මට බැනපු අයම පස්සේ හොඳ කිව්වා

- ෙරෙනි චාරුකා ගුණතිලක
සැප්තැම්බර් 3, 2020

මම දැන් හැමෝගෙම කෝච් ෙරෙනි

ඒ ගීතය මගේ පොකට් එකට හරි බරයි

මගේ ජීවිතේ 80%ක්ම ලේසි කරලා තියෙන්නේ මගේ සැමියා

මගේ කණ්ඩායමේ දරුවන් එක්ක ඉක්මනින් ගීතයක් කරනවා

පසුගිය සමයේ Voice of teens තරගාවලියත් සමඟ වැඩිපුරම කතාබහට ලක් වුණු විනිශ්චය මණ්ඩල සාමාජිකාව වන්නේ ෙරෙනි චාරුකා ගුණතිලක. තරගයේදී ඇයගේ කණ්ඩායමේ දරුවන්ගේ දක්ෂතාව වැඩියෙන් කැපී පෙනුණා. Voice of teens තරගයෙන් පසුව ඇගේ වැඩකටයුතු පිළිබඳව විමසීමට මෙවර අප ඇයව සම්බන්ධ කරගත්තා. 

සමහරු Coach ෙරෙනිව බලන්න පසුගිය කාලේ ටීවී එක බැලුවා නේද?

Voice of teens තරගාවලිය නිසා තමයි එහෙම වුණේ. මිනිස්සු මුල් කාලෙදි මට බනින්න ටීවි බැලුවා. පසුව හොඳ කියන්න බැලුවා. මට තියෙන ආදරේට ටීවී එක බැලුවා. මම හිතුවේ නැහැ ඇත්තටම මට මිනිස්සු මේ තරම් ආදරේ ඇති කියලා. මම දැන් හැමෝගෙම කෝච් ෙරෙනි. 

Voice of teens Sri Lanka  තරගාවලියෙන් පස්සේ ෙරෙනි මොකද කරන්නේ?

Voice of teens වලින් පස්සේ දැන් වැඩිපුරම ගෙදර තමයි ඉන්නේ. කොරෝනා වසංගතයත් එක්ක තවම අනිත් දේවල් හරියට සැකසිලා නැති නිසා ගෙදර ඉන්නවා. 

නව යෞවනයන් එක්ක වැඩ කරපු Voice of teens අත්දැකීම කොහොමද?

මම මීට කලින් ඒ පරිමාණයේ වැඩක් කරලා නැති නිසා පෞද්ගලිකව Voice of teens තරගයට ආසාවෙන් සහභාගී වුණා. මටත් ඒකෙන් දේවල් ඉගෙනගන්න තිබුණා. ළමයින්ට දේවල් තේරෙන්න උගන්වන්නේ කොහොමද කියලා මම ඉගෙනගත්තා. මගේ තාත්තාව මට මතක් වුණා. මම පොඩිකාලේ එයා මට උගන්වන්න යොදපු උපක්‍රම මම මේකෙදිත් යොදාගත්තා. මම දරුවන් 32ක් එක්ක වැඩ කළේ. විධි 32කට තමයි එයාලට මම ඉගැන්නුවේ. 

ෙරෙනිට පළමු තරග වටයේදී ගොඩක් අය බැන්නා නේද?

Voice of teens කියන්නේ අන්තර්ජාතික තරගයක්. මුළු ලෝකෙම එකම විදිහට යන්න ඕනේ ඒක. මේ තරගයේ විනිශ්චය මණ්ඩලයට එනකොටම අපිට නීති රෙගුලාසි මාලාවක් ලැබෙනවා. අපෙන් තරගය වෙනුවෙන් විය යුතු දේවල් එහි සඳහන් වෙනවා. ඒ අනුවයි අපි වැඩ කරන්නේ. ඉතින් මගේ ප්‍රතිචාර දීම සම්බන්ධයෙන් ගොඩක් අය මට බැන්නා. නමුත් ටික දවසක් යද්දි වැඩසටහනේ ආකෘතිය මිනිස්සු තේරුම් ගත්තා. ගොඩක් ධනාත්මක ප්‍රතිචාර ඉන්පසුව ලැබුණා. ඒක ඉතින් ලංකාවේ හැටි. දෙයක් කරන්න කලින් එහි ස්වභාවය නොදැන ප්‍රතිචාර දෙනවා. නමුත් පසුව ඇත්ත වටහාගන්නවා. සමහර මට බැන්න අය "sorry" කියලා තිබුණා. "සමාවෙන්න මට ඔයාට බැන්නාට, මට දැනුයි තේරෙන්නේ" කියලා පණිවිඩ එවලා තිබුණා. 

ඔබේ කණ්ඩායමේ දරුවන් එක්ක ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

දරුවෝ දෙතුන් දෙනෙක් එක්ක වැඩක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම වැඩක් කරනකොට විවිධ බාධක තියෙනවා. දරුවන්ට සහ මට ප්‍රයෝජනවත් වැඩක් කරන්නයි ඕනේ. කරන වැඩේ ජනප්‍රිය නැති වුණාට කමක් නැහැ. නමුත් ගුණාත්මකත්වය තියෙන්නම ඕනේ. පුළුවන් තරම් ඉක්මනින් දරුවන් එක්ක සිංදුවක් කරන්න ඉන්නවා. 

 

මේ කලබල අස්සේ ෙරෙනි සින්දු දෙකකුත් කළා නේද?

ඔව් සිංදු දෙකක් කළා. ඒ සින්දු දෙකත් මීට පෙර මම කියලා නැති විදිහේ සින්දු දෙකක්. එකක් ජය-ශ්‍රීලා එක්ක ගායනා කරන "හදවත කීරි ගසයි" ගීතය. ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. අනිත් එක මගේ "පහසක්" ගීතය. ඒක නිවිසැනසිල්ලේ අහන්න ඕනේ ගීතයක්. මේ ගීත දෙකටම මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව මගේ තව ගීතයකුත් එනවා.

ඒ ගීතය ගැනත් විස්තර කියමු?

ඒ ගීතය මම කරලා තියෙන ගීතවලින් ලොකුම ගීතය කිව්වොත් හරි. Music production එක පැත්තෙන් ගත්තත් video  එක ගත්තත් ඒකත් සෑහෙන්න ලොකුයි. මගේ පොකට් එකට ඒක හරි බරයි. ඒ ගීතය මගේ සංගීත චාරිකාවේ මතක හිටින වැඩක් වෙයි කියලා හිතනවා. 

ෙරෙනි youtube එකේ make-up දාන හැටි කියලා දෙනවා කියලා ආරංචියි. 

මම තමයි ඕනේ තැනකට යද්දි මගේ make-up එක කරගන්නේ. හැමෝම මගෙන් කෝල් කරලා මැසේජ් කරලා අහනවා කොහොමද එහෙම තනියම make-up කරගන්නේ කියලා. මට කට්ටිය කිව්වා youtube channel එකෙන් ඒක හැමෝටම කියලා දෙන්න පුළුවන් කියලා. මම මගේ "Raini Charuka" youtube channel එකෙන් හැමෝගෙම ඉල්ලීම ඉටු කළා. 

ෙරෙනිගේ මේ හැම වැඩකටම සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැන කතා නොකර බැහැ. 

මගේ සැමියා අකිල ධර්මසේන.  එයත් සංගීත ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. එයාට සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒකේ නම "AROH".  එයා මේ දවස්වල කාර්යබහුලයි. විවිධ event වලට ආරාධනා ලැබෙනවා. මගේ හැම වැඩකටම උදවු කරන්නේ අකිල තමයි. මගේ ජීවිතේ 80%ක්ම ලේසි කරලා තියෙන්නේ මගේ සැමියා. මගේ performance වලට සම්බන්ධ හැම වැඩක්ම කරන්නේ අකිල. මම කරන්නේ ගිහින් සින්දු කියලා එන එක විතරයි. අකිල තමයි හැම වගකීමක්ම භාර අරගෙන කරන්නේ. ගෙදර වැඩ වුණත් මට වඩා පහසුයි අකිල ඉන්න නිසා. කිසිම වදයක් දෙන්නේ නැති හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් එයා. 

ඔබේ සැමියත් දැන් රඟපානවා නේද?

ඔව්. ටෙලිනාට්‍ය කරන එයාගේ යාළුවන්ගේ ඉල්ලීමට චරිත කීපයක රඟපෑවා. එයාගේ සංගීත කණ්ඩායමේ වැඩත් එක්ක කාර්යබහුල වෙන නිසා දිගටම රංගනයේ ඉන්න බැරි වෙනවා. නමුත් ඉදිරියටත් හොඳ දෙයක් ලැබුණොත් කරයි. එයාට රංගනයට හැමතිස්සෙම ආරාධනා ලැබෙනවා. නමුත් සංගීත කණ්ඩායමේ වැඩ අතපසු වෙන නිසා තෝරලා බේරලා රඟපාන්නේ. 

නිර්මාණි බණ්ඩාරනායක