වර්ෂ 2017 ක්වූ අගෝස්තු 19 වැනිදා සෙනසුරාදා




කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3
‘සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව . . .
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා

ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා

අනුෂ්කා ශර්මා

 

Jab Harry Met Sejal

 

හරීන්ද්‍ර සිං නෙහ්රා හෙවත් හැරී යනු යුරෝපයේ පන්ජාබ් ජාතික සංචාරක මග පෙන්වන්නෙක්. සෙජාල් සවේරි යනු ගුජරාටි ජාතික නීතිඥවරියක්. සෙජාල්ගේ නැති වූ විවාහ ගිවිසුම් මුදුව සොයා යන ගමනේදී ආදරය, සම්බන්ධතා යන්න පිළිබඳ හැරී අවබෝධය ලබනවිටදී සෙජාල් අලුතින් අත්දකින නිදහස වගේම හැරී සමඟින් ගත කාලයේදී ආදරය, වංචාව, ජීවිතය කුමක්ද යන්න මැනවින් වටහා ගන්නීය. මෙලෙස හැරී සහ සෙජාල් යුරෝපය වටා යන අපූරු ගමන ගැන කියන්නේ Jab Harry Met Sejal චිත්‍රපටය යි. Jab Harry Met Sejal යන්නෙහි තේරුම 'හැරී සෙජාල් හමු වූ විට' යන්නයි.

මෙම චිත්‍රපටය නිසා ශාරුක් ඛාන් සමඟින් අනුෂ්කා ෂර්මා නැවතත් එකට බොලිවුඩ් රිදී තිරයේ දකින්නට ලැබෙනවා. අනුෂ්කාගේ බොලිවුඩ් සිනමා සම්ප්‍රාප්තිය සිදු වූයේද 2008 වසරේ ශාරුක් ඛාන් සමඟින් Rab Ne Bana Di Jodi චිත්‍රපටයෙනි. පසුව 2012 වසරේදී බ්චඡ ඊචඬ ඩ්චඪ බ්චචද චිත්‍රපටයේදී ද ශාරුක් - අනුෂ්කා එකතුව දකින්නට ලැබුණා. Rab Ne Bana Di Jodi චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි අනුෂ්කා දැන් නිෂ්පාදකවරියක ලෙසින්ද තම සිනමා ගමනේ සාර්ථක ගමනක යෙදී සිටින්නීය.

පසුගිය දිනෙක මෙම චිත්‍රපටයේ  "Beech Beech Mein"  ගීතය එළිදැක්වීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. එහිදී අනුෂ්කා පැවසුවේ ශාරුක් යනු මයික්‍රොෆෝනයක් සමඟින් වුවද ආදරය කළ හැකි පුද්ගලයකු බවයි. ඇය එවැනි පිළිතුරක් ලබා දුන්නේ, ශාරුක් සමඟින් තෙවැනි වතාවට කළ ආදරය කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙසිනුයි. "ඒක ඉතාම පහසුයි. ඔහුගේ ආදරය ඔහුගේ ඇස්වලින්ම පේනවා. ඔහු ඉතාම දක්ෂයි. ඒක අපට තිරයේ දකින්න පුළුවන්" අනුෂ්කාගේ පිළිතුරේ සඳහන් වූයේ මෙවැන්නක්. මේ අතරේ කිං ඛාන් වෙත යොමු වූ ප්‍රශ්නයක් වූයේ තමන් වඩාත්ම ප්‍රිය කරන්නේ කුමන වර්ගයේ චිත්‍රපට කෙරෙහිද යන ප්‍රශ්නය යි. "මම ආදර කතාවලට කැමැතියි. ඒත් මං වඩාත්ම කැමැති හාස්‍යෝත්පාදක චිත්‍රපටවලට" එහිදී ඔහු පැවසුවා.

Jab Harry Met Sejal චිත්‍රපටයට කළ ආරාධනයට අනුෂ්කා එකපයින්ම කමැති වෙලා. අනුෂ්කා කියන්නේ ඒ ගැන දෙවතාවක් හිතන්නට තමාට කිසිසේත්ම අවශ්‍ය නොවූ බවයි. එයටත් විශේෂ හේතුවක් තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඉමිතියාස් අලි විසින්. අනුෂ්කා කාලයක පටන් ඉමිතියාස්ගේ චිත්‍රපටයට දායක වෙන්න ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉඳලා තියෙන්නේ. මේ ආරාධනයත් සමඟින් ඒ බලාපොරොත්තුවත් ඉටු වෙලා. ඉමිතියාස් සිනමා අධ්‍යක්ෂණයට පිවිසියේ 2005 වසරේ Socha Na Tha  චිත්‍රපටය සමඟින්. ඔහු ඉහළ ජනප්‍රියත්වයක් ලද්දේ 2007 වසරේදී කරිනා කපූර් සහ ශහීඩ් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කළ Jab We Met චිත්‍රපටයෙන්. පසුව Love Aaj Kal, Rockstar  සහ Tamasha  වැනි චිත්‍රපට ද ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරුණා.

ප්‍රේමය සහ හාස්‍යය රැගෙන එන බොලිවුඩ් චිත්‍රපටයක් වන Jab Harry Met Sejal නිෂ්පාදනය කර තිබෙන්නේ ශාරුක් බිරිය ගෞරි ඛාන් විසිනි. මෙහි ශාරුක්, අනුෂ්කා සමඟින් එව්ලින් ෂර්මා, සයානි ගුප්තා, චන්දන් රෝයි සන්යාල්, අරූ ක්‍රිෂ්ණවාස් වර්මා, පරාස් අරෝරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. සංගීතය ප්‍රීතම් විසින් නිර්මාණ කර ඇති අතර එහි ගීත ගායනයට දායක වී ඇත්තේ, සුනීධි චෞහාන්, අර්ජිත් සිං, ශාහිඩ් මල්යා, දේව් නෙගී ඇතුළු පිරිසකි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්,වියානා, ලිස්බන් සහ හංගේරියාවේ බුඩාපේස්ට් ඇතුළුව යුරෝපයේ සුන්දර ස්ථාන රැසකදී සහ ඉන්දියාවේ පන්ජාබයේදී Jab Harry Met Sejal රූගැන්වීම් සිදුකර ඇති අතර එය හෙට (අගෝස්තු 04) වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතයි. Jab Harry Met Sejal, 1989 වසරේ තිරගත වූ ප්‍රේමණීය සහ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක් වූ Harry Met Sally හි කොපියක් බවට බොලිවුඩයේ කසුකුසුවකුත් ඇති වෙලා.

කෙසේ නමුත් බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ, මෙවර නම් ශාරුක්ගේ රංගනයට වාරණයකුත් පැනවී ඇති බවයි . මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක නිකුත් කිරීම සමඟින් ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයෙන් කළ වාරණයක් හේතුවෙන් එම ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දමන්නටත් සිදු වුණා. එයට හේතුව වූයේ, එම ප්‍රචාරක පටයේ සරාගී දර්ශන ඇතුළත් වීමයි. Jab Harry Met Sejal චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ ප්‍රදර්ශනය ප්‍රදර්ශනය කරන්නේද නොඑසේ නම් පවුලේ චිත්‍රපට ලේබලය යටතේ ප්‍රදර්ශනය කරන්නේද යන්න තිරණය කිරීම චිත්‍රපට නිර්මාණ කණ්ඩායමට පැවරූ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය ඔවුන් වෙත දන්වා සිටියේ, පවුලේ චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරන්නේ නම් චිත්‍රපටයේ මෙම සරාගි දර්ශන සංස්කරණයට ලක් කළ යුතු බවයි.