වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ

හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ

නෙවාඩා හි කුඩා ගමක ඉපිද, හොලිවුඩ් තරුවක වීමට අපේක්ෂා පොදි බැඳගෙන, සම්මුඛ පරීක්ෂණ එකින් එකට යන තරුණියකි, මියා. සාම්ප්‍රදායික ජෑස් සංගීතයට ඇලුම් කරන, ක්ෂේත්‍රයේ ඉහළට යෑමට වෙර දරණ, සමාජ ශාලා සාදයන්හි පියානෝ වාදනය කරන තරුණයෙකි, සෙබෙස්තියන්. සිහින කඩාවැටෙන, හදවත් බිඳවැටෙන නගරයේදී, මේ දෙපළ ඔවුනොවුන්ගේ අපේක්ෂා නිසාම හමු වෙති.

"තරු පිරි නගරය,
මා වෙනුවෙන්මද නුඹ
මේ දිදුලන්නේ..
තරු පිරි නගරය,
බොහෝ දෑ ඇත
මා හට නොපෙනෙනා
කවුරුන් දනී ද?
නුඹ තුරුලට වන් පළමු දිනයේම
වැටහුණා මට
සැබෑ වී ඇති බවට
අප සිහින.."

නෙවාඩා හි කුඩා ගමක ඉපිද, හොලිවුඩ් තරුවක වීමට අපේක්ෂා පොදි බැඳගෙන, සම්මුඛ පරීක්ෂණ එකින් එකට යන තරුණියකි, මියා. සාම්ප්‍රදායික ජෑස් සංගීතයට ඇලුම් කරන, ක්ෂේත්‍රයේ ඉහළට යෑමට වෙර දරණ, සමාජ ශාලා සාදයන්හි පියානෝ වාදනය කරන තරුණයෙකි, සෙබෙස්තියන්. සිහින කඩාවැටෙන, හදවත් බිඳවැටෙන නගරයේදී, මේ දෙපළ ඔවුනොවුන්ගේ අපේක්ෂා නිසාම හමු වෙති. සාර්ථකත්වයේ හිණි පෙළ කෙමෙන් කෙමෙන් නගින විට එකිනෙකා මුහුණ දෙන තීරණාත්මක සන්ධිස්ථාන, සෙමෙන් සෙමෙන් වියැවුණු ඔවුන්ගේ ආදරයේ සිහින් වියමණ දෙදරුම් කවයි. එකිනෙකාගේ ජීවන සිහිනයන්ම දෙදෙනා දුරස්කිරීමට වෙරදරයි.

2017 වර්ෂයේ ඔස්කා සම්මාන උළෙලේදී, හොඳම අධ්‍යක්ෂණය (Best Diretor),  හොඳම නිළිය (Best Actress), හොඳම ස්වීය ගීත සමුච්චය (Best Original Score), හොඳම ස්වීය ගීත රචනය (Best Original Song), හොඳම නිෂ්පාදන සැලසුම (Best Production Design), සහ හොඳම කැමරාකරණය (Best Cinematography) යන සම්මාන දිනාගනිමින්, තවත් සම්මාන හතකට නාම යෝජනා ලැබූ 'La La Land' නම් චිත්‍රපටයේ සංක්ෂිප්ත කතාවයි, මේ.

සංගීතමය ආදර කතාවක් වන මෙම චිත්‍රපටය ඩේමියන් චසෙල් (Guy and Madeline on a Park Bench, Whiplash) විසින් අධ්‍යක්ෂණය කෙරුණු අතර,  La La Land හි විශිෂ්ට අධ්‍යක්ෂණය ඔහු ඔස්කා ඉතිහාසයේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලත් ළාබාලතම පුද්ගලයා බවට පත්කරවූවා. ෆ්රෙලඩ් බර්ගර්, ජෝඩන් හොරෝවිට්ස්, ගැරී ගිල්බර්ට් සහ මාක් ප්ලැට් මෙහි නිෂ්පාදකවරුන් වන අතර, සමිට් එන්ටර්ටේන්මන්ට් ඇතුළු ආයතන 6 ක් මෙහි නිෂ්පාදන ආයතන වෙනවා. සෙබස්තියන් ගේ චරිතය රයන් ගොස්ලින් (Lost River, The Nice Guys, Drive) විසින් රඟ දැක්වුණු අතර, මියාගේ චරිතය එම චරිතය සඳහා හොඳම නිළිය සම්මානය දිනා ගනිමින්, එමා ස්ටෝන් (Gangster Squad) විසින් රඟ දැක්වුණු අතර, ඇය ලොව වැඩිම ආදායම් ලබන රංගන ශිල්පීයක බව ප්‍රසිද්ධයි. සම්මානනීය ගීත රචනය සහ සංගීත අධ්‍යක්ෂණය, චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩේමියන් ගේ විශ්වවිද්‍යාල සමයේ සිටම මිතුරකු වන ජස්ටින් හොරෝවිට්ස් විසින් නිර්මාණය විය. විනාඩි 128 ක දිගින් යුත් මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 30 ක පිරිවැයකින් නිම වී ඇති අතර, මාර්තු මස අග වන විට අමෙරිකානු ඩොලර් මිලියන 432 ක ආදායමක් ලබා තිබුණා.

La La Land  විචාරකයින්ගේ අතිශය පැසසුම් ලත් චිත්‍රපටයක් බවට පත් වූ චිත්‍රපටයකි. ධ්ර්ච්ඕ දර්ශකයේ ලකුණු 8.4/10 ක් සටහන් කරන මෙය රෝටන් ටෝමාටෝස් හි සියයට 93ක්ද මෙටාක්රිටික් හි ලකුණු සියයට 93 ක්ද ලෙස සටහන් කර ඇත. 'හොඳම චිත්‍රපටය' සඳහා වූ සම්මානයද La La Land  හට ප්‍රදානය වීමෙන්, පසුව එහි නිෂ්පාදකවරයෙකු වන ජෝර්ඩන් හොරොවිට්ස් විසින්ම එම වරද නිවැරදි කර එය නැවත 'Moonlight' චිත්‍රපටයට ලබාදීම පසුගිය ඔස්කා සම්මාන උළෙලේ සිදුවූ නොසිතූ විරූ සිදුවීමක් වුණා. La La Land  විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් වීමද තමා අතට පත් කාඩ්පතේ තිබුණු අවුල මුද්‍රණ දෝෂයක් බව නිවේදක බෙටී වරදවා වටහා ගැනීමට හේතුවක් වන්නට ඇත.

රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරය පවසන ආකාරයට මෙය පැරණි චිත්‍රපට සම්ප්‍රදකට නව ජීවයක් එක් කළා වූද, ආදරණීය වූද, විශිෂ්ට රංගන දක්ෂතා විදහාලූ ද චිත්‍රපටයකි.