වර්ෂ 2018 ක්වූ මැයි 27 වැනිදා ඉරිදා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
ඇසට කඳුළු උනන සිනමා කෘතිය

අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ

ඇසට කඳුළු උනන සිනමා කෘතිය

ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නිර්මාණයක්

නිව් ඉම්පීරියල් ටෝකිස් නිෂ්පාදනයක්

 

නිලට නිලේ දිලෙන වෘක්ෂයෙන් සපිරි රූස්ස වනාන්තරය හා කඳුවැටිය සෙවිලි කන්ද නම් වූ ග්‍රාමය වටා සිටියේ ආරක්ෂිත පවුරක් පරිද්දෙනි. එකයායට විහිදෙන වෙල් යාය දෙස ඕනෑ තරම් වෙලා බලා සිටිය ද කාලය ගත වී බව දැනෙන්නේ නැත. මේ ගම තවමත් නාගරීකරණය වී නොමැති වීම එක අතකින් වාසනාවකි.

අව්‍යාජ ගැමියන්ගේ සිනහව නිරන්තරයන්ම මුවෙහි තිබුණේය. නිතරම ඔවුන් කතා කළේ ළෙංගතුවමය. පුංචි සමත් උපත ලැබුවේ මේ ගම් පියසෙහිය. මෙම වසරේ පහේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන්නට සිටින ඔහු සතු වෙනත් ගැටලු රැසකි.

සමත්ට අඹ යහළුවකු සහ යෙහෙළියක සිටියි. නමින් තිසුල සහ සයුනි ඒ දෙදෙනාය. සමත්ට සමාන අදහස් ඇත්තෝය. විදුලිය සොයාගෙන සියවසක් ඉක්මවා ගිය ද සමත්ගේ ගමට තවම විදුලිය නැත. මෙය ඔහුට ඇති ලොකුම ගැටලුව වන්නේය.

අනේ ඉතින් පුංචි සමත් ඒ වෙනුවෙන් කුමක් කරම්ද?

නිතරම ඔහු ඒ ගැන සිතන්නේය. සමත්ගේ නිවස පිහිටා ඇත්තේ ගමේ තරමක් උස් ප්‍රදේශයකය. කුඹුරු ඇත්තේ ද ඊට යාබදවය. ගමට වතුර ලැබෙන මනරම් දොළ පහර ගලා යන්නේ ඊට සෑහෙන පහළින්ය. සමත්ගේ මව කලගෙඩි උස්සාගෙන දොළෙන් වතුර ගෙනත් කුඹුර පණ ගස්සවා ගන්නට උත්සාහ කරන්නේය. ඇය මෙලෙස විඳින වෙහෙස දැක සමත් මහත් වූ කම්පනයට පත් වන්නේය.

ගෙවල් ගාවට වතුර ගෙන ඒමට වෙන උපායක් ඇත්තේම නැත. විදුලිය ඇත්නම් මෝටරයක් හෝ සවි කිරීමට ඇහැකිය. එහෙත් ගමට විදුලිය තියා විදුලිය ලැබේවි යැයි සිතෙන සලකුණක්වත් නැත. ඔය අතරේ සමත්ට තවත් දුක හිතෙන දසුනක් දිනපතා දැකගන්නට ලැබෙන්නේය.

ඒ ආබාධිත පියා කොර වූ කකුලක් ද සමඟ කිතුලට නැඟීමය. කොතරම් පෙරැත්ත කළ ද සමත්ගේ පියා තම වෘත්තීය අතහරින්නේ නැත.

මේ උභතෝකෝටික ගැටලු පිළිබඳ අහස පොළව ගැට ගහන්නට කල්පනා කරන සමත් තමන් ඉගෙන ගන්නා පෙළ පොත් හි ඇතුළත් ක්‍රියාකාරකම් ඔස්සේ විසඳුම් සොයන්නට කල්පනා කරන්නේය.

අවසන ඔහු දිය ගෙන එන්නට දිය රෝදයකුත් පියාට කිතුලට නගින්න උපකරණයකුත් සාදන්නේය.

සතුටින් ඉපිළ යන සමත් මේ දේවල් පිළිබඳ සිය පවුල දැනුවත් කරන්නේ මඳකට හෝ දුක තුනී වෙතැයි බලාපොරොත්තුවෙනි. ඊට ටික දිනකට පසු අවාසනාවන්ත අන්දමින් සමත්ගේ පියා කිතුලෙන් බිමට වැටෙන්නේය.

පියා යළි නිවසට එන්නේ පයක් අහිමි කෙනෙකු හැටියටය. සමත් පහේ ශිෂ්‍යත්වයට ලියන්නේ ඒ වටා පිටාවේය. ටික දවසකට පසු හතිදමමින් ගමට එන මහත්තයෙක් විදුහල්පතිතුමා හමු වෙයි.

ටෙලිවිෂන් කැමරා ගමට එයි. තාත්තාගේ උදව්වට කිතුලට නැගි සමත් ගහෙන් බිමට බසියි. සෙවිලිකන්ද ගම රට පුරා පැතිර යයි. සමත් ලංකාවෙන්ම පළමුවැනියාය.

සමත්ගේ කතාව එතැනින් නතර නොවේ. ලොකුම ලොකු ඉස්කෝලෙකට ඇතුළු වන්නට සමත්ට වරම් ලැබෙයි. ඒ ඉස්කෝලේදී සමත් මුහුණ දෙන්නේ කොහොමද? ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම සිනමා කෘතිය මේ හැඟීම්බර කතාව ඔබට කියාපායි.

මෙරට පැරැණිතම සිනමා සමාගමක් වන නිව් ඉම්පීරියල් ටෝකිස් සමාගමේ දෙවන චිත්‍රපටය පහ සමත්ය. ඔවුන්ගේ මුල්ම චිත්‍රපටය අති සාර්ථක සිකුරු හතේය.