මම කාටවත් සල්ලි දීලත් නැහැ මට වියදම් කරන්න සල්ලිත් නෑ

හෂේන් දුලංජන
අගෝස්තු 13, 2020

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වුණු The Voice of Teen Sri Lanka රියැලිටි තරඟාවලිය මෙරට ටෙලිවිෂන් රසිකයන් ඉමහත් ආදරයෙන් වැලදගත් ටෙලිවිෂන් වැඩසටහනක් ලෙස හැඳීන්විය හැකිය.  එහි අවසන් මහා තරගය පසුගිය ඉරිදා (09) රත්මලාන සිරස Stains මැදිරි සංකීර්ණයේදී පැවැත්විය. එහිදී The Voice of Teen Sri Lanka කිරුළ ජයග්‍රහණය කළේ සනුක වික්‍රමසිංහගේ කණ්ඩායමේ හෂේන් දුලංජන සිල්වා. මාස පහකට අධික කාලයක් තුළ පැමිණි සංගීත චාරිකාව පිළිබඳව සහ ජයග්‍රහණය පිළිබඳව කතාබහකට අප හෂේන්ව සම්බන්ධ කරගත්තේ මෙලෙසය. 

ජයග්‍රහණයේ සතුට කොහොමද?

ගොඩක් සතුටුයි. මුලින්ම Blind Audition වලට එද්දි හිතුවේ නැහැ Final  ඇවිත් Voice of Teen  වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. මේ තරඟයේදී මම ලොකු අවදානමක් ගත්තා. මම කියපු සින්දු ගොඩක් අය අහලා තිබුණේ නැහැ. ඒ වගේම ඒ සින්දුවල තේරුමත් ගොඩක් දුරට දේශපාලනිකයි. භයානක අවදානමක් අරන් අවසානයේ ජයග්‍රහණය කරන්න ලැබීම ලොකු සතුටක්. 

ජයග්‍රහණයත් එක්ක ඔබේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ඉතාම ඉහළයි. මගේ whatsapp, facebook, instragram හැම එකකින්ම ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් එනවා. Mobile WY on කළාම ෆෝන් එක ඵබභජඬ වෙන තරමට මැසේජ් එනවා. 10 වෙනිදා මගේ ගම් ප්‍රදේශයේ (රද්දොළුගම) සෑහෙන්න පිරිසක් එකතුවෙලා මාව පිළිගත්තා. 

හෂේන්ට Blind Audition  එකේදි හැම Coach කෙනෙක්ම හැරෙනවා. එතැනින් ඔබ තෝරගන්නේ ක්ෂේත්‍රයේ අත්දැකීම අවම ඛ්ධචජඩව. ඒ වගේ අවදානමක් ගන්න බය හිතුණේ නැද්ද?

මේක මගෙන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක්. හැමෝටම ප්‍රශ්නයක් වුණේ ඇයි මම ඛ්ධචජඩ  සනුකව තෝරගත්තේ වචනයක්වත් කතා නොකර කියන එක. මම මාව විශ්වාස කරනවා. මට ලොකු විශ්වාසයක් තිබුණා අනිවාර්යයෙන්ම අවසන් මහා තරගයේ ජයග්‍රහණය කරන්නේ Coach සනුක වික්‍රමසිංහගේ කණ්ඩායම කියලා. 

ඒකට හේතුව?

Coach සනුකගේ අදහස් අනිත් තුන්දෙනාටම වැඩිය වෙනස්. එයා ගොඩක් අත්හදා බැලීම් කරන කෙනෙක්. ඒ වගේම එයාගේ දක්ෂතාවට,  live singing හැමදේම ඉහළම මට්ටමේ තියෙනවා. ඒ නිසා මට ලොකු විශ්වාසයක් තිබුණා Coach සනුක එක්ක දිග පැහැදිළි ගමනක් තියෙනවා කියලා. ඒ නිසයි මම ඛ්ධචජඩ සනුකව තෝරගත්තේ. 

කොහොමද සනුක වික්‍රමසිංහගෙන් Voice Teens චාරිකාවට ලැබුණු සහයෝගය?

ඒක නම් වචනයෙන් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක්. මම මුලින්ම Blind Audition එකේදි කියන සින්දුවම තමයි අවසන් මහා තරඟයේදිත් කියන්නේ. ඒ සිංදු දෙකේ වෙනස බැලුවාම තේරෙනවා මම කොච්චර දේවල් Coachගෙන් ඉගෙන ගෙනද කියලා. ගායනය පැත්ත වගේම වේදිකාවට තියෙන බය නැති කරගෙන perform කරන හැටි, ප්‍රේක්ෂකාගාරයේ ආකර්ෂණය දිනාගන්න හැටි වගේ හැමදෙයක්ම මම Coach සනුකගෙන් ඉගෙනගත්තා. ඒ වගේම Vocal control, Dynamic හැමදේම ඛ්ධචජඩගෙන් මම ඉගෙනගත්තා. 

හෂේන්ට හොඳ Coach කෙනෙක් වගේම යහළු යෙහෙළියන් ඉන්න ලොකු කණ්ඩායමක් ලැබුණා. ඒ කණ්ඩායම ගැනත් අපි කතා කරමු?

අපේ කණ්ඩායමේ 32ක් හිටියා. Voice teens තරඟාවලියෙන් ඉස්සරහට යද්දි ජයග්‍රහණයේ සතුටට වඩා කණ්ඩායමේ සහොදර සහෝදරියන් ඉවත් වෙන දුක අපි හැමෝටම තදින්ම දැනුණා. යාළුවන්ට වඩා ඒ හැමෝම මට හොඳ සහෝදර සහෝදරියන් වුණා. එක්කෙනෙක්ට එක්කෙනෙක් කිසිම ඉරිසියාවක් නැතුව ඕනෑම වෙලාවක ඕනෑම දෙයකට උදවු කරලා එකට වැඩ කළා. මගේ Battle Partner වුණේ කසුන් පුන්සිත්. කසුන් Battle එකෙන් අයින් වෙද්දි මට කියලා ගියේ "උඹ අනිවාර්යයෙන්  final stage  එකේ සිංදු කියන්න ඕනේ. උඹ දින්නා කියන්නේ මම දින්නා වගේ තමයි"  කියලා. කසුන් තමයි මාත් එක්ක දිගටම එකට හිටියේ. ඊටපස්සේ   knockOut  වටයේ මාත් එක්ක තරග කරපු තුන් දෙනෙක් ඉවත් වෙනවා. ඇත්තටම ජයග්‍රහණය කරපු දුකට වඩා යාළුවෝ අතඅරින්න බැරි දුක හැමෝටම තිබුණා.

තරගයේ දිගින් දිගටම ජයග්‍රහණය කළ කෙනා විදිහට යහළුවන් එකිනෙකා ඉවත් වෙද්දි දැනුණු හැඟීම කොහොමද?

Battle Round එකේදි තමයි මුලින්ම යාළුවෝ ඉවත් වෙන්න ගන්නේ. ඇත්තටම ඒ අය ඉවත් වෙද්දි ගොඩක් දුක හිතෙනවා. මොකද මම නිසයි ඒ අය ඉවත් වෙන්නේ. ඒක අමුතු අත්දැකීමක්. ඊළඟට knockOut Round එක. ඒකෙදි මම නිසා තුන්දෙනෙක් ඉවත් වෙනවා. ඇත්තටම ජයග්‍රාහී සතුටට වඩා ඒ අය ඉවත්වෙන දුක වැඩියෙන් දැනුණා. 

මින් ඉදිරියට හෂේන්ගේ සංගීත චාරිකාව කොහොමද හදාගන්නේ?

මට දැන් අවුරුදු 18යි. ලබන අවුරුද්දේ මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා. ලංකාවේ Music  එක්ක Science  එකතු කරනවා ගොඩක් අඩුයි. Music therapy, Psychology පැත්තෙන් වැඩිදුර ඉගෙනගෙන Music එක්ක     Science එකතු කරලා ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. 

සින්දුවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

 ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම බැනුම් අහ අහා Rock Style  එකේ සින්දු විතරක්ම කිය කිය ඇවිත් අවසන් තරගයේදී ජයග්‍රහණය කළා. මාව මිනිස්සු දැනගත්තේ Rock  ශෛලියෙන් නිසා මම කැමතියි මුලින්ම මගේ අනන්‍යතාව එක්ක ගීතයක් නිර්මාණය කරන්න. ඉන්පසුව වෙනස් ආරවල ගීත ගායනා කරලා වෙනස් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. 

ගීතයක් කරන්න ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ආරාධනා ආවාද?

දැනටමත් ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා සංගීත ශිල්පීන්ගෙන්. මැසේජ් ගොඩක් ඇවිත් තියෙනවා. ඒවා බලන්න ඕනේ. ඇත්තටම දැන් මට මහන්සි. මේක වෙහෙසකර දිගු ගමනක්. 

Coach සනුක එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම ලොකු ආසාවක් තියෙනවා මගේ ඛ්ධචජඩ එක්ක සිංදුවක් කරන්න. Coach සනුකත් කිව්වා සිංදුවක් කරමු කියලා. ඉදිරියේදී බලමු ඉතින්. 

මේ තරගාවලිය තුළ විවිධ තරු නිර්මාණය වුණා. තරගය තුළ හෂේන් තරුවක් වුණේ නැහැ බහුතර කැමැත්ත තිබුණේ හෂේන්ට නෙමෙයි. එවන් වාතාවරණයක දිනන්න ලැබෙයි කියලා හිතුණාද?

මම මේ තරගය ජයග්‍රහණය කරන්න බලාගෙන ආවේ නැහැ. සහභාගී වෙන්න විතරයි ආවේ. මගේ පළවෙනි ගීතය youtube එකේ මිලියන හයකට අධික සංඛ්‍යාවක් බලලා තියෙනවා. ඊට වඩා අනිත් අයගේ ගීත ගොඩක් දෙනා බලලා තිබුණා. Views  වැඩි වෙලා තිබුණා. නමුත් විශ්වාසයක් තිබුණා මට. මම දන්නවා මම මේකට කරපු කැප කිරීම. ඒ නිසා මට අවසන් තරගවලදි එද්දි ජයගනීවි කියලා ලොකු විශ්වාසයක් තිබුණා. 

 

ගායන රියැලිටි වැඩසටහන්වලින් ජයග්‍රාහකයන්ගෙන්  අතළොස්සයි මේ වෙද්දි ගායන ක්ෂේත්‍රයේ රැඳීලා ඉන්නේ. රියැලිටි තරඟ ජයග්‍රාහකයෝ ඉක්මනින් අප්‍රසිද්ධ වෙනවා.  හෂේනුත් එහෙම වේවිද?

නැහැ. කවදාවත්ම එහෙම වෙන එකක් නැහැ. මගේ මුල ඉඳන්ම අදහස තිබුණේ සංගීතය පැත්තෙන් ලංකාවට, ලෝකයට ලොකු වැඩක් කරන්න. මට මේ Voice of teen  ජයග්‍රහණය ලොකු chance එකක්. ඒ නිසා දිගටම ලංකාවේ නම මුළු ලෝකේ වටේම අරන් යන්න බලාපොරොත්තු වෙනවා. 

හෂේන් සංගීත පවුලකින් එන කෙනෙක් නේද?

මගේ තාත්තා කීබෝඩ් වාදකයෙක් සහ ගායකයෙක්. තාත්තගේ තාත්තා ඒ කියන්නේ මගේ සීයා වයලීන් වාදකයෙක්. වොලී බැස්ටියන්ගේ වයලීන වාදකයා තමයි මගේ සීයා. එයා දැන් ජීවතුන් අතර නැහැ. මගේ මුළු පවුලම සංගීතයත් එක්ක ඉන්න අය. මට පොඩි කාලේ ඉඳන් ඇහෙන්නෙත් සංගීතය, දකින්නෙත් සංගීතය. මට හැම වාදක භාණ්ඩයක්ම වගේ වාදනය කරන්න පුළුවන්. මම ගොඩක් දේවල් පවුල ඇතුළෙන් ඉගෙනගත්තා. 

Voice of Teens  කියලා තරඟයක් තිබුණා නම් හෂේන් Music Life එක හදාගන්නේ කොහොමද?

Voice Teens  කියලා එකක් නැති වුණා නම් ගොඩක්දුරට මම වෛද්‍යවරයෙක් වෙලා ර්භඵඪජ අත්හරින්න ඉඩ තියෙනවා. ලංකාවේ සංගීත           ක්ෂේත්‍රයට සැරෙම යන්න බැහැ. ලොකු කැප කිරීමක් කරන්න වෙනවා. ඊට වඩා ලේසියි මට ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙන එක කියන මතයේ තමයි මම හිටියේ. නමුත් මට මේක ලොකු අවස්ථාවක්. 

Voice of teens  වැඩසටහන තුළ සිද්ධ වෙන විවිධ අක්‍රමිකතා ගැන ලොකු ආන්දෝලනයක් වැඩසටහනේ ඉඳලා ඉවත් වුණු අය හරහා සමාජයේ ඇති වුණා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

මම තරඟයට ආවේ කිසිම දැන ඇඳුණුම්කමක් නැතිව. සල්ලි දීලා දිනවනවා  කියන එක අමූලික බොරුවක්. මොකද මම ඇතුළේ කවුරුවත් දන්නෙත් නැහැ. කාටවත් සල්ලි දීලත් නැහැ. මම මධ්‍යම පාංතික පවුලක කෙනෙක්. මගේ මවුපියන්ට එහෙම වියදම් කරන්න තරම් සල්ලියක් නැහැ. මම මුල ඉඳලා කැපවීමෙන් වැඩ කළා සහ ආයතනයේ ගුරුහරුකම් දෙන ජ්‍යෙෂ්ඨයන් කියන විදිහට වැඩ කළා. 

හෂේන් වගේ තව ගොඩක් යෞවනයන් ර්භඵඪජ ඹ්ඪටඥ එක හදාගන්න බලාගෙන ඉන්නවා. ඒ අයට මොකක්ද කියන්න තියෙන්නේ?

දෙයක් උත්සාහ කරනවා නම් ඒ උත්සාහය කවදාවත් අත්හරින්න එපා. ඕනේ තරම් බාධක එනවා. ඒවා ජයගෙන ඉස්සරහට යන්න. ජයග්‍රහණයට සල්ලි ඕනෙත් නැහැ. ඇඳුණුම්කම් ඕනෙත් නැහැ. උත්සාහයයි, කැපවීමයි, දක්ෂතාවයයි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. තමන් ගැන විශ්වාස කරන්න කියලා මම ඒ අයට කියනවා. 

හෂේන්ට ස්තූති කරන්න ගොඩක් අය ඇති?

අම්මයි තාත්තයි මේ ගමනට සෑහෙන්න කැප කිරීමක් කළා. මේ තැනට එන්න වචනවලින් කියන්න බැරි තරම් ලොකු කට්ටක් එයාලා කෑවා. ඒ දෙන්නා නැත්නම් අද මම මෙතැන නැහැ. මම ඉගෙන ගන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ. අනිවාර්යයෙන්ම පාසලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යයෝ මට දක්වපු සහයෝගය මම ආදරෙන් මතක් කරනවා. මට මගේ පාසල මේ ගමන එන්න සෑහෙන්න ලොකු හයියක් වුණා. 

ඒ වගේම මම මුලින්ම සංගීතය හැදෑරුවේ හෂිනි ගමගේ ගුරු මහත්මියගෙන්. ඊටපස්සේ මම නදීෂා රන්දි ගුරු මහත්මියගෙන් සංගීතය හැදෑරුවා. ඇයගෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. මේ වගේ තරගයක් ජයග්‍රහණය කරන්න සංගීතය සහ ගායනය ගැන දැනුම විතරක් මදි. ඊට වඩා ගොඩක් මානසික ඒකාග්‍රතාව, වේදිකාව උඩදි අපේ පෞරුෂය වැදගත් වෙනවා. අපි කොච්චර හොඳට පුහුණු වුණත් වේදිකාව උඩදි බය වෙනවා. ඒ හැමදේම ඉගෙනගන්න මගේ ගුරුවරියෝ මට හයියක් වුණා. ඒ වගේම මහරාජා ආයතනයට සහ සිරස මාධ්‍යජාලයට මම ස්තූතියි කරනවා. Voice of Teen මුළු කණ්ඩායමටම මම ස්තූතිවන්ත වෙනවා. අපිට වචනයකින්වත් කවුරුත් බැනලා නැහැ ඒ කවුරුත්. ලොකු සහයෝගයක් දුන්නා. ඒ හැමෝගෙම කැප කිරීම නිසා තමයි මේ තරම් හොඳ ප්‍රමිතියකින් මේ වැඩසටහන කරගන්න ලැබුණේ