චිත්‍රපටය මතකද?

මමත් දැන් හෝල් එකක චිත්‍රපට බලන්නේ අඩුවෙන්. මම කරන්නේ කැමති චිත්‍රපට නැවත නැවත බලන එක. මම අන්තිමටම බැලුවේ "ර්චථච ර්ඪරච" ටඪතථ එක ගිය සතිඅන්තයේ.

ඉන්දිය සිනමාවේ ඔබ කැමතිම දේවල් ගැන කතා කරමු?

මම කැමතිම හින්දි නළුවා රාජේෂ් ඛන්නා. ඒ කාලේ නිළිය ඉතින් ජයා බහදුරී තමයි. අභිමාන්, ගීත් වගේ ෆිල්ම්වලට තමයි කැමති. පසුකාලීනව අනූව දශකයේ බිහි වුණු හින්දි සිනමාවට මම කැමතියි. "කුච් කුච් හෝතාහේ", "කබි අල්විදා නාකෙහෙනා", "කබි කුෂි කබි ගම්" වගේ චිත්‍රපටිවලට මම කැමතියි. විශේෂයෙන් කරන් ජෝහාර්ගේ ඵබරතඥ එකට මම කැමතියි.

ඔබ විදේශ සරසවියක සිනමාව ගැන හදාරපු කෙනෙක්. ඒ ගැනත් කතා කරමු?

2010දී මම මෙල්බන් සරසවියේ සිනමාව ගැන පාඨමාලාවක් කළා. එහිදී මට ලෝක සිනමාව සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

ලංකාවේ සිනමාවේ පරිහානියට හේතුව මොකක්ද?

අපිට තියෙනවා බැරෑරුම් ප්‍රශ්නයක්. මෙල්බන් විශ්වවිද්‍යාලය ඇතුළු සිනමා විශ්වවිද්‍යාලවල උගන්වනවා ප්‍රධාන ධාරාවේ සිනමාව ගැන. නමුත් ලංකාවේ ගොඩක් උත්කර්ෂයට නංවන්නේ විකල්ප ධාරාව. අපේ අය ගොඩක් විකල්ප ධාරාව ඉගෙනගෙන ඒක හරි කියලා හිතනවා. එතකොට චිත්‍රපට කර්මාන්තයක් බිහිවෙන්නේ නැහැ. මේ ගැන හරියටම අර්ථකථනය කරලා තියෙනවා ජස්ටින් බෙලගමගේ. එයාගේ "සිනමා විශ්වකෝෂය" කියන පොතේ,

"මූලධාර සිනමාවේ පැවති ජනප්‍රිය ලක්ෂණවලින් පරිබාහිරව තමන්ට ආවේණික වූ නීති සමුදායකින් සැදුම් ලත් සමස්ත සිනමා ප්‍රේක්ෂක ජනතාවට නොව එයින් එක් කොටසකට පමණක් ගෝචර වන විෂය පථයන් ග්‍රහණය කරගනිමින් නිෂ්පාදනය වන සිනමාව විකල්ප ධාරාවේ සිනමාව නම් වේ" කියලා සඳහන් කරනවා. මේ විකල්ප ධාරාව අල්ලගෙන ෆිල්ම් හැදුවා කියලා ඒකෙන් කවදාවත් කර්මාන්තයක් ගොඩනඟන්න බැහැ. මගේ විෂය අලෙවිකරණය නිසා මම ඒ සම්බන්ධයෙන් දන්නවා. ඒ වගේම සිනමාව හදන්න රජය මැදිහත් වෙලා චිත්‍රපට සංස්ථාව පිහිටුවපු දවසේ ඉඳලා තියෙන්නේ සිනමාවේ පරිහානිය තමයි. මිනිස්සු බලන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්න බැහැ රජයකට. ඒකේ ප්‍රතිඵලය තමයි දැන් සිනමා තරු බිහි වෙන්නේ නැති එක. තරු බිහිවෙන සිනමාවක් දැන් නැහැ. අදටත් ලංකාවේ තරු ඉන්නවා. අපි ටෙලිවිෂන් එකේ තරු බිහි කරලා ඉවරයි. දැන් සිනමාව නැති නිසා තරු බිහි වෙන්නේ ටෙලිවිෂන් එකෙන්. අද සිනමාවට ඉන්න තරුව හේමාල් විතරයි.

ලෝක සිනමාව වැඩිදුර හදාරපු කෙනෙක් හැටියට ලංකාවේ සිනමාවේ හැදෙන්න ඕනේ කොතැනද?

ඒ ගැන පොතක් ලියන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් කලාත්මක සිනමාව කරන අය උත්සාහ කරනවා ආණ්ඩුව හරහා මිනිස්සුන්ගේ රසවින්දනයට බලපෑම් කරන්න. කවදාවත් මිනිස්සුන්ගේ රසවින්දනය අලුත් කරන්න බැහැ. රසවින්දනය කියන එක එන්නේ අපේ සංස්කෘතිය සහ සමාජ පරිසරයත් එක්ක. ඒ රසවින්දනයෙන් බැහැරවෙලා බටහිර පන්නයේ කලාත්මක සිනමා රසවින්දනයක්, වාමවාදී යටිපෙළක් කියවන්න පුළුවන් රසවින්දනයක් ජනතාවට බලෙන් පොවන්න ගිය නිසා තමයි ලංකාවේ සිනමාවට මෙහෙම වුණේ. ඒ වගේම සමූපකාර ක්‍රමයට සිනමාව බෙදාහරින්න බැහැ. තරගකාරී වෙන්න ඕනේ. රාජ්‍ය මැදිහත්වීමෙන් චිත්‍රපට සංස්ථාවක් පිහිටුවලා සමූපාකාර ක්‍රමයට චිත්‍රපට බෙදාහැරියාම වෙන්නේ මිනිස්සු ටිකෙන් ටික සිනමාවෙන් බැහැර වෙන එක. සිනමා මණ්ඩලවල ඉන්න ව්‍යාපාරික ඥානය තියෙන අයගේ තක්සේරුව අනුව තමයි මොකක්ද පෙන්නන්නේ කියලා තීරණය කරන්න ඕනේ. එහෙම තමයි සිනමා කර්මාන්තයක් බිහි වෙන්නේ. ඒ අය තමයි තක්සේරු කරන්නේ ජනකාන්ත සිනමාව මොකක්ද කියලා. ජනකාන්ත වෙන්නේ ජනප්‍රිය ධාරාවේ සිනමාව. අනිත් අය හැලෙනවා. ඒ හැලෙන අය එකතුවෙලා සංවිධාන පිහිටුවගෙන අපේ ෆිල්ම් එකත් පෙන්වන්න ඕනේ කිව්වාම චිත්‍රපටි පෝළිමක් හැදෙනවා. එහෙම වුණාම අද හදන චිත්‍රපටිය පෙන්නන්න වෙන්නේ අවුරුදු හතරකින්. එතකොට චිත්‍රපටයේ කාලීන බව නැති වෙලා. සිනමාව හරහායි ලෝකේ විලාසිතා නිර්මාණය වෙන්නේ, තරු හැදෙන්නේ.

හොඳ චිත්‍රපටයක් පරණ වෙලා පෙන්නුවාම ඒකේ තියෙන හැඟීම මිනිස්සුන්ට දැනෙන්නේ අඩුවෙන්. එහෙම වුණාම සිනමාශාලාවල මැස්සෝ ඇහිරෙනවා. එහෙම වුණාම වෙන්නේ සිනමාශාලාවල ආර්ථිකය කඩා වැටෙන එක. යටිතල පහසුකම් කඩා වැටෙනවා. ලෝකේ සිනමාශාලා තාක්ෂණය අතින් ඉහළට යනකොට අපේ සිනමාශාලා යාවත්කාලීන නොවී පරණ විදිහටම තියෙනවා. එතකොට මිනිස්සුන්ගේ ෆිල්ම් බලන පුරුද්ද නැති වෙලා යනවා පරම්පරා ගණනාවකට. ඒක තමයි ලංකාවේ සිනමාවට වෙලා තියෙන්නේ. දැන් පරම්පරාව සිනමාව තියෙන්නේ කොම්පියුටර් එක ඇතුළේ කියලා හිතන්නේ. සමහරු ලොකු පණ්ඩිත විචාර ලියනවා කොම්පියුටර් එකෙන් ෆිල්ම් බලලා. පුළුල් තිරයක් නැතුව කොහොමද ඒක සිනමා අත්දැකීමක් වෙන්නේ? රැල්ලට ෆිල්ම් විචාරය කරන පණ්ඩිත පිරිසක් ඉන්නවා. සිනමාව කියන්නේ තිරයේ දිස්වෙන චිත්‍රපටය නෙමෙයි. සම්පූර්ණ සිනමා අත්දැකීමක් ලබනවා කියන්නේ මිනිස්සු සමාන්‍ය ජීවිතෙන් පරිබාහිර වෙලා සිනමාශාලාවකට ගිහින් විඳීන්න ඕනේ දෙයක්. එහෙම අත්දැකීමක් ලබන්න නම් සිනමාශාලා තියෙන්න ඕනේ සාමාන්‍ය සමාජයට සාපේක්ෂව දිව්‍යලෝකයක් වගේ. ඒත් ලංකාවේ සිනමාශාලා මිනිස්සුන්ගේ ගෙදර පරිසරයටත් වැඩිය පිරිහිලා දැන්.

ටෙලිවිෂන් එකෙන් චිත්‍රපටි පෙන්වීමත් සිනමාවේ පරිහානියට එක හේතුවක් කියලා චෝදනාවක් තියෙනවා.

දෙයක් නැවත ආරම්භ කරන්න ඕනේ නතර වුණු තැනින්. ඉන්දියාවේ ප්‍රාදේශීය සිනමාව අතිශය ජනප්‍රියයි. කන්නඩා, තෙළිඟු, මලයාලම්, දෙමළ මේ හතරම අතිශය ජනප්‍රියයි. මෙතැනින් පෙකණිවැල කැඩිලා තමයි අපේ සිනමාව බිහිවුණේ. සිංදු අටක් දහයක් තිබ්බ චිත්‍රපට අයින් කරලා, බටහිර කලාත්මක සිනමාව ජනතාවට පොවන්න ගිය නිසා තමයි මිනිස්සු සිනමාවෙන් ඈත් වුණේ. උදාහරණයක් හැටියට "විශ්වරූපම්" කියන චිත්‍රපටියත් එක්කම ච්ඍච් එකත් පඥතඥචඵඥ කරනවා. මිනිස්සු ච්ඍච් එකත් අරගෙන හෝල් එකටත් ගිහින් බලනවා. ඒ සිනමා අත්දැකීම ගන්න ඕනේ නිසයි එහෙම කරන්නේ.

ලංකාවේ සිනමාවේ අනාගතය ගැන යම් අදහසක් තියෙනවාද?

සිනමාවේ අනාගතය ගැන නම් දුකයි. තරුණ සිනමාකරුවෝ බහුතරයක් හදන්නේ විකල්ප ධාරාවේ චිත්‍රපට. ඒ චිත්‍රපට හෝල් එකක පෙන්වීමේ අවශ්‍යතාවක්වත් ඒ අයට නැහැ. ඒ අයට ඕනේ මොකක්හරි ෆිල්ම් එකක් හදලා ටඪතථ ටඥඵබඪමචත එකකට දාලා සම්මාන ගන්න. මේ ප්‍රශ්න ගැටලු අස්සේ ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනී, සෝමරත්න දිසානායක, උදේකාන්ත වර්ණසූරිය, ධම්මික සිරිවර්ධන, චන්න පෙරේරා, ප්‍රියන්ත කොළඹගේ වගේ තරගකාරී සිනමා නිර්මාණ හදපු නිර්මාණකරුවෝ බිහිවුණා. නමුත් ඒ වෙනකොට මිනිස්සුන්ගේ ෆිල්ම් බලන පුරුද්ද නැති වෙලා.

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

එච්.ආර්. ජෝතිපාල. ඒ කටහඬ මට ලැබුණා නම් කියලා හිතිලා තියෙනවා.

නිතරම මුමුණන ගීතය මොකක්ද?

මේ දවස්වල නම් නිතරම මුමුණන්නේ නව පරපුරේ ගායකයෙක් වෙන සුපුන් පෙරේරාගේ "ප්‍රාතිහාරී" ගීතය.

වෘත්තියෙන් විශ්‍රාම ගිය කාලයක චිත්‍රපටියක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද?

විශ්‍රාම යන්න කලින්ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හීන ටික ටික ටෙලිවිෂන් එකට එන එකයි ගැටලුව. සිනමාවට රාජ්‍ය මැදිහත් වීම අවම වෙච්ච දවසක, සිනමාවත් ටෙලිවිෂන් එක වගේ තරගකාරී වෙච්ච දවසක තමයි මම චිත්‍රපටයක් හදන්නේ. ලංකාවේ සිනමාව තැනක නැවතිලා තියෙන්නේ. නැවතුණු තැනින් අපිට ආයිමත් පටන්ගන්න පුළුවන්. සිනමාවට ගෙනාපු තර්ක දැන් කට්ටිය ටෙලිවිෂන් එකටත් ගේනවා. රසඥතාව මොට වෙලා, අවර ගණයේ වගේ එක එක වචන පාවිච්චි කරනවා. මේ සිනමාවට නිදහසේ ගලාගෙන යන්න දෙන්න ඕනේ. කලින් වගේ මිනිස්සු ගැලරියේ විසිල් ගහන යුගයක් හදන්න පුළුවන්. ඒකට රාජ්‍ය මැදිහත් වීම ඉවත් වෙන්න ඕනේ. ඒකෙන් සිනමාකාරයෝ හැලෙනවා. ඒකට සමහරු බයයි. අද දෙමළ චිත්‍රපටි දෙමළ මිනිස්සුන්ට වඩා හෝල් එකේ බලනවා සිංහල මිනිස්සු. එහෙම වුණේ අපේ සිනමාවට පණ්ඩිතයෝ මැදිහත් වුණු නිසා. දැන් ඒ පණ්ඩිතයෝ ටෙලිවිෂන් එකටත් කෑගහනවා. මගේ මතයේම ඉන්න තව බොහෝදෙනෙක් ඉන්නවා. ඒ අය මේ විවේචන ඉදිරිපත් කරන්න කැමති නැහැ නූගතුන්ගේ ගොඩට වැටෙයි කියලා. මේක සීතාම්බර සළුව වගෙයි. ඇත්තටම ඉන්නේ හෙළුවෙන්. ඒත් කියන්නේ මේක පේන්නේ උගත්තුන්ට විතරයි කියලා.

 

නිශ්ශංක විජේරත්න