වර්ෂ 2018 ක්වූ මැයි 27 වැනිදා ඉරිදා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්

ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්

වර්ෂ 1975 - 1977 අතරතුර කාලය ඉන්දියාවේ දැඩි නොසන්සුන් සමයක්ව පැවතුණා. එවකට පැවති ඉන්දිරා ගාන්ධි රජය 1975 ජූනි මස රට පුරා හදිසි නීතිය පැනවූ අතර, 'අභ්‍යන්තර ගැටුම්' ඊට මුල් වුණු බවත් සඳහන්.

දිගින් දිගටම රටේ පැවතුණු කලබල හේතුවෙන් හදිසි නීතිය 1977 මාර්තු වනතෙක් දීර්ඝ කෙරුණා. මේ කාලය ඉන්දියානු රජය විසින් නොයෙකුත් අකටයුතුකම් කෙරුණු කාලයක් බවයි වාර්තා වෙන්නේ.

අගමැතිනියට විරුද්ධ පාක්ෂිකයින් බොහෝ දෙනෙක් සිරගත කෙරුණු අතර, මාධ්‍ය වාරණ මෙන්ම තවත් මානව හිමිකම් කඩවීමද සිදු වුණු බවත් සඳහන්.

හෙට (සැප්තැම්බර් 01) සිට තිරගත වීමට නියමිත, මිලාන් ලුත්‍රියා විසින් අධ්‍යක්ෂණය කෙරුණු 'Baadshaho' හින්දි චිත්‍රපටය ඉහත කාල වකවානුව පසුබිම් කරගෙන නිර්මාණය වූවක්.

චිත්‍රපටයේ කතාව සැකෙවින් මෙලෙස දිග හැරෙනවා. 'රාණි ගීතාංජලි' නම් වංශාධිපතිනියගේ ජායිපූර් හි පිහිටි මාළිගය වැටලීමත් සමඟ මාලිගාවේ තිබූ විශාල රත්‍රන් තොගයක් රජය සන්තක කෙරෙන අතර ප්‍රසිද්ධ නොකර රත්‍රන් තබා ගැනීම හේතුවෙන් රාණි ගීතාංජලි සිරගත කෙරෙනවා.

ජායිපූර් සිට නව දිල්ලියේ රාජ්‍ය භාණ්ඩාගාරය දක්වා මෙම රත්‍රන් ප්‍රවාහනය භාර කෙරෙන්නේ භවානි සිං නම් උඩඟු පොලිස් නිලධාරියකු වෙතයි. නොයෙක් බාධක, රහස් සහ හෙළිවීම්, රැවටීම් සහ පාවාදීම් අතරින් කිලෝමීටර් 300 කට අධික දුරක් ගෙවා දිවෙන ඔවුන්ගේ ගමන මෙම චිත්‍රපටය ඔස්සේ රිදී තිරයේ දිග හැරෙනවා.

අජේ දේව්ගන් භවානි සිං ලෙසත්, ඉලෙයානා ඩි කෲස් රාණි ගීතාංජලී ලෙසත්, මෙහි රංග දක්වන අතර, ඉම්රාන් හෂ්මි, ඊශා ගුප්තා, විද්‍යුත් ජම්මවාල් ඇතුළු නළු නිළි පිරිසක් සෙසු චරිතයන්ට පණ පොවනවා.

ප්‍රධාන චරිතය රඟ දක්වන අජේ දේව්ගන්, චිත්‍රපට අධ්‍යක්ෂක මිලාන් ලුත්‍රියා සහ චිත්‍රපට රචක රාජත් අරෝරා 'තුන් කට්ටුව' එක්වූ දෙවන චිත්‍රපටය මෙය වන අතර, අජේ සහ මිලාන් එක්වූ සිව් වන චිත්‍රපටයත්, මිලාන් සහ රාජත් එක්වූ සිව් වන චිත්‍රපටයත් මෙය වෙනවා.

මෙම චිත්‍රපටය රූගත කිරීම් සිදු කිරීමට පෙර මෙහි, ඓශ්වර්යා රායි, කරීනා කපූර්, කත්‍රිනා කයිෆ් හෝ ප්‍රියංකා චොප්රා ප්‍රධාන නිළි චරිතය රඟ දක්වන බවට කටකතා පැතිර ගිය බව ද සඳහන් කළ යුතුයි. චිත්‍රපටයේ රූගත කිරීම් 2016 අගෝස්තු මස මුම්බායි හිදී ඇරඹුණු අතර, ජෝධ්පුර් - රාජස්තාන් හිදී ද රූගත කිරීම් සිදු කෙරුණා.

තනිශ්ක් බග්චි, අන්කිත් තිවාරි සහ ජෝන් ස්ටුවර්ට් මෙම චිත්‍රපටයේ සංගීත නිර්මාණයට දායක වී ඇති අතර මෙම චිත්‍රපටය ගීත 8 කින් සමන්විතයි. මෙහි එන "Socha Hai" නම් ගීතයත් "Mere Rashke Qamar" (සඳත් ඔබේ සුන්දරත්වයට ඊර්ෂ්‍යා කරයි) නම් ඝසල් ගීතයත් පැරණි ගීතයන්හි නව නිර්මාණ වන අතර, "Piya More" ගීතයට සනී ලියොන් රංගනයෙන් දායක වී ඇත. බෝම්බ, තුවක්කු සහ පිස්තෝල වලින් සපිරුණු "Hoshiyar Rehna" නම් ගීතය මෙම චිත්‍රපටයේ තේමාව ගෙන හැර දක්වන්නක් බවත් කියවේ.