ඇහැයි දිවයි අතර තියෙන්නේ අඟල් තුනක වෙනසක්

රයිගම් Tele'es නිර්මාතෘ  ආචාර්ය රවී ලියනගේ
සැප්තැම්බර් 17, 2020

මෙවර රයිගම් Tele'es සම්මාන උලෙළේ ප්‍රතිභා ප්‍රණාම සම්මානලාභී කලාකරුවන්

දකුණු ආසියාවෙන්ම වසරේ පළමුවෙනියට පවත්වන සම්මාන රාත්‍රිය රයිගම් Tele'es

මෙවර ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම සම්මානට සුමිත්‍රා පීරිස්ට

රයිගම් Tele'es සඳහා විවේචන ඇත්තෙම නැති තරම්

මෙවර ආසන සීමිතයි

ඉඩකඩ වැඩි නිසා ෂැංග්‍රිලා හෝටල් ප්‍රධාන ශාලාව තොරාගත්තා

කොරෝනාවලින් පසුව කලා තරු සහභාගී වන පළමු සම්මාන උලෙළ

අඛණ්ඩව 16 වැනි වරටත් රයිගම් Tele'es

 

පසුගිය මාර්තු මාසයේ 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රයිගම් Tele'es සම්මාන උලෙළ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ කල් ගියේය. එය නැවත සැප්තැම්බර් මස 19 වැනිදා සන්ධ්‍යාවේදී කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවත්වීමට නියමිතය. කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පැවැත්වීමට නියමිතව තිබුණු සියලු සම්මාන රාත්‍රීන් කල් ගිය වකවානුවක අභියෝගයන්ට මුහුණදෙමින් සෞඛ්‍ය ආරක්ෂණ නීතිරීති අනුව පැවැත්වීමට නියමිත රයිගම් Tele'es සම්මාන උලෙළෙහි තතු විමසන්නට අපි රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතාට සම්මුඛ වීමු. 

රයිගම් Tele'es සම්මාන උලෙළට තව දින කීපයයි. එයට සූදානම කොහොමද?

මේ වන විට රයිගම් Tele'es සම්මාන උලෙළ සඳහා සියල්ල සූදානම්. මෙවර අපිට සම්මාන උලෙළ සංවිධානය කිරීමේදී ගැටලු රාශියකට මුහුණ දෙන්න වුණා. කොරෝනා වසංගතයත් එක්ක සියලුම දේවල් අපිට කල් දාන්න වුණා. මාර්තු මාසයේ සම්මාන උලෙළ පැවැත්වීමට සියලු දේ සූදානම් කරලා තිබියදී කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක රට පුරා ඇඳීරි නීතිය දැම්මා. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව සම්මාන උලෙළ පවත්වන්න පසුගිය කාලයේදී අපි කීපවතාවක් උත්සාහ කළා. මේ තමයි අපිට ලැබුණු පළමු අවස්ථාව රයිගම් Tele'es සම්මාන උලෙළ පවත්වන්න. 

හදිසි තත්ත්වය මත රයිගම් Tele'es සම්මාන උලෙළෙහි කළ වෙනස්කම් ගැන කිව්වොත්?

රයිගම් Tele'es සම්මාන උලෙළ අපි වසර හයක් තිස්සේ පැවැත්වූයේ නෙළුම් පොකුණ රඟහලේ. නමුත් මෙවර සෞඛ්‍ය නිර්දේශ අනුව ආසන පනවද්දි නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන ශාලාවේ ඉතා සීමිත ආසන ප්‍රමාණයක් තිබුණේ. ඒ නිසා මේ වෙලාවේ අපි තීරණය කළා මෙවර සම්මාන උලෙළ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පවත්වන්න. ප්‍රධාන ශාලාවේ අවම වශයෙන් ආසන 500ක් පනවන්න තිබුණේ ෂැංග්‍රිලා හෝටලයේ පමණයි. 

කොරෝනා වසංගතයෙන් පසුව ප්‍රමිතීන්ට අනුකූලව ලංකාවේ පවත්වන ප්‍රථම ටෙලි සම්මාන උලෙළ නේද මෙය? 

ඔව්. මම හිතන්නේ නෑ මේ තියෙන තත්ත්වය අනුව වෙනත් සම්මාන උලෙළක් පවත්වන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් සෞඛ්‍ය නීතිරීති අනුව සංවිධානය කරද්දි ශාලාවල ඉඩපහසුකම් නැති එක ලොකු ගැටලුව. හෝටලයක සම්මාන උලෙළක් සංවිධානය කරනවා කියන්නෙත් ලොකු කාර්යයක්. මම හිතනවා ලංකාවේ කලා තරු සහභාගීත්වයෙන් පවත්වන එකම ටෙලි සම්මාන උලෙළ මෙය වෙයි කියලා. 

රයිගම් Tele'es සම්මාන උලෙළ පැවැත්වෙන්න නියමිත වුණේ පසුගිය මාර්තු මාසයේ. නැවත සම්මාන උලෙළ සංවිධානය කරද්දි ආරාධනා පත්‍ර කලබැගෑනිය විසඳගත්තේ කොහොමද?

ආරාධනා පත්‍ර නම් ඇත්තටම කලබැගෑනියක් තමයි. අපි කලින් ආරාධනා පත්‍ර 1600 දෙනෙකුට පමණ සූදානම් කරලා තිබුණා. මෙවර එය 500කට සීමා කරන්න සිද්ධ වුණා. කලින් සම්මාන උලෙළට ආරාධනා කරපු ගණනින් 1/3 කට පමණයි මෙවර ආරාධනා පත්‍ර සූදානම් කරන්න සිද්ධ වුණේ. ඒක හරිම අසීරු කාර්යයක් වුණා. සම්මාන සඳහා නිර්දේශිත නාමලාභීන් නොවෙයි නම් අනෙක් කලාකරුවන්ට එක ආරාධනා පත්‍රයකට සීමා කරන්න සිද්ධ වුණා. සම්මාන සඳහා නිර්දේශිත වුණේ නැති නම් සමහර විට අපිට ප්‍රවීණ කලාකරුවන්ට පවා ඉවත් කරන්න සිද්ධ වුණා. ඒ කිසිසේත්ම ඔවුන්ට අගෞරවයක් කරන්න නෙමෙයි. රජයේ සෞඛ්‍ය නීතිරීති අනුව කටයුතු කරද්දි එසේ කරන්න සිදුවුණා. 

රයිගම් Tele'es සම්මාන උලෙළ කීවෙනි වතාවටද පවත්වන්නේ?

මේ 16 වෙනි වතාවට පවත්වන්නේ. අඛණ්ඩව 16 වෙනි වතාවට. අඛණ්ඩ කියන වචනේ අපිට මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම වලංගු කරන්න ඕනේ වුණා. ලබන වසරෙ කොහොමත් අපි මාර්තු මාසයේ සම්මාන උලෙළ පවත්වනවා. 

ඒ වසර 16 ආපසු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?

අපිට ඒ ගැන සතුටුයි. අපි පෞද්ගලික ආයතනයක් ලෙස වැඩක් කරනවිට ඒ වැඩේ පිළිවෙළට බලපෑම්වලින් තොරව ස්වාධීනව කරන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මේ වසර 16 තුළම ගෞරවණීය විනිශ්චය මණ්ඩලයට අපි උපරිම නිදහස ලබාදීලා තියෙන්නේ. ඒ අයත් අපි නිදහස ලබාදුන්නා සංවිධාන කටයුතු අපිට අවශ්‍ය විදිහට කරන්න. 

මොකක්ද මේ "මැදින්" සංකල්පය?

අපිට අවශ්‍ය වුණා ලංකාවේ සම්මාන ක්ෂේත්‍රයට අලුත් මුහුණුවරක්, අලුත් අත්දැකීමක් සහ අලුත් අරුතක් එකතු කරන්න. "මැදින්" කියන්නේ වසරේ පළමු කාර්තුවට අයිති මාසයක්. අපි වසරේ පළමුවෙන්ම පවත්වන සම්මාන උලෙළ වීමත් විශේෂයක්. මෙහිදී අපි සම්මාන ලබාදෙන්නේ පසුගිය වසරේ විකාශය වුණු නිර්මාණ සඳහා. ඒ නිසා ඒ නිර්මාණ මිනිස්සුන්ගේ මතකයෙන් ඈත් වෙන්න කලින් ඒවා අගය කරන්න අපිට අවශ්‍ය වුණා. දකුණු ආසියාවෙන්ම වසරේ පළමුවෙනියට පවත්වන්නේ රයිගම් Tele'es.  ඒ වගේම අපි රයිගම් ඊඥතඥ'ඥඵ සම්මාන උලෙළට ප්‍රධාන වශයෙන් සම්මාන සංඛ්‍යාව වැඩි කළා. අපි තමයි ලංකාවේ ටෙලි හෝ සිනමා සම්මාන උලෙළක වැඩිම සම්මාන ලබාදෙන සම්මාන උලෙළ. සම්මාන සංඛ්‍යාව 57ක්. ඒ වගේම ටෙලි හෝ සිනමා සම්මාන උලෙළකදී නිර්දේශිත නාම ඇගයීමට ලක් කරන්න නාමයෝජනා සැදෑවක් පැවැත්වුවේ අපි. මේ වසරේ පෙබරවාරි මාසයේ 28 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අපි නිර්දේශිත නාම සැදෑව පැවැත්වුවා. නිර්දේශිත නාමලාභීන් ඇගයීමට ලක් කරන්න සහ ඒ තුළින් ඔවුන්ව දිරිමත් කරන්න අපිට අවශ්‍ය වුණා. 

ටෙලි නිර්මාණ කොපමණ ප්‍රමාණයක් සඳහා නිර්දේශිත නාමයෝජනා තියෙනවාද?

ටෙලි නිර්මාණ 60කට විතර මෙවර නාම යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ මාධ්‍ය අංශයටත් සම්මාන දෙනවා. මාධ්‍ය අංශයට අපි සම්මාන 19ක් ලබාදෙනවා. ටෙලිනාට්‍ය අංශයට සම්මාන 18ක් ලබාදෙනවා. ඊට අමතරව ජනප්‍රිය කාණ්ඩය, ප්‍රතිභා ප්‍රණාම කාණ්ඩය (ජීවිතයේ එක් වරක් පමණක් හිමිවෙන) සහ ජූරියේ විශේෂ සම්මාන සහ සහතික පත්‍ර ලබාදෙනවා. 

මෙවර සම්මාන උලෙළෙහි විශේෂතා මොනවාද?

පසුගිය වසරේ තිබුණු සම්මාන එලෙසම තියෙනවා. එකක් විතරක් වෙනසක් කළා. කැමරාකරණය සඳහා සම්මානය පමණයි කලින් දුන්නේ. මෙවර ආලෝකකරණය සහ කැමරාකරණය යන දෙඅංශයටම සම්මාන ලබාදෙනවා. ඒ වගේම ප්‍රාසංගික අංග 8ක් මෙවර අපි සූදානම් කරලා තියෙනවා. ඒ නිසා සම්මාන උලෙළ පැවැත්වෙන කාලය දීර්ඝ වෙයි කියලා හිතෙනවා. 

ප්‍රතිභා ප්‍රණාම සම්මාන මෙවර හිමිවන්නේ කාටද?

මෙවර ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම සම්මානය හිමිවෙන්නේ සුමිත්‍රා පීරිස් මහත්මියට. අනෙක් ප්‍රතිභා ප්‍රණාම සම්මාන දෙක විශාරද මනෝජ් පීරිස්ට සහ ලියෝනි කොතලාවලට ලබාදෙනවා. 

ජූරි සභිකයන් ලබාදෙන සහයෝගය ගැනත් කතා කරමු?

මෙවර ජූරි සභිකයන් 10 දෙනෙක් ඉන්නවා. ජූරියේ සභාපති බුද්ධදාස ගලප්පත්ති මහතා. මාධ්‍ය අංශය සහ ටෙලිනාට්‍ය අංශය වෙන වෙනම විනිශ්චය කරන්නේ. අවසානයේ දෙඅංශයම එකට විනිශ්චය ලබාදෙන්නේ. ප්‍රවීණ කලාකරුවන් රාශියක් මෙවර විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගි වෙනවා. මහාචාර්ය ආරියරත්න කළුආරච්චි,ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රවින්ද්‍ර ගුරුගේ, ප්‍රවීන සිනමා කැමරා අධ්‍යක්‍ෂක ජයනාත් ගුණවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, සාහිත්‍යවේදිනී ජයන්තා රුක්මනි සිරිවර්ධන, ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක රංග දසනායක හා  මහාචාර්ය අජන්තා හපුආරච්චි යන මහත්ම මහත්මීන් ජූරි සභිකයන් ලෙස කටයුතු කරනවා. 

ජනප්‍රිය සම්මාන සඳහා මෙවර SMS උණුසුම ගැනත් කියමු?

තවමත් ඒ sms උණුසුම එලෙසම පවතිනවා. පසුගිය වසරටත් වඩා මේ වසරේ එය තරගකාරී කියලා මට හිතෙනවා. ඒකට හේතුව ටෙලිනාට්‍ය කියන්නේ මිනිස්සුන්ට එදිනෙදා සමීප වන කලා අංගයක්. ඒ නිසා මිනිස්සුගේ උනන්දුව වැඩියි. අපිට විශේෂයෙන් පුවත්පත්, රූපවාහිනී නාළිකා සහ ගුවන්විදුලිය එහි ප්‍රචාරණ කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබාදෙනවා. මෙවර සම්මාන උලෙළහි ජනප්‍රිය ඛාණ්ඩය සඳහා සැප්තැම්බර් 18 රාත්‍රිය වන තෙක් ඉර්ඉ ලබාදෙන්න පුළුවන්. 

ඕනෑම සම්මාන උලෙළක් අවසානයේ ඒ සඳහා විවෙව්චන එල්ල වීම සාමාන්‍යයයි. රයිගම් Tele'es සම්මාන උලෙළට ඒ වගේ විවේචන එල්ල වනවා ඇති?

මේකට උදාහරණයකින් උත්තර දෙන්න පුළුවන්. පාරේ වළවල් තියෙනවාද ඇහුවාම වළවල් තියෙනවා නමුත් සාමාන්‍ය පාරකට වඩා හොඳයි කියලා කියන්න පුළුවන්. මේ සම්මාන උලෙළත් එහෙමයි. මේ විවේචන ඔක්කොම සාපේක්ෂයි. සාපේක්ෂව බැලුවාම රයිගම් Tele'es සඳහා විවේචන ඇත්තෙම නැති තරම්. හේතුව අපි විනිශ්චය මණ්ඩලයට නිදහසේ ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ ලබාදුන්නා. ඔවුන්ද ඒ කර්තව්‍යය හරියටම කළා. විනිශ්චය මණ්ඩලය වුණත් අපි සමඟ රැඳෙන්නේ ඔවුන්ට ඒ ලබාදුන්න නිදහස නිසා කියලා මම විශ්වාස කරනවා. 

රයිගම් සමාගම කියන්නේ ව්‍යාපාරික ආයතනයක්. ආයතනයට කිසිසේත්ම සම්බන්ධයක් නැති කලා ක්ෂේත්‍රයට මේ කරන සේවය ගැන කතා කරමු?

සම්බන්ධයක් නැත්තේ නැහැ. මම නම් හිතන්නේ ඒකට තියෙන්නේ අඟල් තුනක වගේ දුරක් විතරක්. අපි රස දෙන්නේ දිවට. රූපවාහිනිය රස දෙන්නේ ඇහැට. ඇහැයි දිවයි අතර තියෙන්නේ අඟල් දෙක තුනක වෙනසක්. මේ හැම රසක්ම එකතු වෙන්නේ මනසේදි. මිනිහෙක් ජීවත් වෙන්නේ ජීවිතය විඳීන්නද විඳවන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ ජීවිතය විඳීන්නනේ. මේ සියල්ලම රසවිඳීමට අදාළයි. මිනිස්සු ආනන්දයෙන් ප්‍රඥාාවට යන්න ඕනේ කියලානේ කියන්නේ. අද රටේ වෙන ජාවාරම්, කලකෝලාහල දැක්කාම ආනන්දයට ගියපු තරම පේනවා. මේවා දකිනකොට හිතෙනවා මිනිස්සුන්ගේ විනය සහ මනුස්සකම තව වැඩි විය යුතුයි කියලා. ඒ සඳහා කලාවට, රූපවාහිනීයට කරන්න පුළුවන් මෙහෙවර සුළුපටු නැහැ. ඒ සඳහා අපිට හැකි පමණ ලබාදෙන්න පුළුවන් උත්තේජනයක් තමයි මේ. අඟල් 20ක තිරයක් ඉස්සරහා මිනිස්සු මිලියන 40ක් විතර වාඩි වෙනවා. ඉතින් රූපවාහිනියේ  මිනිස්සුන්ගේ විඥානය හදන්න ප්‍රබල දායකත්වයක් ලබාදෙනවා. අපිට අවශ්‍ය වුණා ඒ කර්තව්‍යයට උරදෙන සියල්ල අගය කරන්න. 

රයිගම් ටෙලි සම්මාන උලෙළ, රයිගම් Tele'es කළේ ඇයි?

අපි රයිගම් ඊඥතඥ'ඥඵ සම්මාන උලෙළ පවත්වන්නේ රූපවාහිනියේ සමස්ත කර්තව්‍යය අගයන්න. එයට ටෙලිනාට්‍ය සහ මාධ්‍ය දෙකම අයිතියි. නමුත් අපි සම්මාන උලෙළ පවත්වන මුල් කාලයේ අවධානය යොමු කළේ ටෙලිනාට්‍ය සඳහා විතරයි. රයිගම් ටෙලි සම්මාන, රයිගම් Tele'es කියලා වෙනස් කළේ ටෙලිනාට්‍ය සහ මාධ්‍ය යන දෙකම අන්තර්ගත කරලා. "Tele'es" කියන නම අපිට ගළපාගන්න පුළුවන්. "ටෙලි සම්මාන"  කියන්නේ සාමාන්‍ය නමක්. ඒත් Tele'es විශේෂයි. මේකට හොඳම උදාහරණය ඔස්කාර් සම්මාන උලෙළ. මේක මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ අමෙරිකාවේ ට්ඡ් කියලා ආයතනයකින්. ඒ ආයතනය සංවිධාන කටයුත්තෙන් ඉවත් වුණත් දැන් ඔස්කාර් කියන නම තියෙනවා.

ඒ කියන්නේ ඔබ මේ Tele'es නම වෙනත් ආයතනයකට දෙන්න සූදානම්ද?

ඔව්. දවසක මේක අපිට නතර කරන්න හිතුණොත් මේ Tele'es නම වෙන ආයතනයකට දෙන්න ලෑස්තියි. වෙනත් සන්නාමයක් එක්ක මේ Tele'es නම පවතින්නයි අපිට ඕනේ. අපිට අපේ රයිගම් නම නෙමෙයි Tele'es නම තමයි ඉස්මතු කරන්න ඕනේ. 

රයිගම් So- Me සම්මාන උලෙළ වගේ තව අලුත් සම්මාන උලෙළක් සංවිධානය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

දැන් social media හරිම බලවත්නේ. ඒ නිසා වසර දෙකකට වතාවක් ඒ නිර්මාණ අගයන්න කළ අපි තීරණය මත තමයි So- Me සම්මාන උලෙළ පැවැත්වුවේ. තව සම්මාන උලෙළක් කරනවා නම් තියෙන්නේ සිනමාවනේ. අතීතයේ ඉඳන් පැවතුණු සරසවිය සම්මාන ඇතුළුව දැන් සිනමා සම්මාන උලෙළ රාශියක් ලංකාවේ තියෙනවා. රූපවාහිනී නාළිකාවලිනුත් සිනමාවට සේවයක් කරමින් සිනමා සම්මාන උලෙළ පවත්වනවා. ඒ නිසා ඔවුන්ට ඒ සඳහා ඉඩකඩ ලබාදීලා සිනමා සම්මාන උලෙළක් අපි කරන්නේ නැහැ. 

රයිගම් Tele'es සම්මාන උලෙළ සඳහා සහයෝගය ලබාදුන් පිරිසක් ඇති ඔබට ස්තූති කරන්න. 

ප්‍රධාන වශයෙන් සම්පත් බැංකුවට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමයි මුදල් ත්‍යාග සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන්නෙ. නිර්දේශිත නාම රාත්‍රිය මොබිටෙල් ආයතනය අපිට විශාල අනුග්‍රහයක් දැක්වුවා. මේ වතාවේ පළමුවෙනි වතාවට ජූරි සභාව ඇතුළුව සියලුම නාමයෝජනා ලාභීන්ට ජීවිත රක්ෂණයක් ලබාදෙනවා. රු. ලක්ෂයක වාර්ෂික රෝහල් ගාස්තු ඇතුළුව ලක්ෂ 10ක ජීවිත රක්ෂණයක් අලියාන් ඉන්ෂුවරන්ස් වෙතින් ලබාදෙනවා. Imagine Entertainment ආයතනයත් මතක් කරන්න ඕනේ. ඒ වගේම ජනමාධ්‍ය අපිට සීමාවන් නැතිව නිමාවක් නැතුව විශාල සහයෝගයක් ලබාදෙනවා.