වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
නිසා වොන්ඩර් වුමන්

නිසා වොන්ඩර් වුමන්

කාටුන චිත්‍රකතා දැන් සිනමාව ලොව ද ආක්‍රමණය කර අවසන්. එදා මෙදා තුර තිරයට පැමිණි සුපිරි වීර චරිත අතරේ සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, එක්ස් මෑන්, හල්ක්, බැට් මෑන්, වොන්ඩර් වුමන් වැනි සුපිරි වීර චරිත බිහිවූයේ කාටුන චිත්‍ර කතා ලොව තුළින්. අද වන විට සිනමාවේ සුවිශාල තැනක් අත්පත් කරගෙන සිටින මෙම වීරයින් කරනා දස්කම් දකින්නට ලොව පුරා විසිරි සිටින සිනමා ලෝලීන් සැදී පැහැදී සිටිති. පසුගිය 02 වැනිදා සිට වොන්ඩර් වුමන් යළිත් රීදි තිරයට පැමිණියේ තම නවතම වික්‍රමයන් සමඟිනි.

අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂිකා පෙටී ජේකින්ස් විසින් අධ්‍යක්ෂණය කළ එධදඤඥප එධථචද චිත්‍රපටයේ වොන්ඩර් වුමන් වන්නේ ඊශ්‍රායල් ජාතික නිළි ගාල් ගැඩොට්ය. 1941 වසරේදී විලියම් මෝල්ටන් මාර්ස්ටන් සහ එච්. ජී පීටර් විසින් නිර්මාණය කරන ලද වොන්ඩර් වුමන් චරිතය ඇසුරෙන් කළ නිර්මාණ රැසක් වේ. නවකතා, චිත්‍රකතා, රූපවාහිනි කතා, පරිගණක ක්‍රීඩා අතරේ සිනමා නිර්මාණ රැසක්ද බිහිවිය. වොන්ඩර් වුමන් පරිගණක සජීවකරණයෙන් බැහැරවී සැබෑම මනුෂ්‍ය චරිතයක් ලෙසින් පළමුවරට රිදී තිරයට පැමිණියේ පසුගිය වසරේ ඕචබථචද ම ඉභනඥපථචද: ච්චඹද ධට බ්භඵබඪජඥ චිත්‍රපටයෙනි.

ච්ඛ් විශ්වයේ කැපී පෙනෙන චරිතයක් වන වොන්ඩර් වුමන්ගේ වික්‍රමයන් මේ වසරේ තිරයට නැගෙන්නේ, සැක් ස්නයිඩර්, ඇලන් හෙයින්බර්ග් සහ ජේසන් ෆ්‍යුක්ස්ගේ කතාවට අනුවය. එය තිර රචනය කරන ලද්දේ ඇලන් හෙයින්බර්ග් විසිනි. 20 වැනි ශත වර්ෂයේ ඇමසන් කුමරිය හෙවත් ඩයනා තෙමිස්‍රා දූපතේ දිවි ගෙවද්දී හදිසියේ අමෙරිකානු ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු වන ස්ටීව් ට්‍රේවර් පැමිණෙන්නේ, තම ගුවන් යානාවේ දෝශයක් මත එය දූපතට කඩා වැටීම හේතුවෙනි. ස්ටීව් වෙතින් දෙවන ලෝක යුද්ධයේ තතු දැන ගන්නා ඩයනා, ලන්ඩනයට ගොස් වොන්ඩර් වුමන් බවට පත් වේ.

වොන්ඩර් වුමන් යනු වසර 5000ක පමණ කාලයක් ඇමසන්හි කුමාරිකාව ලෙසින් වෙසෙන හිපොලිතා සහ සියුස් දෙපළගේ දියණිය යි. ඇය අතිශය ශක්තිවන්ත හා විශාල බලයක් හිමි කාන්තාවකි. බුද්ධිමත් සේම දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන ඇය තම අරමුණ කරා නොවෙනස්ව ගමන් කරන්නීය.

පසුගිය 02 වැනිදා සිට එධදඤඥප එධථචද චිත්‍රපටයේ ලොවපුරා තිරගත කෙරෙන විටදී ලෙබනනය ද එය තිරගත කිරීමට සූදානම්කර තැබුවත් හදිසියේ එය තහනමට ලක් විය. එයට හේතුව වූයේ කලකට ඉහතදී පැවති ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවති යුද්ධයයි. එධදඤඥප එධථචද චිත්‍රපටයේ වොන්ඩර් වුමන් ලෙසින් චරිත මවන ගාල් ගැඩොට් මීට පෙර ඊශ්‍රායල් හමුදාවේ සෙබළියක වීමයි. විස්තර අනුව නම් ඇය සැබෑ ජීවිතයේදීත් වොන්ඩර් වුමන් කෙනෙක්. හමුදා සේවයෙන් පසු මිස් ඊශ්‍රායල් තරගයෙන් ජය ලබා නිරූපණ ක්ෂේත්‍රයට ඇතුළත් වී අනතුරුව රංගනයට පිවිසි ගැඩොට් ජ්චඵබ ) ජ්භපඪධභඵ චිත්‍රපට මාලාවේ චිත්‍රපට කිහිපයක් ඇතුළුව චිත්‍රපට හා රූපවාහිනි කතාමාලා රැසකට දායක වීය.

එධදඤඥප එධථචද චිත්‍රපටය විචාරක ප්‍රතිචාර ඉහළින් දිනා ගත් චිත්‍රපටයක් බවට පත් වී තිබේ. මිනිත්තු 141ක් පුරා රිදී තිරයේ දිග හැරෙන එධදඤඥප එධථචද චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 149ක වියදමින් නිමවා ඇත. රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ සියයට 94ක ලකුණු ප්‍රමාණයක් දිනා ගත් එයට ධ්ර්ච්ඕ හි ලකුණු 8.5/10ක් හිමි වී ඇත. විචාරකයන් එධදඤඥප එධථචද චිත්‍රපටයේ ගාල් ගැඩොට්ගේ රංගනය ඉහළින්ම අගයා ඇති බවත් කිව යුතුමය. නිළියක ලෙසින් එධදඤඥප එධථචද චිත්‍රපටයේ ඇයගේ චරිතාංග නිරූපණය අති සාර්ථක බව රොටෙන් ටොමැටෝස් ප්‍රමුඛ විචාරය පවසනවා. කාන්තා සුපිරි වීර චරිත දුර්ලභ වීම අතරේ වොන්ඩර් වුමන්හට විශාල බලයක් තිබෙනු දැකීම උද්යෝගයක් බව ට්‍රිබ්‍රියුන් නිවුස් සර්විස්හි විචාරක කැතී වෝල්ෂ් පවසන්නීය. ගාල් ගැඩොට් ඉතාම දක්ෂ ලෙසින් වොන්ඩර් වුමන් චරිතය නිරූපණය කරන බව පීටර් ට්‍රේවර්ස් නම් විචාරකයා පවසනවා. චිකාගෝ සන් ටයිම්ස්හි රිචඩ් රූපර් නම් විචාරකයා සඳහන් කරන්නේ, වොන්ඩර් වුමන් නම් මෙම චරිතය විශ්මය ජනක බවයි.