වර්ෂ 2018 ක්වූ අප්‍රේල් 23 වැනිදා සඳුදා




අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
සොර සතුරන් රැස මෙල්ල කරන්නට දඬු මොනරෙන් එනවෝ

සොර සතුරන් රැස මෙල්ල කරන්නට දඬු මොනරෙන් එනවෝ

සිරිමල්ගේ මාර්ගයෙන් තවත් ගමේ සම වයසේ මිතුරන් හමු වන මහේෂ් ඔවුන් සමඟ සෙල්ලමට වැටෙන්නේය. හාමු කෝපාවිෂ්ට වන්නේ එවිටය. ගමේ උන් සමඟ හරි හරියට කෙලි සෙල්ලමේ යෙදෙන මහේෂ්ට හාමු සැරවැර කරන්නේ බැරිම තැනය. මහේෂ් නැවතත් නිවසට කොටු වන්නේ එම තරවටු කිරීම්වලින් පසුවය.

ගම යන වචනයත් සමඟ අපට මැවෙන්නා වූ චිත්ත රූපයකි. වෙල් ඉපනැලි ගංගා ඇල දොළ නිසාල්මනේ ගලා බසිති. නිලට නිලේ දිලෙන කඳුයාය මනරම්ය. ඊටත් වඩා ගමේ ජීවත් වන්මෝ අව්‍යාජය. ගම යනු අප සිතා සිටින තැන එතැනය. මේ ගම්මානයේ වලව්වක් ද තිබිණි. ගමේ බලපුළුවන්කාරයෝ සිටියේ එතැනය. මා මෙලෙස ආරම්භ කරන්නට සැරසෙන ගමේ කතාවට වලව්වක් ඇතුළත්ය. විජේමාන්න වලව්ව එහි නමය. සැම්සන් විජේමාන්න සහ ඔහුගේ ප්‍රියබිරිය වලව්වේ වාසය කරයි. ඔවුන් දෙපොළට පුතකු සිටියි.

ඔහුගේ නම මහේෂ්ය. වයස අවුරුදු දහහතරක් පමණ වන ඔහුව ගමේ පාසලට ඇතුළත් නොකළේ විජේමාන්න හාමුට ඇති අනියත බියක් හේතුවෙනි. ගමේ හිටියොත් මහේෂ් නරක් වේ යැයි බියෙන් ඔහුව කොළඹ පාසලකට ඇතුළත් කරන ලදී. එහෙත් මහේෂ්ගේ හිත රැඳී තිබුණේ ගමේය. නිවාඩුවකට හැර ඔහු ගමට නොආවේය. ඔය අතර විජේමාන්න හාමු මහේෂ්ට පොරොන්දුක් දී තිබිණ.

ඒ පන්තියේ පළමුවැනියා වුවහොත් බයිසිකලයක් තෑගි දෙනවාය යන්නයි. එය ලබා ගැනීමට ඇති ආසාව නිසාමදෝ මහේෂ් පන්තියේ පළමුවැනියා විය. පොරොන්දු වූ පරිදි ඔහුට බයිසිකලය ද ලැබිණ. මහේෂ් මිටින්හල කුරුල්ලකෙ බඳු වූයේ ඉන් පසුවය. ගම සිසාරා ඔහු බයිසිකලය ද රැගෙන ඉගිලිණ. මේ ගමනේදී මහේෂ්ට තව මිතුරකු මුණ ගැසෙන්නේය. ඔහු සිරිමල්ය. ගමේ දුප්පත් දරුවකු වූ සිරිමල් අහිංසකය.

සිරිමල්ගේ මාර්ගයෙන් තවත් ගමේ සම වයසේ මිතුරන් හමු වන මහේෂ් ඔවුන් සමඟ සෙල්ලමට වැටෙන්නේය. හාමු කෝපාවිෂ්ට වන්නේ එවිටය. ගමේ උන් සමඟ හරි හරියට කෙලි සෙල්ලමේ යෙදෙන මහේෂ්ට හාමු සැරවැර කරන්නේ බැරිම තැනය. මහේෂ් නැවතත් නිවසට කොටු වන්නේ එම තරවටු කිරීම්වලින් පසුවය. සිරිමල් ද මේ හේතුවෙන් සිත් තැවුලට පත් වන්නේය.

තමන් ඇතුළු පිරිසට බැන වැදෙනු ඇසෙන සිරිමල්ට හාමු පිළිබඳ යම් කෝපයක් ද හට ගත්තේය. මේ අතරවාරයේ කිසියම් පිරිසක් හාමුව පැහර ගනු ලබන්නේ කිසිවකුත් නොසිටි තැනකය. එහෙත් දුරින් සිට එම පැහැර ගැනීම දකින තැනැත්තෙකි. ඒ සිරිමල්ය. හාමුව සඟවා තබන තැන සොයා ගන්නා සිරිමල් දෙලොවක් අතර තනි වන්නේ හාමුව බේරා ගන්නවාද නැද්ද යන්න සිතාය.

මේ කතා පුවත ඇතුළත් සිනමාපටය දඬුමොනරෙන් එනවෝ ලෙසට නම තබා තිබේ. එය තිර රචනා කෙට අධ්‍යක්ෂණය කරනු ලැබුවේ හම්ප්‍රි විජේසූරිය විසිනි.