වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
ඕලු ගෙනෙන ඕලු මනාලී
ඇය පුංචි තිරයේ තවත් එක් අහිංසකාවියකි. සැබෑ නම මංජුලා කුමාරි වුවත් රටක් ඇය හඳුනාගන්නේ ඕලු චරිතයෙනි. ඉන්පසු මංජුලා කොතෙක් චරිත රඟපා ඇත්ද... එහෙත් බොහෝ දෙනා තවමත් ඇය අමතන්නේ ඕලු නමිනි. ඒ චරිතය එතරම්ම ජන ගත විය. මේ ඕලු එහෙමත් නැත්නම් මංජුලා කුමාරි අලුත් කාර්යයකට අත ගසා ඇති බවට දැන ගන්නට ලැබුණා. කලාවේ රැඳෙමින් ව්‍යාපාර ලොවටත් අවතීර්ණ වන්නට කලක පටන් ඇය සූදානම් වුණා. ඒ සිහිනය මල්ඵල ගන්වමින් ඉකුත් දා ඉකුත් දා මංජුලා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කළා. ඕලු මනාලි , එහෙම තමයි ඇය එයට නම තබා ඇත්තේ. ඒ ගැන වැඩි විස්තර ඇය මෙහෙම අප හා පැවසුවා.
ව්‍යාපාර ලොවට පිවිසෙන්නට බලාපොරොත්තු වුණේ ඇයි?
දිගු කාලයක් තිස්සේ කැමැත්තෙන් හිටියා ව්‍යාපාර පැත්තට යොමු වෙන්න. ටෙලි නාට්‍යය කිහිපයකුත් මං නිෂ්පාදනය කළානේ. විශේෂයෙන්ම ඇඳුම් සම්බන්ධව ව්‍යාපාරයකට අත ගහන්න හිතුවේ, මං ගොඩක් පිට රටවල සංචාරය කරන්න ගියාම දැකලා තියෙනවා ලස්සන ලස්සන ඇඳුම්. නමුත් ඒවා අපේ රටේ ගන්න හරියාකාර තැනක් නැහැ. මට අවස්ථා කිහිපයකදීම හිතිලා තිබුනා අනේ අපේ රටෙත් මේ වගේ ඇඳුම් තිබුණනම් කියලා. මං විවාහ වන දවසේදී ඇඳුම් තෝරද්දිත් ඔය ප්‍රශ්නෙම ආවා. හිතට ගැළපෙන හරිම ලස්සන ඇඳුම් හොයන්න හරිම අමාරුයි. ඒ සිතුවිල්ල නිසයි මං මේ වගේ ඇඳුම් ව්‍යාපාරයකට අත ගහන්න හිතුවේ. වෙනත් රටවල සංචාරය කරන ගමං මං අන්කොමන් ඇඳුම් කිහිපයක් මිලදී ගෙන ලංකාවට ගේන එක පුරුද්දක් කරගෙන හිටියා. එහෙම ගෙනාව ඇඳුම් කලෙක්ෂන් එකක් තමයි මගේ ෂොප් එකට අන්තර්ගත වන්නේ.
දැන් වැඩිපුර ම කාලය යොදවන්නේ කලාවට ද ව්‍යාපාරවලට ද?
මං රඟපෑම වුණත් එක දිගටම කළේ නැහැනේ. ලැබුණු හොඳ චරිතයක් දෙකක් පමණයි බාරගත්තේ. වසරකට සමහරක් විට මම නාට්‍යයක් හෝ දෙකක් විතරයි කරල තියෙන්නෙ. ව්‍යාපාරය පටන් ගත්ත කියලා ඒ තත්ත්වෙ වෙනසක් ඇති වෙන එකක් නෑ. මම ව්‍යාපාර පැත්තට දැන් කොහොමත් හිත යොදවනවානේ. ඒ වගේම කලාවෙත් වැඩ කරගෙන යනවා. ව්‍යාපාර ක්ෂේත්රය කලා ක්ෂේත්රයේ අතර සමබරව ගමනක යෙදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ කාලය ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදුසුයි කියලා ඔබ හිතුවේ ඇයි?
අපට ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා නැකතක් දීලා තිබුණා. හරියටම මේ මාසේ විසි එක්වැනි බදාදා. එදා ම ව්‍යාපාරය ආරම්භ කරන්න මං හිතුවා. ආයෙ නැකත් හද හද ඉන්නවට වැඩිය ලැබුණු නැකතින් ව්‍යාපාරය ආරම්භ කළොත් හොඳයි කියලා තමයි හිත කිව්වේ.
කොරෝනා වසංගතය නිසා ව්‍යාපාරික සිහිනය කල් දාන්න හිතුවේ නැද්ද?
මං අර කලින් කිව්වේ, අවස්ථා කිහිපයකදී මෙය කල් දාන්න කියලා හිතුණා. නමුත් එය මට ලොකු ආසාවක් තිබුණා ලබාදුන්නු නැකතෙම ව්‍යාපාරය ආරම්භ කරන්න. අන්තිම මොහොතේදී තමයි ආරාධිතයින් සඳහාත් ආරාධනා කළේ
ඕලු මනාලි ආයතනය මගින් සිදු කරන කාර්යයන් මොනවාද?
ෂොප් එකේ තියෙන්නේ wedding dresses, party dresses. ඒ වගේම ඒවාට ගැළපෙන jewellery එහෙම තියෙනවා. ඒවා අවශ්‍ය අයට ලබා දීම තමයි මේ මඟින් සිදු කරන්නෙ.
ඕලු මනාලි ෂොප් එක කොහෙද තියෙන්නේ?
දෙහිවල අත්තිඩිය පාරේ තමයි ෂොප් එක තියෙන්නෙ.
මේ දවස්වල රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවාද?
සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ පමණයි මේ දවස්වල රංගනයෙන් යෙදෙන්නේ. තවත් නාට්‍යයක රඟපෑවා. එක තාම විකාශය ආරම්භ වුණේ නැහැ.
ටෙලි නාට්‍ය කිහිපයකුත් ඔබ නිෂ්පාදනය කළා නේද?
ඔව්. සසර සෙවණැලි, සසර බැඳු බැමි, සපුමලී, සහ අහස සේ නුඹ අනන්තයි කියන නාට්‍ය හතර තමයි මම නිෂ්පාදනය කළේ.
නැවතත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්න අදහසක් නැද්ද?
ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරනවා නම් ඒ සඳහා විශාල කාලයක් කැප කළ යුතුයි. මං හිතනවා මේ අවස්ථාවේදී මට ඒ කාලය කැප කිරීමේ අපහසුවක් තියෙනවා කියලා. මොකද මගේ දරුවො දෙන්නගෙ වැඩ කටයුතු තියෙනවා. ඒ දෙන්නා තවම පොඩියිනේ. මම ඔවුන් වෙනුවෙන් වැඩි කාලයක් කැප කරමින් තමයි ඉන්නේ. මේ හේතුව නිසා මම ළඟදි ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන එකක් නැතිවේවි.
චමිත් ෂා අම්බලන්ගොඩ