හැමෝම මට කියන්නේ බට්ටි කියලා...

නව පරපුරේ රංගන ශිල්පිනී හංසි දෙව්මිණි
සැප්තැම්බර් 3, 2020

ඇයට නමක් තියනවා හංසි දෙව්මිණී කියලා. ඒත් දන්න දන්න හැමෝම ඇය අමතන්නේ බට්ටි කියලා. ඒත් බට්ටි කියලා චරිතයක් ඇය කවදාවත්ම රඟපාලත් නැහැ. එහෙනම් ඇය කොහොමද බට්ටි වුණේ..

මම මුලින්ම කියන්නම් ඒ ගැන. වසර කිහිපයකට කලින් මම සිරස ෆිල්ම් ස්ටාර් වැඩ සටහනට ගියා. එතන හිටපු අයගෙන් මම තමා මිටිම කෙනා. කාලා මහත් වෙලා බෝලේ වගේ හිටියේ. ඉතින් හැමෝම මට බට්ටි කියන්න ගත්තා. මං හිතුවේ නැහැ ඒ නම මෙච්චර දුරදිග යයි කියලා. දැන් ඒක ඇත්ත නමට වඩා ෆේමස්.

ඔබ කලාවට එන්නේ කොහොමද?

ඒක දිග කතාවක්. මම ඊයේ පෙරේදා රඟපාන්න ආවට පාසල් යන කාලේ ඉඳලා නිවේදිකාවක් විදිහට වැඩ කළා මැක්ස් ටීවී එකේ. ඔය දෙදහස් දහයේ විතර. පුංචි කාලේ ඉඳලා එකම හීනේ වුණේ හොඳ නිළියක් වෙන්න. කොහොමහරි ගෙදරින් කැමති වුණේ නැහැ රඟපාන්න යනවට. ඉගෙනීම කඩාකප්පල් වෙයි කියලා හිතුවේ. පස්සේ කොහොමහරි අම්මලාට ලොකු පොරොන්දුවක් වෙලා     ක්ෂේත්‍රයට ආවා.

මොකක්ද ඒ පොරොන්දුව?

මාව කොළඹ කැම්පස් එකේ ශ්‍රීපාලි මණ්ඩපයට තේරුණා. රඟපෑවත් උපාධිය හරියට නිම කරනවා කියලා  තමයි ඒ පොරොන්දුව.

ඔබ රඟපෑ නිර්මාණ මොනවද කියලා කිව්වොත්?

මුලින්ම කුමී නාට්‍ය. කෝපි කඩේ, වින්කලේ ගෙදර, ඉටි මල්. මේ දවස්වල නම් “නීල පබළු” සහ “සත්‍යා” කියන නාට්‍ය දෙකේම මම ඉන්නවා. නීල පබළු එකේ ලෝයර්ගේ දුව මම.

ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිත තිබේද?

මම හරිම ආසයි අන්ධ චරිතයක් කරන්න. මට හිතෙනවා මම ඒක හරි නැචුරල්ව කරයි කියලා.

උපාධිය අරන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?

මම කරන්නේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය. ඒක අවසන් වුණාට පස්සේ මම අදහස් කරගෙන ඉන්නේ කථිකාචාර්යවරියක් හැටියට වැඩ කරන්න. හැබැයි කොයි වෙලාවකදිවත් මොන වෘත්තීය කළත් රංගනය අතහරින්නේ නැහැ.

රඟපාන්න ගිහින් බැනුම් අහපු අවස්ථා නැතිද?

අපෝ ඕනෑ තරම් තියෙනවා. ඔය චරිත් අබේසිංහ අයියා කරපු නාට්‍යයක මට නමක් කියාගන්න බැරිව ටේක් පහකට විතර ගියා. එදා නම් ටිකක් බැනුම් ඇහැව්වා. සමහර වෙලාවලදි අපිට වරදිනවා. එතකොට ප්‍රවීණ අය අපිට කියා දෙනවා. එහෙම ප්‍රවීණ අය ගොඩක් එක්ක මම ඇක්ට් කරලා තියනවා. ඔවුන් නිසා අපේ ගමනට ලොකු උදවුවක් ලැබෙන්නේ.

ඔබේ පාසල මතක් කළොත්?

මම ඉස්කෝල දෙකකට ගියා. කොළඹ ප්‍රෙස්බිටිරියන් බාලිකාව සහ ගම්පහ තක්ෂිලා තමයි ඒ පාසල්.

ඔබේ ගම?

දෙමටගොඩ.

උපන්දිනය?

අනූ හතේ මාර්තු විසිහතර.

ඔබ පෙම්වතියක්ද?

තවම නැහැ කියලා තමයි කියන්න වෙන්නේ.

ඔබ ගැන කෙටියෙන් හැඳීන්වුවහොත්?

පාඩුවේ ඉන්න කෙනෙක්.