නවක ගායකයෙක් දමින්ද රාමනායක

අගෝස්තු 6, 2020

වක ගායකයකු ලෙස ඔබ හමුවට සමීපවීමට සූදානම් වන ඔහු දමින්ද රාමනායක.

දමින්ද ඔබ කොහොමද ගායනයට පිවිසෙන්නේ?

පුංචි කාලෙ ඉඳලා මට තිබුණු එකම හීනය තමයි ගායකයකු වීම. පූර්ණකාලීනව මට එහෙම කටයුතු කරන්න නොහැකි වුණත් ඉඩ ලැබුණු සැණින් කරන්නෙ ගායන වැඩවල නිරත වන එක. කාලයක් තිස්සේ ගුවන් විදුලි වැඩ සටහන්වලට එකතුවෙලා හිටියා. වෙනත් අයගෙ ගීත තමයි මුලදි කිව්වේ.

කාගෙ ගීත ගැයීමට ද ඔබ ප්‍රිය කළේ?

ඩබ්ලිව්. ප්‍රේමරත්න කියන ගායකයාට මං ඒ දවස්වල ඉඳල හරිම ආසයි. මං ගයන තරමක් ගැයුවෙ ඔහුගෙ ගීත.

ඔබ සංගීත කණ්ඩායමකත් හිටියා නේද?

ඔව්. නෙවසන් කියලා සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් ප්ලේ කළා.

ඔබ ඔබේම ගීත ගයා තිබෙනවාද?

ගීත දෙකක් කළා. “දිනිදු බැස යයි” තමයි පළමු ගීතය. දෙවැන්න නීල නදිය කියලා එකක්. ගීත දෙකම පද රචනා කළේ ලහිරු සරත් කරුණාතිලක. සංගීතය ආනන්ද වෛද්‍යසේකරගේ. ඉදිරියේදී වීඩියෝවක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබගේ පෞද්ගලික විස්තර කිව්වොත්?

මගේ පදිංචිය කඩවත. හංවැල්ල රාජසිංහ විදුහලෙන් ඉගෙන දැනට මං ඩීමෝ ආයතනයේ රැකියාව කරනවා.

 

 

නිශ්ශංක