වර්ෂ 2018 ක්වූ පෙබරවාරි 18 වැනිදා ඉරිදා




හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
තහනම ඉවතට පද්මාවති හෙට ලොව පුරා
ප්‍රේමයටත් මුදලටත් මැදිවන පවන්ගේ කතාව ආදරෙයි මං
සිනමා විමසුම
රැකියාවත් යෝජනාවත් අතරට මැදිවන සේනකගේ කතාව උගුලයි මඟුලයි
තවත් මහා පරිමාණ බැංකු කොල්ලයක්
සොර සතුරන් රැස මෙල්ල කරන්නට දඬු මොනරෙන් එනවෝ
ක්‍රීඩාවක් දිනන මග
ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති

අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති

නිරෝෂන් දේවප්‍රිය අධ්‍යක්ෂණයක්

සම නිෂ්පාදක සිංහ ධම්මික පීරිස්

තමන්ට බැන වැදුණු අන්දම රශ්මිට මැවි මැවී පෙනෙනවා. මේ අතර ඇයට එම තරුණයා කෙරෙහි ආදරයක් ද ඇති වෙනවා. රශ්මිට දැන් ඕනෑ අර තරුණයාව මුණ ගැහෙන්න. ඇය කරන්නේ තම පියාට කියලා බයිසිකලයක් මිලදී ගන්න එක. එහි වයර් ගලවා දමන රශ්මි තරුණයාව සොයාගෙන යනවා. ඒ සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනයට ගන්නා රශ්මි තරුණයාට වඩාත් ළං වන්නේ ආදරණීය බැඳීමක් ද තනාගෙන. අවසනදී ඔවුන් පෙම්වතුන් වෙනවා. මධුරිගේ මාර්ගයෙන් රශ්මිගේ ප්‍රේම සම්බන්ධය දැනගන්නා ඇගේ පියා දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කෝපාවිෂ්ට වෙනවා. ඔහු තම මලණුවන් සමඟ රශ්මිව පැහැරගෙන ගොස් සඟවා තබනවා.

ඇයගේ නම රශ්මි. ධනවත් පවුලක එකම දියණිය. රශ්මි තවමත් පාසල් ශිෂ්‍යාවක්. රශ්මිට ඉන්නවා මිතුරියක්. ඇය මධුරි. රශ්මියි මධුරියි කියන්නේ හරියට ඉඳිකට්ටයි නූලයි වගේ. ඒතරම්ම මිතුරුයි. ඔවුන් දෙදෙනා දිනෙක ගමනක් ගොසින් එමින් සිටිනවා.

වේගය පාලනය කරගත නොහැකි මෝටර් බයිසිල්කරුවෙක් රශ්මිගේ ඇඟේ ගෑවී නොගෑවි ගමන් කරන්නේ ඇයව ද බියපත් කරමින්. තම බයිසිකලය පාලනය කරගත නොහැකිව එකී කරුණයා බිම ඇද වැටෙනවා.

ඒක දැකල රශ්මියි මධුරිටයි හරිම හිනා. තරුණයාට හරිමි අප්සට්. ඒත් ඒ වගක් නොපෙන්වා ඔහු එතැනින් පිටත් වෙනවා. තවත් දවසක රශ්මි හදිසියේම අර තරුණයාව දකිනවා. ඔහු වෘත්තියෙන් මෝටර් බයිසිකල් අලුත්වැඩියා කරන්නෙක්.

රශ්මිව දැකලා කලබල වන තරුණයා අසල ඇති පුටුුවක වාඩි වෙන්නට ගොස් මෝටර් සයිකලයකුත් පෙරළගෙන දෙවැනි වතාවටත් බිම ඇද වැටෙනවා. එවලෙත් රශ්මිට බකස් ගාලා හිනා යනවා. ඉන් කෝපාවිෂ්ට වන තරුණයා රශ්මිට නොසෑහෙන්න බැණ වදිනවා.

ගෙදර යන රශ්මිට නිතරම මතකයට නැගෙන්නේ අර තරුණයාව. තමන්ට බැන වැදුණු අන්දම රශ්මිට මැවි මැවී පෙනෙනවා. මේ අතර ඇයට එම තරුණයා කෙරෙහි ආදරයක් ද ඇති වෙනවා. රශ්මිට දැන් ඕනෑ අර තරුණයාව මුණ ගැහෙන්න. ඇය කරන්නේ තම පියාට කියලා බයිසිකලයක් මිලදී ගන්න එක.

එහි වයර් ගලවා දමන රශ්මි තරුණයාව සොයාගෙන යනවා. ඒ සියලු අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනයට ගන්නා රශ්මි තරුණයාට වඩාත් ළං වන්නේ ආදරණීය බැඳීමක් ද තනාගෙන.

අවසනදී ඔවුන් පෙම්වතුන් වෙනවා. මධුරිගේ මාර්ගයෙන් රශ්මිගේ ප්‍රේම සම්බන්ධය දැනගන්නා ඇගේ පියා දණ්ඩෙන් පහර කෑ නාගයකු සේ කෝපාවිෂ්ට වෙනවා. ඔහු තම මලණුවන් සමඟ රශ්මිව පැහැරගෙන ගොස් සඟවා තබනවා. ඇගේ අතුරුදන්වීම නිසා තරුණයා පත් වන්නේ මහත් වූ අසහනකාරී තත්ත්වයකට.

ඔහුට රශ්මිව නිරන්තරයෙන් සිහි වෙනවා. අවසනදී තරුණයාට රශ්මිව හමුවන්නේ නොසිතු තැනකදී. ඒ වන විට රශ්මි මවක්. තම පෙර පෙම්වතාව දකින රශ්මි මහත් වූ කම්පනයට පත් වෙනවා. ඒ ඔහුට පියවි සිහියක් නොමැති නිසා.

රශ්මිගේ කතාවේ තව බොහෝ තිබෙනවා. නමුත් අප මෙතැනින් නතර කරන්නේ එම කතාව ඇතුළත් වන විසිරුණු මල් පෙති සිනමා කෘතියහි ඇති කුතුහලය එලෙසම පැවතිය යුතු නිසයි. සත්‍ය කතාවක් ඇසුරෙන් නිරෝෂන් දේවප්‍රිය තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද විසිරුණු මල් පෙති සිංහ ධම්මික පීරිස්ගේ සම නිෂ්පාදනයක්.