වර්ෂ 2018 ක්වූ අගෝස්තු 19 වැනිදා ඉරිදා




අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
චිත්‍රපට කලාවේ උණුසුම් පුවත්

අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා

කළු මල්ලි නමට සරිලන වෘත්තියක නියැලෙන්නෙකි. තවත් අයුරකින් කිව්වහොත් සමාජයේ කළු චරිතයකි. ඔහුගේ වෘත්තීය කුඩා ළමයින් විදේශකයින්ට විකිණීමය. එම ජාවාරම ජයටම කෙරී ගෙන යයි. අශාන්ද එකී කුලකයයේ තවත් චරිතයකි. ලොවට පෙනෙන්නට ඔහු සිටිනුයේ වෙළෙඳ දැන්වීම් ආයතනයක හිමිකරුවකු ලෙසටය. එහෙත් ඊට යටින් ඔහු වෙනමම වෘත්තියක යෙදෙයි. වෙළෙඳ දැන්වීම් කරනා මුවාවෙන් අශාන් ඒවාට සම්බන්ධවීමට කැමැති ආධුනික නළු නිළියන් කැඳවයි. ඔවුන් අතරින් රූමත් තරුණියන් වෙන් කොට ගනියි. කැමැත්ත අකැමැත්ත කෙසේ වුව ද අශාන් එම තරුණියන් ගණිකා වෘත්තියේ යොදවයි. මේ දාමයේ තවත් පුරුකක් ලෙස ප්‍රදීප්ව හඳුන්වා දිය හැකිය. ඔහු ද සමාජයට පෙනෙන්නට ඉන්නේ අහිංසක ව්‍යාපාරිකයකු ලෙසය. සී. ඩී. විකිණීම ප්‍රදීප්ගේ ජීවනෝපායය. ඔහු කුඩා පරිමාණයේ කඩ කැබැල්ලක තම ව්‍යාපාරය ගෙන යයි. එහෙත් සිදු වන්නේ වෙන දෙයකි. හොඳ සී. ඩී. මුවාවෙන් ප්‍රදීප් අසභ්‍ය සී ඩී තැටි ද අලෙවි කරයි.

....සම්පූර්ණයෙන් කියවන්න
 

සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...

සිනමාව පිළිබඳ ශාස්ත්‍රය කියවීමකදී වඩා වැදගත් වෙන්නේ නිර්මනකරුවාගෙන් නිර්මාණය හුදෙකලා කොට නිර්මාණය තුළ නිර්මාණකරුවා විසින් යෝජනා කරන සංකල්පයන්, ඒ හා බැඳුනු වෙනත් කලා කෘතීන් හා සසඳා සාකච්ඡා කිරීමයි. උදාහරණයක් ලෙස මා මෙහිදී දැවෙන විහඟුන්, විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' (The Forsaken Land) සිනමා කෘතියත් සැල්වදෝර් ඩලි ගේ 'සංක්‍රාන්තික මොහොත' (Moment of Transition) නමැති චිත්‍රයත්, කාර්ලොස් රෙගදාස් ගේ සයිලන්ට් ලයිට් (Silent Light) සිනමා කෘතියත් නිදසුන් ලෙස ගෙන කියවීමක් කරනවා. මේ ලිවීම හුදෙක් ශාස්ත්‍රීයව කෙරෙන සංවාදයක් වන අතර සිනමා කෘතියක් වඩා අර්ථවත්ව රසවිඳීමට හා කියවීමට ඉවහල් වනු ඇති සිතනවා. සිනමා රූපකරණයේ ප්‍රධාන මූලධර්මය ඔස්සේ, එහෙමත් නැත්තනම් රූපරචනය, සම්පිණ්ඩනය (Composition) ඔස්සේ සාකච්ඡා කිරීමේදී දැවෙන විහඟුන්වල අප දකින නිවෙස සහ එම නිවෙසේ ස්ථාපනය ඉතා වැදගත් වෙනවා. මෙය තාත්වික(realistic) සිනමා වියමකින් සමවිත වුණත් රූපරාමු තුළ පිහිටුවා ඇති . . .

....සම්පූර්ණයෙන් කියවන්න