මම සුහද වුණාම හරිම මිත්‍රශීලියි

ජනවාරි 7, 2021

 

 

Interනැසනල් සහ දාම් සමඟින් ඔබ හමුවට එන ටාෂි කාලිදාස...

 

 

ඇගේ සැබෑ නම ටාෂි කාලිදාස වුණත් ඔබ ඇය වඩාත් හඳුනන්නේ නීනු යන නමිනි. මේ නීනු ඉන්නේ ඪදබඥපනැසනල් ටෙලි සිතුවමේ. ටාෂි රඟපෑ කුලුඳුල් ටෙලි සිතුවම වන්නේද ඪදබඥපනැසනල්. ඉතින් ඔබ කැමති ඇති මේ සුරූපිනිය කවුද කියා හඳුනා ගන්න.

 

 

ටාෂි, ඔබ කොහොම ද රඟපෑමට පිවිසෙන්නේ?

ඉන්ස්ටග්‍රෑම්වල තිබුණු මගේ පින්තූරයක් දැකලා මට වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වෙළඳ දැන්වීම් හුඟක් ජනප්‍රිය වුණා. ඒවාට අදාළ කටවුට් පෝස්ටර් රට වටා දකින්නට තිබෙනවා. ඔය අතරතුර දී තමයි මට Interනැසනල් ටෙලි සිතුවමේ රඟපෑමට ආරාධනාව ලැබෙන්නේ.

 

ඔබට මීට ප්‍රථම නාට්‍යවලට කතා කරලා ඇති, නමුත් ඔබ ඉන්ටර්නැසනල් ඔබේ පළවෙනි ටෙලිනාට්‍යය ලෙස තෝරා ගන්නේ ඇයි?

මේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ සුජීව ප්‍රියාල් මහත්මයා. ඔහුගේ බිරිය දුලිකා මාරපන අක්කා තමයි එයින් නිෂ්පාදක විදිහට කටයුතු කරන්නේ. මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණයකට රංගනයෙන් දායක වන්නට ලැබීම එක්තරා අන්දමක වාසනාවක්. ඒ වගේම පිටපත කියෙව්වාම නීනූ කියන චරිතය තුළ මට කරන්න දෙයක් තියෙනවා කියලා මට හිතුණා. මගේ පළවෙනි ටෙලිනාට්‍ය විදිහට ඪදබඥපනැසනල් තෝරා ගත්තේ ඒ හේතු කාරණා මත.

 

නීනු කියන්නේ මොන වගේ චරිතයක්ද?

ජීවිතයේ හැමදෙයක්ම සාධාරණ විදිහට බලන චරිතයක්.

 

නීනු චරිතය රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් එහෙම මොනවද තියෙන්නෙ?

ඇත්තටම දුලීකා අක්කා සෙට් එකේ ඉන්නවා කියන්නේ ඉන් ඉදිරියට වෙන හැම සිදුවීමක්ම අමතක වෙන්නේ නෑ. තරම්ම සුන්දරයි. ලොකු සහෝදරියක් වගේ ඇය අපිව බලා ගන්නවා. ඊට අමතරව එහෙමයි කියලා විශේෂ අවස්ථාවක් නැහැ. දුලීකා අක්කා ඉන්න වෙලාව තමයි හරිම ෂෝක්.

 

ඔබ රඟපාන තවත් ටෙලි සිතුවමක් විකාශය වෙනවා නේද?

ඒ ධනුෂ්ක රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කළ දාම්. එකේ මම ශෙනායා කියන ප්‍රධාන චරිතයක් රඟපානවා.

 

ඔබට චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වන්නට ආරාධනා ලැබිලා නැද්ද?

තියෙනවා. Happy birthday  කියන චිත්‍රපටයට ආරාධනා ලැබුණා. ඒක අධ්‍යක්ෂණය කරන්නෙ අරුණ ජයවර්ධන මහත්මයා.

 

ඉදිරියේදී රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

මං මේ වෙනවිට රඟපාලා තියෙන්නේ නංගිලාගේ චරිත. ඊට පරිබාහිරව වෙනත් චරිතයක්, ඒ කියන්නේ ඇඳුම් පැළඳුමෙන් පවා මිනිසුන්ට මතක හිටින චරිතයක් කරන්න ආසයි. මං මට රඟපාන ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නෙත් නැහැ. පෙම්වතියක්ම නෙමේ, ඊට පරිබාහිර වූ වෙනස් චරිතයක් කරන්න ආසයි.

 

මේ වන විට ඔබ සැබෑ ජීවිතයේ පෙම්වතියක්ද?

අනේ නෑ. තාම මට වයස අවුරුදු විස්සක්වත් වුණේ නැහැනේ.

 

ඔබ වෘත්තීය නිළියක් වෙන්නට අපේක්ෂා කරන්නේ?

මේ වන විට ගුවන් සේවිකාවක් වන්නට ඉගෙන ගන්නවා. ඒ රැකියාව කරන ගමන් රඟපෑම කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

ටාෂිගේ ගම කොහෙද?

මම නුවර.

 

ඉගෙනගත් පාසලත් මතක් කළොත්?

ලෙක්ෂිකෝන් ජාත්‍යන්තර විදුහල.

 

උපන් දිනය?

ඔක්තෝබර් 4 වැනිදා.

 

පවුලේ විස්තර?

අපේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අක්කයි.

 

ඔබ ටිකක් ආඩම්බරකාර චරිතයක් කියලා කෙනෙක් කිව්වොත්?

මා මගේ දිහා මුලින්ම බලන කෙනෙක් එහෙම තමයි බොහෝ වෙලාවට හිතන්නේ. මම හැමකෙනත් එක්කම කතා කරන්න යන්නේ නැති හින්දා වෙන්න ඇති එහෙම හිතන්නේ. නමුත් මම සුහද වුණාම හරිම මිත්‍රශීලියි.

 

 

පමෝද් නිල්‍රූ