රුවන් පැවිදි බිමට

රුවන් පෙරේරා
පෙබරවාරි 25, 2021

 

 

 

කුඩා කල සිටම තමන් දකිමින් සිටි සිහිනය යථාර්ථයක් කරමින් ඒ ඔස්සේ තම රංගන ප්‍රතිභාව මැනවින් ප්‍රේක්ෂකයා වෙත ප්‍රක්ෂේපනය කළ යොවුන් පරපුරේ සම්මානනීය රංගන ශිල්පී රුවන් පෙරේරායි අද අපේ කවරය හැඩ කරන්නේ. “හාර කෝටිය” ටෙලිනාට්‍යයේ “ඩිංකා” ලෙසින් ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනා ගත් රුවන්, ඉදිරියේදී රසික ඔබ වෙත ළංවන්නට බලාපොරොත්තු වන “එක ගෙයි සොකරි” සිනමාපටය ඔස්සේ වෙනස්ම චරිතයක් නිරූපණය කරන බවයි සරසවිය අපිට ආරංචි වුණේ. ඒ ගැන වගේම දශක එක හමාරක තම රංගන දිවියේ අද්දැකීම් රුවන් අපි එක්ක බෙදා ගත්තේ මේ අයුරින්.

 

 

 

" එක ගෙයි සොකරි" හි ධීරානන්ද හාමුදුරුවෝ වෙන්න රුවන්ට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

ජැක්සන් ඇන්තනි මහත්තයා මට කතා කරලා කිව්වා චරිතයක් තියෙනවා ඒ ගැන කතා කරගන්න එතුමගේ ඔෆිස් එකට එන්න කියලා. ඒ වනවිට මම කෝටිපතියෝ ටෙලිනාට්‍යය පටන් ගෙන. මගේ කොණ්ඩය රැවුළ වවලා හිටියේ. මම ගිහින් කතා කළාම එතුමා මට කිව්වා රුවන් මේ චරිතය බොහෝ දුරට කතාබහට ලක් වෙනවා. චිත්‍රපටය තුළ තිබෙන ප්‍රධාන භූමීකාවක් මේ චරිතය. මාත් එක්ක කළින් කළ ටෙලිනාට්‍ය දෙකේම රුවන් දක්ෂතා පෙන්නලා සම්මානත් ගත්තා. මම හිතනවා රුවන්ට මේ චරිතය කරන්න පුළුවන් කියලා. රුවන් මේ චරිතය භාර ගන්න හැබැයි රුවන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ රැවුළයි කොණ්ඩෙයි දෙකම කපන්න වෙනවා කියලා.

 

ඉතින් රැවුළ කොණ්ඩේ කපන්න කැමති වුණාද?

රැවුළ කොණ්ඩේ කපන්න කිව්වම මට මොනවද කරන්නේ කියලා හිතාගන්න බැරි වුණා. මොකද ඒ වනවිට මම රඟපාමින් සිටි ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපනණය කරමින් සිටියේ. ඉතින් මං ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සද්ධා මංගල අයියට කතා කරලා මේ විස්තරය කිව්වම අයියා මට කිව්වා රුවන් ටෙලිනාට්‍යය නිසා මේ අවස්ථාව මඟහැර ගන්න එපා. ඔයාට මේක ලැබුණු හොද අවස්ථාවක්. අපි මේක කොහොමහරි කරමු කියලා. ඔහු මට චරිතයට අවශ්‍ය පරිදි පිටපත වෙනස් කරලා උදවු කළා. එහෙම නොවුණා නම් මට මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න වන්නේ නෑ.

 

ස්වාමින්වහන්සේ නමක් කියන්නේම ඇවතුම් පැවතුම් වලින් කතාබහ තුළින් ගමනින් සාමාන්‍ය කෙනෙකුට එහා ගිය කෙනෙක්, රුවන් කොහොමද මේ චරිතයට අනුගත වුණේ?

මෙහෙමයි, කොණ්ඩේ රැවුළ අයින් කරලා සිවුර දා ගත්ත පමණින් හාමුදුරු නමක් විය නොහැකියි. හාමුදුරුවෝ කියන්නේ කවුද, ගුණාංග මොනවද, ඇවිදින්නේ කොහොමද, සිවුර ඇඳගෙන අමදින්නේ කොහොමද, සිවුරක් පොරවන්නේ කොහොමද ආදී වශයෙන් ප්‍රශ්න ගණනාවක් මට තිබුණා.

 

ඉතින් රුවන්ට පුළුවන් වුණාද ඒ ප්‍රශ්න විසඳගන්න?

මේ චිත්‍රපටය වෙනුවෙන් මගෙන් දිය හැකි උපරිමය දෙන්න මට ඕනෙ වුණා. මහණ නොවී මේ සියල්ල දැනගන්නේ කොහොමද කියලා මම කල්පනා කළා. ඒ නිසාම මම රත්නපුර තපෝවන විහාරයේ ලොකු හාමුදුරුවො එක්ක මේ ගැන කතා කළා. උන්වහන්සේගේ කැමැත්තෙන් මඟපෙන්වීමෙන් එහිදී මම නියම භික්ෂුභාවය ලබා පැවදි වුණා. සතියක කාලයක් ශීලය රකිමින් භික්ෂුන් වහන්සේ යනු කවුරුන්දැයි මම අත්වින්දා. ඒ ඔස්සේ මේ චරිතයට අනුගතවීම මට පහසු වුණා.

 

'එකගෙයි සොකරි' තුළ රුවන්ට මතකයේ දැඩිව රැදුණම සිදුවීම මොකද්ද?

පළවෙනි දර්ශනයේදී මොනරා (අකිල ධනුද්දර) අතුරුදන් වෙලා කියලා නුවරින් ආපු හාමුදුරුවරු දෙදෙනෙක් මට කියනවා. මොනරා මං නුවර ඉන්න කාලේ මගෙ යාළුවා. ඔහු රට වෙනුවෙන් කැපකිරීම් කළ කෙනෙක්. මොනරා අතුරුදහන් වුණා කියද්දි මගෙ ඇස්වලින් කඳුළු ආවා. ඒක පිටපතේ තිබුණේ නෑ. නමුත් මට ඒ අවස්ථාව හොඳටම දැණුනා. ඒ ඵඥඥද එක ඉවර වුණාට පස්සේ ජැක්සන් ඇන්තනි මහත්මයා සහ සහාය අධ්‍යක්ෂ ඇතුළු හැමෝම මට ප්‍රසංශා කළා.

 

දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ කියලා අවුරුදු පහළොවක් ක්ෂේත්‍රය තුළ අතරමං නොවී ඉදිරියට යන්න පාර පෙන්නුවේ කවුද?

පුංචිකාලේ ඉදලා මම ගමේ සමිති සමාගම්වල තනතුරු දැරුවා. ඉස්කෝලෙදි, දහම් පාසලේදී මම ම නාට්‍ය පිටපත් ලියලා රඟපෑවා. පසු කාලයේදී මට ජැක්සන් ඇන්තනී මහතා මුණ ගැසෙනවා. ' අබා' චිත්‍රපටය රූ ගත කිරීමේදී අනුරාධපුරයේ අපි මාස තුනක කාලයක් ගත කරනවා. ඒ කාලයේදී මම ඉගෙනගත් දේ බොහොමයි. නළු නිළියන් කැමරාව ඉදිරියේ රඟපාන ආකාරය, වැරදෙන දේ හදාගන්න ආකාරය, ඩිරෙක්ටර් නළු නිළියන්ට චරිතය පිළිබඳ කියා දෙන විදිහ, ඵඩධබඵ නතචද කරන ආකාරය වගේ බොහොමයක් දේ ඒ කාලයේ දී මම ඉගෙන ගත්තා.

රංගනය පිළිබඳ තවදුරටත් ඉගෙනගන්න වුවමනා බව ජැක්සන් ඇන්තනි මහත්මයා සමඟ කිව්වම එතුමා මාව අනෝජා වීරසිංහ මහත්මිය වෙත යොමු කළා. එතැනදී මාස 6 ක් පමණ මම විවිධ දේ ඉගෙන ගත්තා. ඉන්පසු රෝහණ දේව පෙරේරා මහත්මාගෙනුත් මම රංගනය පිළිබඳ හැදෑරීම් කළා.

රුවන් වේදිකාවට කැමතියි කිව්වට වේදිකාවේ පේන්න නෑනේ?

ඇත්තටම මම හරිම කැමතියි වේදිකාවට.

රෝහණ දේව පෙරේරා මහත්මයාගේ 'හුණුවටයේ නාටකය' සහා අනුර චන්ද්‍රසිරි මහත්මයාගේ 'දෙයියෝ සාක්කි' යන වේදිකා නාට්‍ය දෙක පමණයි මම කරලා තියෙන්නේ.පසුගිය කාලයේදී ඒ හා සම්බන්ධ වෙන්න මම සෑහෙන්න උත්සාහ කළා. නමුත් මට ආරාධනා ලැබිලා නෑ. මට හිතෙන්නේ ටෙලිනාට්‍ය හා සිනමාවට අලුත් මුහුණු ආවට වේදිකාවේ නම් ඉන්නේ පරණ මුහුණුම තමයි. මට ආරාධනාවක් ලැබුණොත් ඉතාම කැමැත්තෙන් ඉන්නවා ඒ හා සම්බන්ධ වෙන්න.

 

කලා ක්ෂේත්‍රයට සමාජමාධ්‍ය ජාලා හා බැඳුණු face book,, youtube,ticktock,  ඔස්සේ එකතුවෙන පිරිස ගැන රුවන්ට තියෙන්නේ මොනවගේ අදහසක්ද?

ඕනම කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න ලැබිලා තියෙන මේ අවස්ථාව තුළ ගැළපෙන අයද මේ ක්ෂේත්‍රයට එන්නේ කියන ප්‍රශ්නය මට තියෙනවා. නමුත් ඕනෑම කෙනෙකුට ලැජ්ජාව සහ භය තිබිය යුතුයි. එහෙම නැති වුණොත් කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. දක්ෂතා ඇති අයත් ඉන්නවා. ඉන්දියාවේ රනු මොන්ඩාල් වගේ චරිත හඳුනා ගන්නේ සමාජ මාධ්‍ය හරහා. ඒ තුළ බොහෝ දෑ ඇයට ලැබුණා. නමුත් කලාව තුළ රැදෙන්න නම් අනිවාර්යයෙන්ම දක්ෂතාව වගේම විනය තිබිය යිතුයි. ප්‍රවීණයෙක් හිටගෙන හිටියොත් නැඟිටලා පුටුව දෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ අද. මේ තුළ කොහොමද කලාවක් ඉදිරියට රැකෙන්නේ. කෙල්ලෙක් නම් පාට වුණාම, කොල්ලෙක් නම් සික්ස්පැක් තිබුණම හිතනවා අපි නළුවො නිළියෝ කියලා. ර්‍ථඩධබධ ඵඩධධබ එකක් කළ පමණින් එයා ථධඤතඥප කෙනෙක් වෙන්නේ නෑ. ඒ එන අයට කකුලේ වැලි කැටයක් පෑගුණත් පොඩ්ඩක් අව්වේ යන්න වුණත් මඩකට බහින්න කිව්වත් හරිම අමාරුයි. රංගනය කියන්නේ කාමරේට වෙලා බඪජඬබධජඬ කරන එක නෙවෙයි. ඒක තේරුම්ගන්න බැරි අය තමයි දැන් එන්නේ.

 

රුවන්, නළුවෙකුට තමන්ව maintain කරන එක කොයිතරම් වැදගත්ද?

maintain කරනවා කියන්නේ ජිම් ගිහින් ඇඟ හදාගන්න එක කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. ශරීරයට ව්‍යායාම අවශ්‍යයි. නිරෝගීකම ඉතාම වැදගත්. රංගන ශිල්පියෙක් නම් ඔහු ථචඪදබචඪද විය යුත්තේ එකක් වෙනුවෙන් නෙවෙයි. නළුවෙක් නම් ඒ ඒ චරිත වෙනුවෙන් ගස් නඟින්න වෙනවා, පීනන්න වෙනවා, දුවන්න වෙනවා, සමහර විට උස්සගෙන යන්න වෙනවා මේ හැමදේටම ඔරොත්තු දෙන්න ථචඪදබචඪද විය යුතුයි.

 

රුවන්ට හරියට යාළුවෝ ඉන්නවලු නේද?

ඔව්. මට යාළුවෝ ගොඩක් ඉන්නවා. මං හිතන්නේ ' ඩිංකා' ජනප්‍රිය වෙන්නෙත් ඒ නිසා. ඇත්තටම මට පුළුවන් උපරිමයෙන් ඒ අයට උදව් කරන්න මං හැමවෙලේම උත්සාහ ගන්නවා. මේ වෙනකොට එහෙම 56 දෙනෙක්ට මම රැකියා අරන් දීලා තියෙනවා. කලාව හා විවිධ ක්ෂේත්‍රවල. මගේ යාළුවෙක් වෙන්නත් ලේසී නෑ. හොඳ විශ්වාසයක් තියෙන්න ඕන.

 

රුවන්ගෙ දශක එක හමාරක මේ ගමන ආපස්සට හැරිලා බැලුවොත්?

ගොඩක් සතුටුයි. මම බලාපොරොත්තු වුණ හීනය හිතුවටත් වඩා හොඳීන් කරගන්න පුළුවන් වුණා. මේ හැම දේම අහම්බෙන් ලැබුණ දේවල් නෙවෙයි. මම මේ වෙනුවෙන් හීන දැක්කා. දුක් වින්දා. කට්ට කෑවා. නිදිමැරුවා. බඩගින්නේ හිටියා. ඒ කැපකිරීම්වල එකතුවක් තමයි මගේ සාර්ථකත්වය. මට කතා කරන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා මේ ආපු ගමන ඇතුළේ. ඒක සතුට හා දුක මුසු වුණ කතාවක්. මේ අවුරුදු පහළොව තුළ හැමදාම මගේ එක ටෙලිනාට්‍යයක් හෝ විකාශය වෙලා තියෙනවා. අද්දැකීම් එකතු කරන් ආවම ඉන්න විදිහ දන්නවා. ඉන්න විදිහ තීරණය වන්නේ ආපු විදිහ එක්කයි.

 

රුවන්ට ලැබුණ අමතක නොවනම ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොකද්ද?

අමතක නොවෙනම ප්‍රතිචාරය ලැබුණේ ' ඩිංකා' ට තමයි. මම වරක් හම්බන්තොට සංවිධානය කරලා තිබුණ උත්සවයක් සඳහා සහභාගී වුණා. එතැනට එන්න අපේක්ෂා කළ පිරිස පන්දාහක් වුණත් 15000ක් පමණ ඇවිත් හිටියා. ඒ වෙලාවේ සෙල්ෆි ගහලා මගේ අත වෙව්ලන්න ගත්තා. හිනා වෙලාම මූණ කට වෙව්ලන්න ගත්තා. එකම ඉරියව්වෙන් එච්චරට සෙල්ෆි ගත්තා. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.