වර්ෂ 2018 ක්වූ ජුනි 20 වැනිදා බදාදා




බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”

ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”

 

අලුත් ඇන්ජලා කෙනෙකු හඳුන්වා දෙමින් ජී. නන්දසේන ‘දෙවැනි වරම’ සිංහල සිනමාවට ගෙනෙයි. එළැඹෙන 22 වැනිදා සිට එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩලවල දිවයින පුරා පිහිටි ශාලාවලදී තිරගත කිරීමට නියමිත මේ චිත්‍රපටයෙන් හඳුන්වා දෙන රිෂී ඇන්ජලා ජනප්‍රිය තරුණ නළු පුබුදු චතුරංග සමඟ සිනමාවට පෙම්වත් වෙයි.

යොවුන් ආදරයක් අතරේ ගමත් - නගරයත්, ගැමිකමත් - නාගරිකත්වයත් දෝලනය වන රූප පෙළ ගැස්මක් වන දෙවැනි වරම වෙනුවෙන් පුබුදු - ඇන්ජලා ප්‍රේමය අතරට ජනප්‍රිය සම්මානනීය විකට නළු ටෙනිසන් කුරේ සේම සම්මානනීය සටන් නළු රෙක්ස් කොඩිප්පිලි ඇතුළු ප්‍රවිණ සහ ජනප්‍රියතම තවත් නළු නිළියන් රැසක්ම එක්වනු පෙනේ. ඒ අතර කලෙකින් සිනමාට රැඟුම් රඟන ගයත්‍රි ඩයස් සහ කුමාරි මුණසිංහ ආදීහු ද සිටිති.

ඇරැඹුමේ පටන් එකම කුතුහලයක ප්‍රේක්ෂක මනස පටලවන දෙවැනි වරම චිත්‍රපටයේ මුල සිට අග දක්වාම රඳවාගෙන චිත්‍රපටයේ නිමාවේදී සටහන් කරන කුතුහලය බොහෝ දෙනකු චිත්‍රපටය කෙරෙහි ආකර්ෂණීය කරගන්නා අංගයක් වනු ඇති බව පසුගියදා පැවැත්වුණු එහි මාධ්‍ය දර්ශනයෙන් ඉක්බිතිව අදහස් දැක් වූ හුඟ දෙනකුගෙන් අසන්නට ලැබුණි.

පුබුදු චතුරංග පණ දෙන දෙවැනි වරමේ එන කුසල් කරලියද්දගේ ප්‍රධාන නළු චරිතය නාගරික තරුණියන් රුචි නොකරන්නෙකි. ඔහු අත ගන්නට පතන්නේම ගම්බද තරුණියකි.

එහෙත් කුසල් අයිති ගම්බද පරම්පරාවකට නොවේ. අමු නාගරික ගති පෙන්වන ඔහුගේ පියා රටේ ප්‍රකට ඇමැතිවරයෙකි. මව ද ධනපති පන්තියටම අයත්ය. එය එසේ තිබියදී සරල ගැමිකම රැගත් ගම්බද රූබර ළඳක් පතන කුසල් කතරගමින් සොයා ගන්නා රූමතියයි සමන්මලී.

හිතුවක්කාර කුසල්ගේ මේ ජංජාල හමුවේ ළමා කාලයේදීම කුසල්ගේ ඇමැති පියා ඔහුගේ මිතුරකුගේ දියණියක් කුසල්ට විවාහ කර දෙන්නට ගත් තීරණයේ තදින් එල්බ සිටී. ඒ යෝජිත රූබරියත් කුසල්ගේ සිත වෙනස් කිරීමට බොහෝ කැප කිරීම් කරයි.

එකකට එකක් වෙනස් ගම්බද සහ නගරබද වටපිටාවක් වටා දුවනා මේ සිනමාරූප පෙළ විඳගෙනම කුසල් කරලියද්දත් සමන්මලිත් හමුවෙනා ඒ දෙපාර්ශ්වික ප්‍රේමය තුන්කොන් ප්‍රේමයක් බවට පත්කරන මේ දෙදෙනා අතරට එකතු වන මායාකාරී තුන්වැනිය වන අමීෂා කුසල් - සමන්මලී ප්‍රේම කතාව වෙනස්ම මානයකට හරවයිද? ඒ චමත්කාරය දැකගන්නට ‘දෙවැනි වරම’ පිරිවර ප්‍රේක්ෂක ඔබට සිනමා ශාලාවට ආරාධනා කරති.

පුබුදු චතුරංග, රිෂී ඇන්ජලා, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, ගයත්‍රි ඩයස්, කුමාරි මුණසිංහ, සමුද්‍රා හික්කඩුව, ප්‍රේමදාස විතානගේ ආදීහු දෙවැනි වරම චිත්‍රපටයේ රංගනයේ යෙදෙති.

චින්තක පීරිස් කථාව, දෙබස් හා තිර රචනයට හිමිකම් කියන දෙවැනි වරමේ සහාය අධ්‍යක්ෂණයෙන් ෂෙහාන් ඉද්දමල්ගොඩ ද, වේශ නිරූපණයෙන් සනීර දිනේෂ් ද, කලා අධ්‍යක්ෂණයෙන් සුසාර සම්පත් කුරුවිට ද, පසුබිම් සංගීතයෙන් හර්ෂාන් ෂාන් ද, රෝහණ වීරසිංහ ගී තනු නිර්මාණයෙන් ද, සංස්කරණයෙන් අනූෂ ජයවර්ධන සහ කසුන් මාධව වත්තේආරච්චි ද එක්කර ගනිමින් ජී. නන්දසේන අධ්‍යක්ෂණය කළ දෙවැනි වරම චිත්‍රපටයේ නිෂ්පාදකත්වයට ජී. නන්දසේන සමඟ ජගත් ඇපලදෙනිය සහ ආර්. ඒ. සරණපාල එක්ව සිටිති.