වර්ෂ 2018 ක්වූ මැයි 28 වැනිදා සඳුදා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්

නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්

කෝමාලි කිංස්

කිං රත්නම් කුළුඳුල් සිනමා නිර්මාණය

සිවා උපන්නේ යාපනයේදීය. හොඳ දමිළ පරම්පරාවක පුරුකක් වූ හෙතෙම ගමේ සිට කොළඹ එන්නේ බලාපොරොත්තු කිහිපයක් පෙරදැරිවය. සිවා ගෙන්දගම් පොළවට පා තැබීය. පවුලක් ගොඩනඟා ගත්තේය. කලක් ගත විණ. සිවාගේ දියණියට දැන් වයස අවුරුදු තිස්පහක්ය. අවාසනාවට ඇයට පෙළවහක් කරගන්නට නොලැබිණ. නමින් යෝගා වූ ඇයව බැලීමට මනාලයන් කිහිපදෙනකු ආවේය. ඔවුන් එක් අයකු හෝ යෝගාට කැමැති වූයේ නැත.

එයට ප්‍රධානම හේතුව වුයේ සිවාට එතරම් සල්ලිය බාගය නොමැති බැවින්ය. මේ අතරවාරයේ සිවාගේ දුරින් නෑ කෙනෙකු වන පැට් නමැති තරුණයකු සිවාගේ නිවසෙහි නවාතැන් ගැනීමට පැමිණෙන්නේය. පැට් සිටියේ එංගලන්තයේය. ඒ රටේ පැලැන්තියට හැඩ ගැසුණු ඔහු සිවාගේ නිවසෙහි නවාතැන් ගත්තේය.

පැට්ගේ පැමිණීමත් සමඟම සිවාට යම් අදහසක් පහළ වන්නේය. ඒ පැට්ගේ මුදල් හදල් තමන්ගේ ලෙසට පෙන්වා යෝගාව මනමාලයකුට බන්දවා දීමය. ඒ සඳහා සිවා උපක්‍රමශීලීව ක්‍රියා මාර්ගයක් ගැනීමට සැරසෙයි. එහෙත් සිදු වන්නේ වෙනකකි. එංගලන්තයේ ජීවත් වුව ද පැට් පැමිණෙන්නේ පිච්චියකුදු නැතුවය. එහෙත් ඔහු ඒ බව නොපෙන්වයි. පැට්ගේ අරමුණ සිවාගේ වස්තු සම්භාරය ඉල්ලා ගැනීමය. දෙගොල්ලන් දොගොල්ලන්ටම හොරෙන් දෙගොල්ලන්ටම නොමැති වස්තුවක් කොල්ලකෑමට සූදානම් වෙයි.

කෝමාලි කිංග්ස් මේ සිනමාපටයේ කතාවයි. ඉතා දිගුකලකට පසු මෙරට නිර්මාණය වූ දමිළ භාෂිත චිත්‍රපටයක් ලෙසට හඳුන්වා දෙන්නට පුළුවන්. ප්‍රකට දෙමළ වේදිකා, ගුවන් විදුලි සහ චිත්‍රපට රංගන ශිල්පියකු ද වන එම්. එස්. රත්නම්ගේ මුනුපුරකු වූ කිංග් රත්නම් කෝමාලි කිංග්ස් අධ්‍යක්ෂවරයායි. මේ ඔහුගේ පළමු වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයයි.