බැප්ටිස්ට් මගේ සීයා

- ක්‍රිස් විජේවර්ධන
මාර්තු 4, 2021

 

ඇත්තටම මම නගරයක හැදුණ වැඩුණ කෙනෙක්. මේ චිත්‍රපටය වෙනුවෙන් සුන්දර ගම්මානයකට යන්න මට ලැබුණා. මම එහෙට ගියාට පස්සෙ තමයි දැන ගත්තෙ කොළඹ ජීවත් වෙන අපි කොච්චර දුප්පත්ද කියලා. ගමේ මිනිස්සුන්ට පිරිසිදු වතුර තියෙනවා, ඕන තරම් කෑම තියෙනවා, සිතේ සතුටින් ඔවුන් ජීවත් වෙනවා.

 

අයියේ මම බැප්ටිස්ට් ප්‍රනාන්දු ගේ මුනුපුරා...

ඉකුත් දිනයක දී නන්නාදුනන දුරකථන අංකයකින් පැමිණ ඇමතුමකදී අනෙක් අන්තයෙන් එසේ කියනු මට ඇසිණ.

 

එතකොට ඔයාගේ නම මොකද්ද?

මම ක්‍රිෂ් විජේවර්ධන..

 

එතකොට බැප්ටිස් ප්‍රනාන්දුගේ දුවෙකුගෙ පුතකුද මේ?

හරියට හරි අයියේ. මම මේ දවස්වල චිත්‍රපටයක ඉන්නවා. ඒකයි කතා කළේ..

 

ඒ මොකක්ද?

අපිට අපිට සැදුණ අපේ ලෝකය කියලා රිලීස් වුණේ.. ඒක සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයා නිෂ්පාදනය කරපු එකක්. ලාල් ප්‍රියදේව තමයි අධ්‍යක්ෂවරයා.

 

එකේ කවුරු හැටියටද ඔබ රඟපාන්නේ?

ප්‍රථම වතාවට සත්තු සිංහලෙන් කතා කරන චිත්‍රපටයක් ලෙස එක හඳුන්වල දෙන්න පුළුවන්. ලස්සන ළමා කතන්දරයක්. එකේ ප්‍රධාන විලන් විදිහට ඉන්න සතා ඒ කියන්නේ tiger.  ඒ වෙනුවෙන් හඬ කවන්නෙ මම. මේ කටහඬින් නෙමේ වෙනස් කරලා තමයි මම හඬ කැව්වේ. එයට අමතරව මම චිත්‍රපටයට සම්බන්ධ වුණා රංගනයෙන් සහ ප්‍රධාන නර්තන ශිල්පියා විදිහට. දඩයක්කරුගේ සහායකයා විදිහට තමයි රඟපාන්නේ.

 

එතකොට මේ ප්‍රථම වතාවටද රඟපාන්න ආවේ?

සිනමාවෙ නම් first time තමයි මං මේ රඟපාන්නේ. මම මුලින්ම රඟපෑවේ පැණි කුරුල්ලො කියන ටෙලිනාට්‍යයෙ. ඊට පසුව අමාලියා කියන නාට්‍යයෙත් රඟපෑවා.

 

ඔබ බැප්ටිස්ට් ප්‍රනාන්දු කලාකරුවාගේ මුනුපුරා කියලා ක්ෂේත්‍රයේ අය දන්නවාද?

බොහෝදෙනා දන්නේ නැහැ. නමුත් සිනමා ක්ෂෙත්‍රයේ සමීපතම ඇසුරු කරන අය තමයි මාව වඩාත් හඳුනන්නේ.

 

ඔහුගේ මුනුපුරා කියලා දැනගත්තට පස්සේ මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු කියනවා මම සීයා වගේමයි කියලා. ඊටත් අමතර තව අය මට කියනවා මට තියෙන්නේ සිනමාවට ගැලපෙන මුහුණක් සහ ඵඬඪද බධදඥ එකක් කියලා. මට තවම අවුරුදු විසි එකයි. නමුත් ඊට වඩා පෙනුම තියෙනවා සහ ඊට වඩා මම ක්ෂේත්‍රයේ දැනුමෙන් පොහොසත් කියලා මට හිතෙනවා. සීයාට සමාන කරලා මං ගැන කතා කතා කරපු අමුතු සතුටක් දැනෙනවා.

 

බැප්ටිස් ප්‍රනාන්දු රඟපෑ චිත්‍රපට අතරින් ඔබ වඩාත් කැමති මොන නිර්මාණයටද?

ටිකිරා චිත්‍රපටියට මං ගොඩක් ආසයි. එතකොට දුප්පතාගෙ හිතවතා, ඒකටත් ගොඩක් කැමතියි.

 

බැප්ටිස්ට් ප්‍රනාන්දු චිත්‍රපට නිෂ්පාදනය කරමින් තමන්ට අවැසි චරිත සොයා ගියා. ඔබත් ඒ වගේ කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?

ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරලා වෙනස්ම චරිතයක් සමගින් මම ප්‍රේක්ෂකයින් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.

 

අපට සැදුණු අපේ ලෝකයේ චිත්‍රපටයේ රඟපාන්න ගිහිල්ලා මොන වගේ අත්දැකීම් ටිකක්ද ඔබ ලබා ගත්තේ?

මම නගරයක හැදුණ වැඩුණ කෙනෙක්. මේ චිත්‍රපටය වෙනුවෙන් සුන්දර ගම්මානයකට යන්න මට ලැබුණා. මම එහෙට ගියාට පස්සෙ තමයි දැන ගත්තෙ කොළඹ ජීවත් වෙන අපි කොච්චර දුප්පත්ද කියලා. ගමේ මිනිස්සුන්ට පිරිසිදු වතුර තියෙනවා, ඕන තරම් කෑම තියෙනවා, සිතේ සතුටින් ඔවුන් ජීවත් වෙනවා. දුව පැන ඇවිද යන්න ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. වෙල් ඉපනැලි තියෙනවා. නමුත් අපිට මේ මොකක්වත්ම නෑ. ඉතින් මම ඒ කෙටි කාලයේ ගමේ රැඳී සිටීමට අවස්ථාව උදාවීමම මම දකින්නේ මම කෙටි කාලිනව හරි ගැමියෙක් වුණා කියන එක.

 

සිනමාව පැත්තෙන් නළුවෙක් විදිහට ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

ඇත්තටම ජනප්‍රිය නළුවෙක් වෙන්න තමයි මට උවමනාව. කවදා හරි ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරය ජයගන්න නිර්මාණයකට දායක වන්නට බොහෝ කැමැත්තෙන් ඉන්නවා.

 

ක්‍රිස් කොළඹ කොහෙද?

කොළඹ හය කියලා තමයි කියන්නේ.

 

එතකොට මෙහි ඉස්කෝලෙකින්ද ඉගෙනගත්තෙ?

මම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

 

එහෙනම් ඔබේ ගමනට සුබ පතනවා

දුරකථන ඇමතුම විසන්ධි කරන්න ට පෙර මම කීවෙමි.

ඔහු එයට පෙරළා ස්තුතියයි කීවේය.

 

 

 

තිලක් පෙරේරා