ඔබ දුරස්වෙලා සමඟ එන

ශ්‍රී මිහිරාන්
ජූලි 23, 2020

 

 

වර්තමානයේ තරුණ පරපුර අතර නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙමින් ඔවුන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙමින් රසික සිත් වසඟයට ගත් ජනප්‍රිය යොවුන් ගායන ශිල්පියෙකු ලෙස මිහිරාන් මුතුකුමාරණ කැටවත්ත හැඳීන්විය හැකිය.මේවන විටත් ජනප්‍රිය ගීත කිහිපයත්ම නිර්මාණය කරඇති ඔහු මෑතකදී නුඹ දුරස් වෙලා”නමින් නවතම කාලයේ ගීතයක්ද රසිකයින්ට තිලිණ කරුණු ලැබීය. එම ගීතය ඔස්සේ රසිකසිත් ඇඳ බැඳ ගනිමින් ජනප්‍රිය වෙමින් සිටින යොවුන් ගායනශිල්පී ශ්‍රී මිහිරාන් ඒ පිළිබඳ සරසවිය අපට දැක්වූ අදහස් කිහිපයකි.

 

ඉතින් ශ්‍රී මිහිරාන් මොකද මේ දවස් වල නිහඬව කරන්නේ?

ම්....... නිහඬව කියන්නේ ලංකාව පුරා පැතිර යන මේ කොරෝනා වසංගතය නිසා අපට නව නිර්මාණ බිහිකරන්න එතකොට ප්‍රසංග සදඟා ආරාධනා කිසිවක් නැතිව කලා කටයුතු පොඩ්ඩකට නවත්තලා රාජකාරියට මුල තැනදීලා ඉන්නවා.

 

රාජකාරියට මුල් තැනදෙනව කිව්වේ කලාකේෂේත්‍රයට සමුදෙනවා කියන එකද?

අපෝ නැහැ. මම ජීවත්වන්නේ බණ්ඩාරවෙල මාගේ වෘත්තිය වශයෙන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ රැකියාවක්. මේදවස්වල කොරෝනානිසා කාර්යය බහුලය.ඉතින ්කලා කටයුතු නවත්තලා රැකියාවට මුල් තැනදෙනවා කිව්වේ ඒ නිසයි.

 

එතකොට කොහොමද ඔබගේ කලා කටයුකු එහෙම?

ඔව්. රැකියාව කරන ගමන් ගායකයෙක් විදිහට මගේම ගීත නිර්මාණය කරමින් රසිකයන්ගේ ආදරය දිනා ගැනීමටඋත්සහ කරනවා මේවනවිටත් මගේම ගීත නිර්මාණ කිහිපයක්ම එෆ්.එම්.ඔස්සේ ප්‍රචාරය වෙනවා. යුටියුබ් හරහා වුණත් රසවිඳීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී තව අලුත් විදියේ නිර්මාණ කිහිපයක් මගේ ආදරණීය රසිකයින්ට අහන්න දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ශ්‍රී මිහිරාන් ඔබ ගායකයෙකු වෙන්න හිතුවේඇයි?

මම ගායකයෙකු වෙන්න හිතුවේ ඇයි ම්...... මිනිසුන් වනඅපේ අතින් තමයි සමාජයට යහපත අයහපත දැන හෝ නොදැන සිද්ධවෙන්නේ. ඒ දේ තුළින් කවුරුන් හෝ සතුටු වෙනවා. කවුරුන් හෝ දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙනවා. ඒ වගේම අපිකැමතියි එකිනෙකාට උදව් කරන්න. කෙනෙකුගේ ගුණ කියන්න, අහන්න, ආදරය කරන්න, ලබන්න ගායකයෙකු වුනාම ගීත මාධ්‍යයෙන් කෙනෙකුගේ හිතක් සුවපත් කරන්න පුළුවන්. ඒක ලොකු පිනක්.

 

මේ ගමනේ ආරම්භය කියන්නකෝ බලන්න?

මම කුඩා කාලයේ ඉඳලම ප්‍රවීණ කලාකරුවන්ගේ ගීතවලට ආස කලා. ඒ ගීත රසවින්දා. ඒ වගේම ඔවුන්ගේ හඬ අනුකරණ කරලා ඒ ගීත ගායනා කරන්න උත්සහ කලා. ගෙදර ඉන්න හැමවෙලේම රේඩියෝවදමලා ගීත අහනවා අම්මා, තාත්තා, අයියා, නංගිගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් ඒ තිබුණුවට පිටාවත් එක්ක මේ හැකියාව මට ලැබෙන්න ඇති. ඔය විදිහට තමයි ගායකයෙක් විදිහට රසිකයින්ගේ ආදරය දිනා ගනිමින් මේ තරම් දුරක් ආවේ.

 

ඔබ රැල්ලටද ගීත නිර්මාණය කරන්නේ

රැල්ලට ම්....... එහෙම නැහැ.මම මුලින්ම ගීතයක් නිර්මාණය කරනකොට ඒ ගීතයේ පදරචනාව සහ ඒ ගීතය මුලින්ම මට දැනෙනවා? මට කොහොමද එය දැනෙන්නේ රසවිදින්න පුළුවන්ද ? එතකොට මාගේ රසිකයන් මේ ගීතය වැළඳ ගනීවිද කියල බලනවා. මම වගේම හැම කළාකරුවෙක්ම කැමතියි තමන්ගේ නිර්මාණ රසිකයන් අතර ජනප්‍රිය වෙනවට මමත් රැල්ලේ ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒවා රසිකයෝ අතර ජනප්‍රියවෙලත් තියෙන්වා. ඒ වගේම නිවීසැනසිල්ලේ අහන්න පුළුවන් ගීතත් මම නිර්මාණය කරලා තියෙනවා. ගායනයකරලා තියෙනවා.

අද නිර්මාණය වෙන්නේ බොහෝදුරට අර්ථ ශූන්‍ය ගීත නේද?

එහෙමමයි කියලා මට කියන්න බැහැ.අදටත් අර්ථාන්විත ගීත නිර්මාණය වෙනවා. නමුත් ඒවා මාධ්‍ය තුළින් ප්‍රචාරයවෙන් නැහැ. අන්තර් ජාලයේ සෙව්වොත් අපිටබොහොම ලස්සන අර්ථාන්විත ගීත නිර්මාණයන් රසවිදින්න පුළුවන්. ඒ වගේම අපිට තව ගායන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ නිර්මාණ මෙහෙමයි කියලා ලගු කරන්න බැහැ. මොකද අද ඒ ගීත අහන්න රසිකයන් බොහොමයක් හැදිලා ඉන්නවා. නව පරපුරේ ගායන ශිල්පියෙකු වශයෙන් මම නම් බලාපොරොත්තු වන්නේ සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් ගීත නිර්මාණය කරන්න තමයි.

 

ඔබ සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ ඉතින් කොහොමද කලා කටයුතුවලට වෙලාව වෙන්කර ගන්නෙ?්

ඔව් රටකට අත්‍යවශ්‍ය සේවාවක් තමයි සෞඛ්‍ය කියන්නේ. මේදවස්වල නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ හොඳටම කාර්ය බහුලයි. විවේකයක් ලැබුණු විගස අලුතින් නිර්මාණය වුණ ගීත අහනවා. ලංකාවේ විතරක් නෙවෙයි වෙනත් රටවල විවිධ භාෂාවල ගීත ඒවා අහල අපට ඉගෙන ගන්න පුළුවන් දේවල් මගේ කලා ජීවිතේට ගන්නවා. ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න දවස්වල මගේ ඉගෙනීමේ කටයුතුවලට වගේම කලා කටයුතුවලට වැඩිපුර කාලය යොදවනවා.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ලොවපුරා රටපුරා පැතිර යන මේ කොරෝනා වසංගතය ඉක්මනින් නිමාවෙලා සියලුමදෙනාටම නිරෝගිමත් ජීවිතයක් ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඉතින් කලාවට හොඳ තැනක් එයි. වගේම එළිමහන් ප්‍රසංගවලට ආයෙමත් ආරාධනා ලැබෙයි. වගේම මගේ අලුත් ගීත කිහිපයක්ම ඉදිරියේදී එළි දැක්වීම බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඒවගේ වැඩ ගොඩක් කරල ඉවරයි.

 

අවසාන වශයෙන් ශ්‍රී මිහිරාන් කියමුබලන්න. “නුඹදුරස්වෙලා” ගීතය රසිකයෝ අතර අතිශයෙන් ජනාදරයට පත්වුණ ගීතයක් මොකද හිතන්නේ

ඇත්තටම හරිම සතුටුයි. මම හිතුවෙත් නැහැ මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මේ ගීතයේ ලද රචනය කළේ ප්‍රවීණ ගී පද රචක පුජ්‍ය රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේ සංගීතය කළේ ප්‍රවීණ සංගීතවේදී ප්‍රියන්ත නාවලගේ ශුරීන්. ඇත්තටම මේ ගීතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙයි කියලාලොකු විශ්වාසයක් තියෙනවා.

 

නුඹ දුරස් වෙලා නොවෙයි ශ්‍රී මිහිරාන් නුඹ නිහඬව ආ මේ ගමනට උදව්කරපු පිරිසක් ඇති.

මුලින්ම මාගේ දෙමාව්පියන් දෙදෙනාට පුජ්‍ය රහතන්ගම නාගිත ස්වාමීන් වහන්සේ වසා සදනායකයන් මෙන්ම මාගේ ගමනට වචනයකින් හරි ශක්තියක් වු සැමට ස්තුතිය හිමිවියයුතුයි.