වර්ෂ 2018 ක්වූ මැයි 27 වැනිදා ඉරිදා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්

වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්

එදා සල්මන්

කරිෂ්මා-රම්බා

මෙදා වරුන්- ජැක්ලින්-තාප්සි

Judwaa  උපන් දා එකිනෙකා ගෙන් වෙන්වන නිවුන් සොයුරන් දෙදෙනෙක් ගැන කතාවක් ගෙන එන හින්දි චිත්‍රපටයක්. මල්හෝත්‍රා මහත්මිය සිය නිවුන් පිරිමි දරුවන් බිහි කළ පසු එකිනෙකා ගෙන් වෙන් කෙරෙන අතර මව ළඟ තැබෙන්නේ ප්‍රේම් ලෙසින් නම් ලද දරුවා පමණි. මව සහ පියා සමඟින් ජීවත්වීමට වරම් ලද ප්‍රේම් නිහඬ සහ බුද්ධිමත් දරුවකු ලෙසින් හැඳී වැඩෙනවා.

යොවුන් වියට එළැඹුනු ප්‍රේම් අමෙරිකාවේ සිට තම මව්පියන් සමඟින් ඉන්දියාවට පැමිණෙන්නේ ශර්මා සාබ් ගේ දියණිය මාලා විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙනි. එම ගමනේදි ප්‍රේම්හට රූපයෙන් සමාන නමුත් තමාගේ ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ පිහිටි නිවුන් සොයුරා රාජා හමුවීමට අවස්ථාව ද සැළසෙනවා. මේ අතරේ රතන්ලාල් ටයිගර් බලා සිටින්නේ, මල්හෝත්‍රා පවුලෙන් පළි ගැනීමේ අපේක්ෂාව අතැතිවයි.

1997 තිරගත කෙරුණු Judwaa චිත්‍රපටය අධ්‍යක්ෂණ කළේ ඩේවිඩ් ධවාන් විසින්. සජිත් නදියද්වාලා විසින් නිෂ්පාදනය කෙරුණු එහි සල්මන් ඛාන්, කරිෂ්මා කපූර් සමඟින් රම්භා ප්‍රධාන චරිත නිරූපණය කළා. එයින් විසි වසරක් ගත වූ තැන නැවතත් Judwaa රිදී තිරයේ දිග හැරෙන්න නියමිතයි. ඒ Judwaa 2 නමින්. මෙවර එහි යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු වී ඇති බවයි පෙනෙන්නේ. සල්මන්, කරිෂ්මා සහ රම්භා නිරූපණය කළ චරිත වෙනුවට අද එම චරිත නිරූපණය කරන්නේ වරුන් ධවාන්, ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සහ තප්සේ පානු විසින්.

Judwaa චිත්‍රපටයේ එදා සල්මන් ඛාන් නිරූපණය කළ ප්‍රේම් සහ රාජා නම් ද්විත්ව චරිතය වරුන් ධවාන්ගේ ඉදිරිපත් කිරීම නරඹන්න ඉන්දීය බොලිවුඩ් රසික රසිකාවන් නොඉවසිල්ලෙන් සිටින බවයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් Judwaa 2 චිත්‍රපටයේත් විශේෂ දර්ශනයකට සල්මන් ඛාන් පෙනී සිටින බවත් ඉන්දීය සිනමා වාර්තා ගෙන එනවා. Judwaa  2 චිත්‍රපටයට 1997 වසරේ Judwaa චිත්‍රපටයේ තිරපිටපත කිසිදු වෙනස්කමකින් තොරව ගත් බව අධ්‍යක්ෂ ඩේවිඩ් ධවාන් පවසනවා. ඒ විතරක් නෙවෙයි එහි තම සිත් ගත් දර්ශන දහයක් පමණ අලුත් චිත්‍රපටයට දායක කරගත් බවත් ඔහු පවසනවා.

Judwaa චිත්‍රපටයේ පොලිස් පරීක්ෂකවරයාගේ චරිතය නිරූපණය කළ අනූපම් ඛේර් Judwaa 2හි අලිෂ්කාගේ පියාගේ චරිතයට පණ පොවනවා.

Judwaa චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ අනූ මලික් විසින්. එහි පසුබිම් සංගීතය නිර්මාණය කළේ සලූරි කොටේෂ්වර රාඕ හෙවත් කොටී. Judwaa 2 චිත්‍රපටයේ සංගීත නිර්මාණ කටයුතු වෙනුවෙන් අනූ මලික් සමඟින් සජිඩ් - වජිඩ්, මීත් බ්‍රෝස්, සන්දීප් ශිරොද්කාර් දායක වී සිටිනවා. Judwaa චිත්‍රපටයේ එන "Oonchi Hai Building"  ගීතය නව චිත්‍රපටයේද ඇතුළත්. ඉන්දීය රුපියල් මිලියන 62.5ක වියදමකින් නිර්මාණය කෙරුණු Judwaa  චිත්‍රපටය ඉන්දීය රුපියල් මිලියන 233.9ක ආදායමක් ලබා උපයා තිබෙනවා. නව බලාපොරොත්තු සමගින් Judwaa 2 චිත්‍රපටය හෙට (සැප්තැම්බර් 29) සිට ලොව පුරා තිරගත කරන්න සූදානම්.