වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 16 වැනිදා සෙනසුරාදා




ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක

අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක

Golmaal Again චිත්‍රපටයේ සුපුරුදු මිතුරන් වන අජේ දේව්ගන්, තුෂාර් කපූර්, අර්ෂාද් වර්සි සහ ෂර්මන් ජෝෂිගේ රංගනයට අමතරව තාබු සමඟින් පරිනිති චොප්රා, නීල් නිතින් මුකේෂ්, ප්‍රකාශ් රාජ්, නානා පටේකර්ද ප්‍රථම වරට Golmaal චිත්‍රපට මාලාවට එක් වෙනවා. මෙවර චිත්‍රපටයට ලක්ෂ්මන් නමින් චරිත දෙකක් එක් වෙනවා.

Golmaal චිත්‍රපට මාලාව මේ වන විට බොලිවුඩයේ ජනප්‍රියතම හාස්‍යමය චිත්‍රපට මාලා‍වක් බවට පත් වී අවසන්. රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කළ Golmaal ප්‍රථම චිත්‍රපටය (Golmaal: Fun Unlimited) තිරගත වුණේ, මීට වසර එකොළහකට පෙර 2006 වසරේදීයි. දෙවැන්න (olmaal Returns) 2008 වසරේදීත් තෙවැන්න (Golmaal 3) 2010 වසරේදීත් තිරගත වුණා. මෙම චිත්‍රපට මාලාවට Golmaal(GoLMaL) යන නම යෙදීමටත් විශේෂ හේතුවෙක් තිබෙනවා. ඒ මෙහි ප්‍රධාන කතා නායකයන් වන ගොපාල්, ලකී, මාධව් සහ ලක්ෂ්මන් යන මිතුරන් සිව්දෙනොගේ නම්වල මුලකුරු එකතුවෙන් එය නිර්මාණය වී තිබීමයි. එසේම මෙම මිතුරන් සිව් දෙනාගේ ජීවිත හරහා Golmaal ගොඩනැංවී තියෙනවා.

අජේ දේව්ගන්, තුෂාර් කපූර්, අර්ෂාද් වර්සි, ෂර්මන් ජෝෂි එම ප්‍රධාන චරිත නිරූපණය කළා. දෙවැන්නේදි කරීනා කපූර් සහ අම්රිතා අරෝරා ඇතුළු පිරිසකගේ දායකත්වය එයට ලැබුණා. Golmaal චිත්‍රපට මාලාව වාණිජ අතින් ඉහළ සාර්ථකත්වයක් ළඟාකර ගත් චිත්‍රපට මාලාවක් බවට ද පත් වූයේ ලොවම සිනහ සයුරක ගිල්වමින්. පසුගිය වසරේ සිට එහි සිව්වැන්න (Golmaal Again) පිළිබඳ නොයෙකුත් කතා පැතිරුණ ද සිව්වැන්නක් නිර්මාණය කිරීම පිළිබඳ ඉඟි පළ කෙරුණේ තෙවැන්න තිරගත කිරීමට ද පෙර සිට වීමත් විශේෂත්වයක්. තවද එහි සිව්වැන්නට තවත් ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන තාබු එක්වීමත් සනිටුහන් කෙරුණා. තාබු හාස්‍යමය චිත්‍රපටයකට දායක වෙන්නේ වසර 17කට පසුව වීමත් මෙහිදී විශේෂයි. 2000 වසරේ ඩ්ඥපච ර්‍ථඩඥපඪ චිත්‍රපටයෙන් පසුව ඇය හාස්‍යමය චිත්‍රපට වෙනුවෙන් දායක වුණේ නැහැ.

Golmaal Again චිත්‍රපටයේ සුපුරුදු මිතුරන් වන අජේ දේව්ගන්, තුෂාර් කපූර්, අර්ෂාද් වර්සි සහ ෂර්මන් ජෝෂිගේ රංගනයට අමතරව තාබු සමඟින් පරිනිති චොප්රා, නීල් නිතින් මුකේෂ්, ප්‍රකාශ් රාජ්, නානා පටේකර්ද ප්‍රථම වරට Golmaal චිත්‍රපට මාලාවට එක් වෙනවා. මෙවර චිත්‍රපටයට ලක්ෂ්මන් නමින් චරිත දෙකක් එක් වෙනවා. එක් චරිතයකට සුපුරුදු පරිදි ෂර්මන් ජෝෂි විසින් පණ පොවන අතර දෙවැන්නට පණ පොවන්නේ කුනාල් ඛේමු විසින්. Golmaal දෙවැනි සහ තෙවැනි චිත්‍රපට වෙනුවෙන් දායක වූ කරීනාට Golmaal Again චිත්‍රපටය මඟහැරුණේ ඇය සිය ප්‍රථම දරු උපත බලාපොරොත්තුවෙන් සිටි නිසා. කරීනා නොමැතිව Golmaal Again සාර්ථක වේවිද කියා ඇතැමුන් ප්‍රශ්න කළ බවත් අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි පවසනවා. නමුත් ඇය සිටින ගීතමය ජවනිකාවක් හෝ ඇතුළත් කිරීමට තමන් අදහස් කරගෙන සිටින බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙවර Golmaal Again පෙර චිත්‍රපට ත්‍රිත්වයටම වඩා වෙනස් නිර්මාණයක් බවත් බොලිවුඩ් ආරංචි ගෙන එනවා. ගම්බද නව නිවෙසක පදිංචියට යන ගෝපාල්, මාධව්, ලකී, ලක්ෂ්මන් ප්‍රසාද් සහ ලක්ෂ්මන් හට එම නිවෙසේ සිටින අවතාරයක් හේතුවෙන් පීඩා විඳීන්නට සිදු වේ. මේ බව දැන ගැනිමත් සමඟ ඔවුන් දැඩි භීතියට පත් වන අතර එම අවතාරයෙන් ගැලවීමට ඔවුන් දරනා වෑයම Golmaal Again ඔස්සේ දිග හැරේ.

Golmaal Again තිරගත වීම ඇරඹුනේ දීපවාලි උත්සව සමය සමඟින් පසුගිය 20 වැනිදා. මෙවර එහිදී රෝහිත් ෂෙට්ටිගේ කතාවට තිරරචනය කර තිබෙන්නේ යුනුස් සජ්වාල් විසින්. අමාල් මොහිල්, එස්. තමාන්, ඩීජේ චේතස් ඇතුළු පිරිසක් විසින් සංගීතය නිර්මාණය කර ඇත. Golmaal Again නම්කර තිබෙන්නේ, ලස්සන ජීවිතයක් කෙතරම් වැදගත් ද යන්න සිනහව හා කඳුළු අතරින් කියා දෙන අපූරු සිනමා නිර්මාණයක් ලෙසින්.

දශකයකට වැඩි කාලයක් සාර්ථක ගමනක් පැමිණීමට Golmaal චිත්‍රපට මාලාවට අවස්ථාව ලැබුණා. මේ වන විට ඉහළම ආදායම් ලද බොලිවුඩ් චිත්‍රපට මාලා ලැයිස්තුවේ එයට හිමි වී තිබෙන්නේ හත්වැනි ස්ථානය යි. Golmaal Again සමඟින් එම ස්ථානය කෙතරම් ඉහළට ගමන් කරනු ඇති දැයි බොලිවුඩ් රසික සැමගේ අවධානය යොමු වී ඇත.

Golmaal Again නිෂ්පාදන පිරිවැය ඉන්දීය රුපියල් කෝටි සියයක්. ප්‍රදර්ශනය අරඹා දින තුනක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි හැත්තෑපහක් වාර්තා කරන්න එය සමත් වුණා.