වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට

සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට

නව වියැති සිරිමල් ගත කළේ බොහොම සුන්දර ජීවිතයකි. සිය මෑණියන්ගේ හා පියාණන්ගේත් යෝධ සෙවණැල්ලේ හැදී වැඩුණු ඔහුට සිටියේ වසරක් පමණ වයසැති නැඟණියකි. සිය මිත්තණියන්ගේ සෙනෙහසද සිරිමල්ට මහමෙරකි. කිසිදු අඩුවක් පාඩුවක් නොමැතිව ගෙවෙන ඔවුන්ගේ ජීවිතය පිළිබඳ සුන්දර සිතුවිලිවලින් කුඩා සිරිමල්ගේ සිත පිරී ඉතිර ගියේ ය. ඔහුගේ අභිප්‍රාය වූයේ වඩාත් හොඳීන් ඉගෙන ගැනීම ය. උදෑසන ම රැකියාවට යන පියා වරෙක ඔහුගේ හිස සිම්ඹේ මහත් සෙනෙහසිනි. සඳුන්ට තිබෙන එක ම අස්වැසිල්ල නම් බිරියත්, දරු දෙදෙනාත් සමඟ ගෙවන මේ ජීවිතයයි. එහෙත් එක්වර ම ඔහුගේ සිත ඈතට ඉඟිල යන්නේ සැනෙනි.

“මං ගැන දැන ගත්තොත් මොකකින් මොකක් වේවි ද?”

සඳුන්ගේ සිත පෙළන සිතුවිල්ල වරින්වර ඉස්මතු වන්නේ ඔහුටත් නොදැනෙන ලෙසිනි. එවැනි අවස්ථාවක ඔහු කල්පනාවට බර වන්නේ ඔහුටත් නොදැනීම ය. දවසේ ම වැඩ කිරීම නිසා රිදුම්දෙන ඇඟපතට වඩා ඔහුගේ සිතේ රිදුම බලවත් ය. තමාට හා දරුවන්ට පණ මෙන් ආදරය කරන සිය බිරිය සිරියාවතීගේ උවන ඔහු ඉදිරියේ මැවී යන්නේ එවිට ය.

සිරිමල්ගේ කෙළිදෙලෙන් ගෙවුණු ජීවිතයට තිත තැබුණේ එක්වරම ය. සිය මෑණියන් නැඟණියත් සමඟ ගමට ගියේ කිසිදු දිනෙක නැවතත් නොපැමිණෙන බව මිත්තණියට පවසමිනි. නිවෙසේ වෙනදා තිබුණු සතුට පලා ගියේ කාටත් හොරා ය. තාත්තා සුපුරුදු ලෙස ඇඳපැලඳ ගිය රැකියාව නැවතිණි. සුපුරුදු කොළොම්පුරවරය අතැර දමා ඔවුන් දෙදෙනා වෙනත් ගම්මානයක වාසයට ගියේ මේ අතර ය. ඔහුට තරමකට හෝ අස්වැසිල්ලක් තිබුණේ පාසල් ගොස් පැමිණ යහළුවන් එක්ව කරන සෙල්ලම පමණි. එහෙත් දිනෙක සිදු වූයේ නොසිතූවිරූ විපතකි. සිරිමල් හා යහළුවන් අතර ඇති වූ රණ්ඩුව දුරදිග ගියේ ‍නොසිතූ ලෙස ය . එය දුටු සඳුන් ඊට මැදිහත් වූයේ ඔවුන් අතර වන රණ්ඩුව විසඳීමේ අදහසිනි. කොහෙදෝ සිට පැමිණි වැඩිහිටියන් කිහිපදෙනෙකුගෙන් එක් අයෙක් සඳුන්ට පොල්ලකින් තඩි බෑවේ ය. සඳුන් සිහිසුන් විය.

වෙනදා මෙන් තමාට යම් කාර්යයක එක දිගට නිරත වීමට නොහැකි බවක් සඳුන්ට දැනෙන්නට වැඩි කලක් ගත නොවීය. වරින්වර සිහිසුන් වන සඳුන්ගේ මේ රෝගී තත්ත්වය නිසා ඔහුට ලැබෙන කුලී වැඩත් නොලැබී යන කාලයක් උදා වූයේ ය. සිරිමල්ගේ පාසල් කටයුතු තබා ඔහුට ආහාර වේලක් දීමට නොහැකි වන තරමට ම සඳුන් දුප්පත් වූයේ ය. ඔහුගේ සිතේ ඉපදුණේ දුකකි. ඒ නිසා ම අකැමැත්තෙන් හෝ සිය පුතුව ළමා නිවාසයක නැවැත් වීමට සඳුන්ට සිදු විය.

කාලය‍ ගෙවී ගියේ ය. දිනක් සිරිමල් ළමා නිවාසයේ ළමයින් සමඟ විනෝද චාරිකාවක් යන්නේ ය. පන්සලක් අසල අසරණ වී සිටි අයට ආහාර බෙදන අතරදී ඔහු දුටුවේ පුදුම දසුනකි. එහි සිටි එක් අයෙකු වූයේ තාත්තා ය.

“තාත්තා... තාත්තා...”

ඔහු කෑ ගැසුවේ ය. කලබල වූ සඳුන් පාර පනින්නට ගොස් රථයකට යට විණි.

රූපවාහිනි තිරය මත පතිත වන ප්‍රවෘත්තියකින් කලබලයට පත්වන සිරියාවතී සිය පුතු සොයාගෙන යන්නේ මේ අතර ය. සඳුන් මිය ගිය පුවත ඇගේ ශෝකය වඩ වඩාත් අවුළුවයි. සිරිමල් යළිත් සිය භාරයට ගන්නා ඈ සිය ජීවිතය කැප කරන්නේ දරුවන් දෙදෙනා වෙනුවෙනි. සිරියාවතී ගල්වලක වැඩට යන්නට පටන් ගත්තා ය. ඈ තම දරුවන් දෙදෙනා පෝෂණය කරන්නේ ඉන් ලැබෙන මුදලෙනි. මෙලෙස ඔවුන්ගේ ජීවිතය ගලාගෙන යන්නේ බාධක කම්කටුලු මැද ය. ‘සිරිමල්’ කතා පුවත ඉදිරියට ගලාගෙන යයි. ‘සිරිමල්’ සඳුන් කුමාරගේ අධ්‍යක්ෂණයකි.