වර්ෂ 2018 ක්වූ මැයි 28 වැනිදා සඳුදා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
ප්‍රේමයටත් මුදලටත් මැදිවන පවන්ගේ කතාව ආදරෙයි මං

ප්‍රේමයටත් මුදලටත් මැදිවන පවන්ගේ කතාව ආදරෙයි මං

අලුත් අවුරුද්දේ අලුත් සිනමාකරුවකු දොරට වඩී

ප්‍රගීත් රත්නායක කුලුඳුල් සිනමා නිර්මාණය

තමන් පිටුපස කිසියම් තැනැත්තකු එනබව ඉවෙන් මෙන් මල්මීට දැනෙන්නට විය. ඔහු දුප්පත් අයකු බවත් ඇය දැනගත්තීය. මේ කරුණු කාරණා නිසා මල්මී පවන්ව මඟහැරීමට නොයෙක්විට උත්සාහ ගත්තාය. ඇයට සල්ලිකාර තරුණයකු යෝජනාවක් ගේන්නේ මේ අවස්ථාවේදීය.

එහෙත් මල්මී ඔහුට කැමැතිවූයේ නැත. ඇයට මේ මොහොතේ සිහිපත් වූයේ හතිහලමින් තමන් පසුපස පැමිණ ආදරය ඉල්ලන පවන්මය. මල්මිගේ උවනෙහි සිනහවක් ඇඳින. ඒත් සමඟම පුංචි අනුකම්පාවක්ද හටගත්තේය. මල්මී පවන් හමුවීමට හිතාගත්තේ පහුවදාය.

ඔහු පවන්. තාරුණ්‍යයේ පසුවුවද පවන්ට අරමුණක් නැතිගානය. රස්සාවක නියැළී සමාජයේ පිළිගැනීමකට ලක්වූ අයකු වීමට පවන් උත්සහ ගත්තද එම සියලු අවස්ථා බිඳ වැටුණේ නොසිතූ අන්දමිනි. ඔහු උපතින්ම දිළිඳුය. ජීවිතය පිළිබඳ කෙදිනකවත් ගැඹුරෙන් සිතා බැලුවේ ද නැත. ඔහුට මල්මි හමුවන්නේ ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂයක් තබමිණි. ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. උගත්ය. රූමත්ය. කටකාරකමේද අඩුවක් නැත්තේය.

පවන්ගේ සිත මල්මි කෙරෙහි ඇදී යන්නට ගතවන්නේ ඉතා සුළු කාලයකි. එතැන් පටන් නිදිදෙව්දුව පවන්ගේ ලොවට වැඩියේ නැත. දිවා රෑ පුරා තැනක් නොතැනක් නැතිව උන්මත්තකයකු මෙන් පවන් මල්මීට පෙම් බඳින්නට පටන් ගත්තේය. තමන් පිටුපස කිසියම් තැනැත්තකු එනබව ඉවෙන් මෙන් මල්මීට දැනෙන්නට විය. ඔහු දුප්පත් අයකු බවත් ඇය දැනගත්තීය. මේ කරුණු කාරණා නිසා මල්මී පවන්ව මඟහැරීමට නොයෙක්විට උත්සාහ ගත්තාය.

ඇයට සල්ලිකාර තරුණයකු යෝජනාවක් ගේන්නේ මේ අවස්ථාවේදීය. එහෙත් මල්මී ඔහුට කැමැතිවූයේ නැත. ඇයට මේ මොහොතේ සිහිපත් වූයේ හතිහලමින් තමන් පසුපස පැමිණ ආදරය ඉල්ලන පවන්මය. මල්මිගේ උවනෙහි සිනහවක් ඇඳින. ඒත් සමඟම පුංචි අනුකම්පාවක්ද හටගත්තේය. මල්මී පවන් හමුවීමට හිතාගත්තේ පහුවදාය. තමන් ආදරය කරන තරුණිය තම ආදරය පිළිගත් බව දැනගත් පවන් සතුටින් ඉපිළින. ආදරය අන්ධයි කියන දේ පවන්ටවත් මල්මීටවත් වැටහුණේ නැත.

මල්මී පවන්ව ඇගේ නිවැසියනට හදුන්වා දුන්නද එකහෙළා පවන්ව මල්මීගේ මව්පියෝ ප්‍රතික්ෂේප කළහ. ඊට ප්‍රධානම හේතුව ලෙස දැක්වූයේ පවන් සල්ලිකාරයකු නොවීමය. මව්පිය ආදරයට පයින් ගසා මල්මී සහ පවන් විවාහදිවියට එළඹීමට තීරණය කළෝය. එතැන්පටන් දෙදෙනාම තමන්ගේම නිවසක වාසය කරන්නට පටන් ගත්තෝය. ගතවූයේ කෙටි කලකි.

පවන්ටත් මල්මීටත් මුදල් නැමැති වස්තුවේ අගය දැනෙන්නට පටන් ගත්හ. ඒ වෙන කාරණයකට නොව මල්මීව රෝගයකින් බේරා ගැනීමටය. එතැන් පටන් පවන් මානුෂීය යුද්ධයක නියැළෙන්නට පටන් ගත්තේය. මේ සියල්ල මැද පවන්ගේත් මල්මීගේත් ආදරය අචලව පැවතිණ.

හෙට දින සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි මේ ආදර කතාව රැගත් සිනමා පටය තිරගතවේ. එය නම්කොට ඇත්තේ ආදරෙයි මං යනුවෙනි. ප්‍රගීත් රත්නායක තිරරචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය රෝමියෝස් අයිස් පික්චර්ස් ඉදිරිපත් කිරීමකි. ප්‍රගීත් අතිසාර්ථකව තිරගතවූ ධර්මයුද්ධය සිනමාපටයේ තිරරචකයාද වේ.

ආදරෙයි මං නළු නිළියන්.

රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, ප්‍රගීත් රත්නායක, චතුරිකා පීරිස්, චමිලා පිරිස්, නයනා රඹුක්කනගේ, බුද්ධික ඉඳුරුගොල්ල.

විධායක නිෂ්පාදනය - ජගත් චන්දන.

කැමරාකරණය - පී. යූ. ඩී. පෙරේරා.

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමනාකරණය - ජනක චාමර

සහාය අධ්‍යක්ෂණය - ගිහාන් රංග බණ්ඩාර

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය වික්ටර් රත්නායක

ගායනා - ආචාර්ය වික්ටර් රත්නායක සමඟ උරේෂා රවිහාරි