වර්ෂ 2017 ක්වූ අගෝස්තු 19 වැනිදා සෙනසුරාදා




කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3
‘සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව . . .
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face

 

 

එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face

නිෂ්පාදනය - සහන් අබේවර්ධන - ෂර්මාල් ඩිල්ෂාන්

කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

ඉරේෂ් තරුණයෙකි. ඔහු අත ඇති දුරකථනයේ විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප රාශියකි. එකී ඡායාරූපවල සිටින පුද්ගලයින් දුටු විට ඉරේෂ් ඔවුන්ව කුරිරු අන්දමින් මරා දමයි. ඡායාරූපය දුරකථනයෙන් මකා දමයි.

දිනෙන් දින අභිරහස් ලෙස මිය යන පුද්ගලයින් ගැන සෙවිල්ලෙන් පොලීසිය, මාධ්‍යවේදීන් මෙන්ම ඩයස් නැමැති පාතාල නායකයා හා ඔහුගේ පුත් රෝස් ද කාලය ගත කරයි.

ඩයස් හා රෝස්ට මෙය ප්‍රශ්නයක් වී තිබෙන්නේ අභිරහස් ලෙස මිය යන පුද්ගලයින් තම සගයින් වන නිසාවෙනි.

ජයබිම පුවත්පතේ මාධ්‍යවේදිනියක වන භාග්‍යා පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමාගේ උපදෙස් පරිදි මෙම මිනීමැරුම් සම්බන්ධව සෙවීමට පටන් ගනියි.

ඔවුන් අනුමාන කරනුයේ පාතාල කණ්ඩායම් අතර පවති ගැටුම් නිසා මෙම මිනීමැරුම් සිද්ධ වන බවටයි. භාග්‍යා පාතාල නායක ඩයස්ගේ තොරතුරු සොයන්නට පටන් ගනියි.

ඇය එසේ තොරතුරු සොයන අතරවාරයේ ඩයස්ගේ ප්‍රධාන ගෝලයෙක් වන මයිකල්ට භාග්‍යාව හසු වෙයි. එම අවස්ථාවේ මයිකල්ගෙන් බේරී භාග්‍යා පලායයි. අතර මයිකල් ඇතුළු පිරිස ඇය ලුහුබඳියි.

එම අවස්ථාවේ මාර්ගයේ ඉදිරිපිට ඇවිද එන ඉරේෂ් භාග්‍යා පසුපස ලුහුබඳින මයිකල්ව දකී. ඒ ඔහුගේ ගොදුරකි. භාග්‍යා ඉදිරියේ මයිකල්ව මරා දමන්නට ඉරේෂ් සමත් වෙයි.

භාග්‍යාගේ ඉලක්ක වෙනස් වෙයි. භාග්‍යා ඉදිරියේදී තවත් දිනක කළුවා නැමැති ඩයස්ගේ හා රෝස්ගේ ගෝලයෙකු ඉරේෂ් මරා දමා පැන යයි. භාග්‍යා ද ඔහුව ලුහුබඳියි.

ඉරේෂ්ගේ නිවසට රිංගා ගන්නට භාග්‍යා සමත් වෙයි. එහි ඉරේෂ් තවත් තරුණියක් සමඟ සිටින ඡායාරූප විශාල ප්‍රමාණයක් දිස්වෙයි. භාග්‍යා එය තම ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කර ගනියි.

තවද දින පොතක් දකින ඇය වහා එය තම බෑගයට දමා ගනියි.

නැවත වටපිට නිරික්ෂණය කරන ඇය මේ වන තෙක් මියගිය පුද්ගලයින්ගේ ඡායාරූප කිහිපයක් දැක පුදුමයට පත් වෙයි. එම ඡායාරූපවල මියගිය පුද්ගලයින් කතිර දමා සටහනක් තබා ඇති අතර, එක් ඡායාරූපයකට සටහනක් දමා නැත.

එම ඡායාරූපයේ සිටිනුයේ ඩයස්ගේ පුත් රෝස් බව දර්ශනය වෙයි. එය නරඹමින් සිටින භාග්‍යා එක්වරම ඉරේෂ්ට හසු වෙයි.

කෙසේ හෝ භාග්‍යා එතනින් පලායන අතර ඇය වහා රෝස් හමු වී ඉරේෂ් ගැන සියලු විස්තර රෝස් හට පවසයි.

ඉන් වියරුවන රෝස් තම සගයින් සමඟ එක්ව ඉරේෂ්ව අල්ලාගෙන ඉරේෂ්ට පිහියෙන් ඇන ත්‍රීරෝද රථයකට දමා ගිනි තබා රෝස් ඇතුළු මැරවරයින් පලායයි.

පිලිස්සුණු ඉරේෂ් රෝහල් ගත කරන අතර ඔහු මිය යන්නේ නැත. වෛද්‍යවරුන්ට හා පොලිස් නිලධාරින්ට ඔහුව හඳුනාගත නොහැක. ඔවුන් ඉරේෂ්ගේ ජීවිතය බේරා ගැනීමට ශල්‍යකර්මයකට භාජනය කිරීමට සිදු වී තිබේ.

ඉරේෂ්ගේ පිලිස්සුණු ජංගම දුරකථනය පරික්ෂා කරන පොලිස් නිලධාරින් එහි ඇති ඡායාරූපයක් ගෙන බලයි. එම ඡායාරූපය රෝස්ගේ ඡායාරූපයයි.

පොලිස් නිලධාරීන් හා වෛද්‍යවරුන් පිලිස්සී සිටින පුද්ගලයා ඉරේෂ් බවට අනුමාන කර ශල්‍යකර්මය සිදු කරයි.

භාග්‍යා පෙර දිනක ඉරේෂගේ නිවසෙන් ගෙනා දිනපොත කියවන්නට පටන් ගනියි.

ඉරේෂ් මරා දමනුයේ තම පෙම්වතියගේ ඝාතකයන්ය. ඉන් පලිගැනීමට ඉරේෂ් මිනීමරා ඇති බවට භාග්‍යාට වැටහෙන්නට පටන් ගනියි. රෝස්ගේ විවාහ සංවත්සර උත්සවයට සහභාගි වීමට භාග්‍යාට ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරය.

භාග්‍යා එම සාදයට සහභාගි වෙයි. එහිදී භාග්‍යා රෝස්ගේ බිරිඳ ද දකියි. ඇය ඉරේෂ්ගේ මැරුණු පෙම්වතිය බව පිළිබිඹු වෙයි. ඉන් කලබලයට පත්වන භාග්‍යා අනතුරුව මොවුනගේ ආදර කතාව සොයන්නට පටන් ගනියි.

ඉරේෂ් ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ මුහුණ බලයි. තමාට ශල්‍යකර්මයේ දී රෝස්ගේ මුහුණ මෙන් සමාන මුහුණක් සාදා ඇත. එය දකින ඉරේෂ් වියරුවෙන් කෑගසයි.

එහෙත් එය තම වාසියට හරවා ගන්නා ඉරේෂ් රෝස් මෙන් හැසිරෙන්නට පටන් ගනියි. ඔහු රෝස්ගේ නිවසට ද යන අතර ඔහුට අදහාගත නොහැකි වන ලෙස ඔහුගේ පෙම්වතිය (අමායා) රෝස්ගේ බිරිඳ බවට තහවුරු කරගනියි.

අමායා මේ සමඟ ඉරේෂ් බව හඳුනා ගනී. සිදු වන්නේ කුමක්ද?

පසුගිය වසරේ උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ හර්ෂ උඩකන්දගේ දෙවැනි චිත්‍රපටයයි මේ.