මගෙ පෙම්වතා නළුවෙක්

නව පරපුරේ රංගන ශිල්පිනී ආලෝකා ධනංජනී
ඔක්තෝබර් 15, 2020

ඇගේ නම ආලෝකා ධනංජනී. ඇය මේ වනවිට නිළියක ලෙසින් කාර්යබහුල වී සිටියි.

මොකක්ද ඔබ මෙතුවක් කළ චරිත අතරින් වඩාත්ම ප්‍රිය චරිතය? එසේ ඇසුවොත් ඇය පවසන්නේ ගරුඬ මුහුර්තය ටෙලි සිතුවමේ බිළිඳී කියාය. එය මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

ආලෝකාගේ වෘත්තීය ජීවිතය ගෙවෙන්නේ ඒ දර්ශනතලයේ පමණද?

අනේ නැහැ අයියේ. ඇයි අහස් මාළිගා නාට්‍යයෙත් මම ඉන්නවනේ. ඒකෙ දිනූ කියලා චරිතයක් කරන්නේ. බොරදියමල් කියලා අලුත් නාට්‍යයකත් මම ෂූටිං.

ඇයි ඔබට ගරුඬ මුහුර්තයේ බිළිඳී විශේෂ?

ඒක ඉතිහාස කතාවක්. බිළිඳී කියන්නේ පවුලේ බාල ළමයා. බාලයා කොහොමත් හුරතලේටනේ හැදෙන්නේ. බිළිඳීත් එහෙමයි. කසාද බැන්දට පස්සේ ඇගේ මහත්තයා නැති වෙනවා. එතනින් තමයි ඇය අභියෝගවලට මුහුණ පාන්නේ. මට රඟපාන්න තිබුණු පරාසය වැඩියි මේකේ. ඒ හින්දා මට බිළිඳී විශේෂ වෙනවා.

ආලෝකා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

සිරස ෆිල්ම් ස්ටාර් කියලා තරඟයක් තිබුණේ. එතනින් තමයි මම ෆීල්ඩ් එකට එන්නේ. එහි බෙස්ට් විලන් වුණේ මම.

ඔබ පුංචි තිරයෙත් විලන් චරිතයක් රඟපෑවා නේද?

ඔව්. නීල පබළු නාට්‍යයේ. ඒ චරිතෙ නම රශ්මි. රශ්මි කියන්නේ දුෂ්ට චරිතයක්. දැන්නම් චරිතය ඉවරයි. රශ්මි ඉන්න කාලේ නොසෑහෙන්න බැනුම් ඇහැව්වා. ෆේස්බුක් එකෙන් එහෙම බැනලමයි කමෙන්ට් එන්නේ.

ආලෝකා රඟපෑ අනෙක් නාට්‍ය පෙළ මතක් කළොත්?

මගේ පළමු නාට්‍ය සිදධාර්ථ ගෞතම, පූරි, අඩෝ, ජීවිතය ඇති තුරා, ඉරුදේව, හදවතේ කතාව, සක්කාරං, හුස්ම වැටෙන මල්, ලංසුපතිනියෝ.

ඔබ මේ වනවිට පෙම්වතියක්?

එහෙම තමයි. මගේ පෙම්වතා රංගන ශිල්පියෙක්. තව ටික කලකින් වැඩි විස්තර කියන්නම්. මම හිතනවා දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණාම අවබෝධයක් තියෙනවා කියලා.

අලෝකාගේ පදිංචිය?

මගේ ගම මාවනැල්ල. වැඩවලට පහසු නිසා රත්මලානේ ඉන්නේ.

පාසල?

බැද්දේවෙල මහ විදුහල.

අලෝකා ධනංජනී කියන්නේ මොනවගේ චරිතයක්ද?

හරිම සරල කෙනෙක්.

 

තිලක් පෙරේරා