මේ අපූරු සිනමා සොම්නස විඳින්න ඔබටත් ආරාධනා

ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි
සැප්තැම්බර් 3, 2020

 

කොවිඩ් 19, කොරෝනා වසංගතය හේතුවෙන් ඔබේ මගේ මෙන්ම අප සියලු දෙනාගේ සන්තානගත වූ අඳුරු දෝමනස්ස ස්වභාවය පහ කරලීමේ අරමුණින් සරසවිය ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපට උලෙළ මේ මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ ලිබර්ටි සිනමා හලේ දිනපතා 10.30, 2.30 සහ 7.00 දර්ශන වාරවලදී පැවැත්වෙනවා. මිදුණු විශ්වය, කතුරු මිතුරු, යුගාත්‍රා, මිස් ජෙනිස්, ගින්දරී 3 යන ඉදිරියේ ප්‍රදර්ශනය වීමට නියමිත සිනමා කෘති පහක් මේ උලෙළේ මෙසේ ප්‍රදර්ශනය වන්නේ ඒ නිර්මාණවල ප්‍රධාන රංග තාරකාවන්ගේද සහභාගීත්වයෙන්. මෙවැනි උලෙළක් සිනමාශාලා හිමියන් වෙනුවෙන් ස්කෝප් සිනමාස් ආයතනය සංවිධානය කිරීමේ සහ ලේක්හවුස් ආයතනය වෙනුවෙන් සරසවිය පුවත්පත මාධ්‍ය අනුග්‍රහය දැක්වීමේ වැදගත්කම පිළිබඳ උලෙළේ පළමු චිත්‍රපටය වන මිදුණු විශ්වය සිනමා කෘතියේ අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙන් අප මෙසේ විමසුවේ ඔබ වෙනුවෙන්...

 

 

 

මෙවැනි උලෙළක් පැවැත්වීමට හේතුව?

මානව විවේකය කියන්නේ මොනයම් හේතුවක් නිසා හෝ මිනිසා සමාජීය, ආර්ථික වශයෙන් කඩා වැටිලා කුඩුපට්ටම් වෙලා හෙම්බත් වෙලා ඉන්න මොහොත නෙවෙයි. මිනිසා තමන්ගේ වැඩ ලෝකයේ සාර්ථක දායකත්වය කෙරෙහි අනලස්ව යෙදී ඉන්න අතරේ උදා කරගන්නා මොහොතයි. එනසා කොරෝනා වසංගතය නිසා මිනිසාට ලැබුණු දීර්ඝ විවේකය තෘප්තිකර ආස්වාදනීය එකක් නෙවෙයි. එය ඉතා දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු මූසල එකක්. එක්තරා විදිහකට මානව දොම්නසක් විදිහටයි මම එය දැක්කේ. මෙතැනදි මිනිසුන්ගේ ඒ මානව දොම්නස මානව සොම්නසක් කිරීමේ කාර්යයේ ප්‍රධාන භූමිකාවක් කලාවට පවතින බව මම විශ්වාස කරනවා. මානවයා මෑතක ලැබූ අත්දැකීමකට හොඳ උදාහරණය තමයි දෙවැනි ලෝක සංග්‍රාමය. ඒ සංග්‍රාමයේ අවසානයේදී එයට සම්බන්ධ වුණු මිත්‍ර පක්ෂෙයේත් අක්ෂය පක්ෂයේත් බොහෝ බලගතු රවල් භෞතික වශයෙන් බිමට සමතලා වුණා, සාමාජික ආර්ථික වශයෙන් නන්නත්තාර වුණා. හැබැයි දශකයක් ගත වන්නත් කලින් ඔවුන් විස්මයජනක ලෙස දියුණු වුණා. හොඳට සොයා බැලුවොත් දැකගත හැකියි ඔවුන් ඒ තරම් දියුණුවක් ලැබුවේ, එකිනෙකාට ඇඟිලි දිගු කරමින් කකුල් මාට්ටු දමමින් සමාජ සංවර්ධනය කොයි මොහොතක හෝ ඉබේ සිදුවේ යැයි දෙපරන්දම් අස්සේ අත්ගසාගෙන කල්පනා කරමින් නෙවෙයි. තම තමන්ට හැකි පමණින් තමන්ගේ ක්ෂේත්‍රවලින් මොනවා හෝ කිරීම නිසයි.

අද අපේ රටෙත් දේශපාලන නායකත්වය ප්‍රමුඛ සන්නද්ධ හමුදාව, සෞඛ්‍ය අංශ වගේම බොහෝ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඉතා සක්‍රීයව කොරෝනා මර්දන කාර්යයේ නියැළුණු ආකාරය අපි දැක්කා. එහි ප්‍රතිඵලය වුණේ අප රට තුළ කොරෝනාව විස්මයජනක ආකාරයෙන් මර්දනය වීම. හැබැයි කොරෝනා දොම්නස තවමත් රටේ පවතිනවා. ඒ දොම්නස සොම්නසක් බවට පරිවර්තනය කිරීමේ කාර්යය පැවරී තිබෙන්නේ මේ රටේ කලාකරුවන්ට කියලයි මම විශ්වාස කරන්නේ. ඒ පරම පවිත්‍ර චේතනාවෙන් මේ රටේ වේදිකා නාට්‍යකරුවන් ප්‍රේක්ෂා කලා මහෝත්සවය පැවැත්වීම මඟින් මුළු ගැන්වී සිටින ප්‍රේක්ෂකයන් නාට්‍ය ශාලා වෙත ගෙන්වා ගැනීම අති සාර්ථක අන්දමින් සිදු වුණා. ඒ නිසාම තවත් මසක් පුරා නාට්‍ය උලෙළ පවත්වන්න සිදුවන මට්ටමට ආවා. ඒත් සිනමා කර්මාන්තය තුළ එවැනි මැදිහත්වීමක් සිදු වුණේම නැහැ. කොරෝනා නිද්‍රාවක වෙළී සිටින සිනමා ප්‍රේක්ෂකයා යළි සක්‍රීය ලෙස ශාලා වෙත ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයෙන් සිනමා කර්මාන්තය පෙළී සිටියා කියලයි මම හිතන්නේ. සිනමා කර්මාන්තය මෙවැනි අසරණ අකර්මණ්‍ය තත්ත්වයක පවතිද්දී තමයි ස්කෝප් සිනමා සංකීර්ණයත් සරසවිය පුවත්පතත් මේ යෝජනාව අපට ගේන්නේ. ඉතින් අප එක පයින් එයට කැමැති වුණා.

 

 

මෙය සංවිධානය කරන්නේ කවුද?

මගේ චිත්‍රපටය මෙයට තෝරා ගත්තාද නැද්ද යන්න වැදගත් වුණේ නැහැ. මම කොහොමත් මෙවැනි දේකට උදවු කරනවා කියන සිතිවිල්ලෙන් හිටියේ. මොකද මෙය ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක් නිසා. වාසනාවට මගේ චිත්‍රපටය මේ උලෙළේ පළමුවෙන්ම ප්‍රදර්ශනය කරන්න තීන්දු වුණා. මම හිතන්නේ ඒ ස්කෝප් සිනමාස් ආයතනය මේ චිත්‍රපටය කලින් නරඹා තිබුණ නිසා. අනෙක මෙරට මුල් වරට පුවත්පතක් චිත්‍රපටයක චරිතයක් නිරූපණය කිරීම සිදු වන්නේ මගේ මිදුණු විශ්වය චිත්‍රපටයේ. ඒ සරසවිය පුවත්පත.

මේ කටයුත්තට පුදුම විදිහට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය උදවු කළා. ඒ අයට උලෙළ වෙනුවෙන් මම පෞද්ගලිකව ස්තූතිවන්ත වෙනවා. මාධ්‍යකරුවන් සියලුදෙනා තේරුම් ගත්තා මේ වෙලාවේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට කැඳවනවා කියන ව්‍යායාමය කොතරම් දෙයක්ද යන්න.

 

 

උලෙළේ චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයේ අදාළ ප්‍රධාන නළුනිළියන් සහභාගී වීමට නියමිතයි? එයින් ප්‍රේක්ෂකයාට ඇති සොම්නස කුමක්ද?

සිනමාව ප්‍රාග්ධන සූක්ෂ්ම කලාවක් බව ඇත්ත. ඒ වගේම සිනමාව කියන්නේ බොහෝ අයස්කාන්ත කලාවක්නේ... එය හැමවිටම තිබුණේ කර්මාන්තමය පදනමින්. සිනමාව කලාවක් වශයෙන් පවතින්නේම එය කර්මාන්තය පැවතුණොත් පමණයි. ලෝකයේ දියුණුම රටවල