ආදරය අරන් ඉක්මනින් එන්නම්

රිෂී කපූර්
මැයි 7, 2020

1952-2020

රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ Shree 420 චිත‍්‍රපටය හින්දි සිනමාවේ සුවිශේෂි සිනමා නිර්මාණයකි. නාර්ගීස් සහ රාජ් කපූර් ප‍්‍රධාන චරිත රඟපාමින් 1955 වසරේ තිරගත වූ එහිඑන අතිශය ජනප‍්‍රිය ගීත අතර ”‍ප්‍යාර් හුවා ඉක්රාර් හුවා”‍ගීතය රූගත කිරීමේදී නිෂ්පාදන කණ්ඩායම මුහුණ දුන් සිදුවීමක් විය. එනම් එහි වර්ෂාව මධ්‍යයේ පාරේ ගමන් ගන්නා කුඩා දරුවන් තිදෙනාගේ දර්ශනය රූගත කිරීමයි. ඒ වෙනුවෙන් අධ්‍යක්ෂ මෙන්ම ප‍්‍රධාන නළුවා වූ රාජ් කපූර් තෝරා ගත්තේ තම කුඩා පුතුන් දෙදෙනා සහ දියණියයි. වර්ෂාව සමඟින් ගීතයේ රූගත කිරීම ඇරඹුණි නමුත් මෙකී දරුවන් අතරින් කුඩා පිරිමි දරුවා රංගනය ප‍්‍රතික්ෂේප කරන්නට විය. යන්තම් දෙහැවිරිදි වියේ පසු වූ ඔහු වැස්සේ තෙමෙන්නට අකැමැති වීම එයට හේතු විය. අධ්‍යක්ෂවරයා වූ පියා හෝ චිත‍්‍රපට කණ්ඩායමේ  කිසිවෙකුට ඔහු කැමති කරවා ගැනීම අසීරු කටයුත්තක් විය. නමුත් අවසානයේ ඔහු එම දර්ශනයට එකඟ විය. ඒ නාර්ගීස් විසින් දුන් රසවත් පොරොන්දුවක් නිසාය. එනම් දර්ශනය රූගත කිරීමෙන් අනතුරුව චොක්ලට් එකක් ලබා දෙන බවට වූ පොරොන්දුවයි. එදා වසර 65කට පෙර චොක්ලට් පොරොන්දුවෙන් රංගනයට අත්පොත් තැබුවේ අද අපේ කතා නායකයායි. ඔහු රිෂී රාජ් කපුර් හෙවත් රිෂී කපූර්ය.

රිෂී, ඉන්දියාවේ ප‍්‍රථම සිනමා පවුල ලෙස සැළකෙන කපූර් පරපුරේ සාමාජිකයෙකි. පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දෙයෙහි අගය කියා නිම කළ නොහැකිය. හින්දි සිනමාව තුළ කපූර් පවුලට ද හිමි වී තිබෙන්නේ එවැනි වූ ස්ථානයකි. ඉන්දීය සිනමාව තුළ පරම්පරා හතරක අභිමානය ඔවුන් සතුව ඇත. රිෂී කපූර් යනු එහි තෙවැනි පරම්පරාවේ නියෝජනයකි. කපූර් පරපුර ආරම්භ වන්නේ ප‍්‍රීතිවිරාජ් කපූර් ගෙනි. 1929 වසරේ සිට ඉන්දීය සිනමාව සිය රංගන ප‍්‍රතිභාවෙන් කලඑළි කළ ප‍්‍රීතිවිරාජ්ගේ පුතුන් තිදෙනා වූ රාජ්, ශම්මි සහ ශෂි ද බොලිවුඩයට පිවිසියහ. මේ අතරින් රාජ් කපූර් ඉන්දීය සිනමාව තුළ කපූර් පරම්පරාවේ ඉහළ ජනප‍්‍රියත්වයක් ලබා ගන්නට සමත් වූ සාමාජිකයා වේ. රිෂී යනු රාජ් සහ ක‍්‍රිෂ්ණා කැදැල්ලේ තෙවැනි දරුවාය.දශක පහක් පුරා බොලිවුඩයේ කපූර් පෙළපත බැබළ වූ ඔහු පසුගිය අපේ‍්‍රල් 30 වැනිදා දිවිසැරියෙන් සමු ගත්තේය. 2018 වසරේ දී ලියුකේමියාව සමඟින් සටනේ යෙදුණු ඔහු වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගියේ,
 ”‍ඔබ සැමගේආදරය සමඟින් මා ඉක්මනින් ආපසු එන්නම්”‍ යැයි පවසමිනි. දුන් පෙරොන්දුව ඉටු කරමින් යළි මුම්බායට පැමිණි ඔහු පසුගිය වසරේ තිරගත කෙරුණු Jhootha Kahin Ka චිත‍්‍රපටයට දායක විය. දිනෙන් දින ගෙවී ගියේය. පසුගිය 29 වැනිදා උදෑසන හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළීම හේතුවෙන් රෝහලට ඇතුළත් කළ රිෂී 30 වැනිදා පෙරවරුවේ අවසන් හුස්ම හෙළීය.

1952 සැප්තැම්බර් 04 වැනිදා මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්තයේ උපන් රිෂී දරුවන් පස් දෙනෙකුගෙ න් යුතු පවුලේ තෙවැන්නා විය. රන්ධීර් සහ රිතූ වැඩිමහල් සහෝදරයා සහ සහෝදරියත් රිමා සහ රාජීව් බාල සහෝදරිය සහ සහෝදරයාත් වේ. රාජ් කපූර්ගේ පුතුන් තිදෙනාම සිනමා ක්ෂේත‍්‍රයට පිවිසි අතර රිෂී කපූර් නිල වශයෙන් සිනමාවට පා තැබූයේ රාජ් කපූර්ගේ Mera Naam Joker (1970) චිත‍්‍රපටයෙනි. ඔහු එහි තම පියා රඟ පෑ චරිතයේ යොවුන් වියට පණ පෙවූ අතර ඒ වෙනුවෙන් හොඳම ළමා නළුවාට හිමි ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවේය. රිෂී වැඩිහිටි චරිතයකට පණ පෙවූයේ 1973 වසරේදී Bobby චිත‍්‍රපටයේදීයි. ඩිම්පල් කපාඩියා සිනමාවට පැමිණියේද මෙම චිත‍්‍රපටයෙනි. එහි රංගනය වෙනුවෙන් ඔහු හොඳම නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. රිෂීහට බොලිවුඩයේ පෙම්වතාගේ චරිතවලින් අඩුවක් නොවීය. දශක තුනක් පුරා ඔහු නිළියන් රැසකට පේ‍්‍රමවන්තයා වූයේය. ඩිම්පල් කපාඩියා, දිව්‍යා භාරතී, ශ‍්‍රි දේවි, මධුරි ඩික්සිත්, ජුහි චවිලා, මීනක්ෂි ශේෂාද්‍රි, ජය ප‍්‍රදා ඒ අතරින් කිහිප දෙනෙකි. 2020 මැයි 07 ශ‍්‍රී 420 බොබී චාන්දනීඅමර් අක්බර් ඇන්තනීමෙරා නාම් ජෝකර්102 නොට් අවුට්1973 වසරේ සිට වසර 2000 දක්වාම පෙම්වතාගේ චරිතයට පණ පෙවූ ඔහු රඟ පෑ Laila Majnu (1976))Saragam (1979))Kraz (1980)) Prem Rog (1982))Coolie(1983)) Nagina (1986))Chaandni (1989)) Heena (1991))BolRadha Bol) Deewana (1992) වැනි චිත‍්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් විය.

බොලිවුඩයේ ජනප‍්‍රිය නළුවන් සම්බන්ධව පෙම් කතා තිබුණද රිෂී ගැන නම් එවැනි කතා අසන්නට නොලැබුණු තරම්ය. රිෂී සහ ඩිම්පල් කපාඩියා අතර ආදර කතාවක් ගැන සැළ වුවද ඒ සෑම අවස්ථාවකදීම රිෂී එය ප‍්‍රතික්ෂේප කර සිටියේය. පර්සියානු සම්භවයක් සහිත යස්මින් මෙහ්තා නම් තරුණියකට පෙම් කළ බවත් බොබී චිත‍්‍රපටය තිරගත වීම සමඟ සඟරාවක් විසින් ඩිම්පල් සම්බන්ධ කළ පුවතක් පළ කිරීම සමඟින් ඇය තමා අතහැර ගිය බව ඔහු වරෙක පැවසීය. එවැනි සබඳකමක් නොමැති බව කෙතරම් පැහැදිලි කළ ද ඇය යළි ලබා ගැනීම රිෂීහට අසීරු කටයුත්තක් වී ඇත. කාලය ගෙවී යන විටදී Zahreela Insaan (1974) චිත‍්‍රපටයේ පෙම්වතිය වූ නීතූ සිං රිෂීගේ දිවියේ විශේෂ විය. Khel Khel Mein (1975) Kabhi Kabhi (1976) Doosra Aadmi (1976) ඇතුළු චිත‍්‍රපට 12ක පෙම්වතුන් වූ රිෂී සහ නීතූ සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වී 1980 වසරේදී විවාහ දිවියට පිවිසියහ.

රන්බීර් කපූර් සහ රිද්ධිමා කපූර් මේ කැදැල්ලේ දරුවන්ය. රන්බීර්, කපූර් පරපුරේ සිව්වැනි පරම්පරාවෙන් බොලිවුඩයට පිවිසියේය. රිෂී සහ නීතු බොලිවුඩයේ ජීවිත කාලයේ හොඳම යුවල ලෙසින් සම්මානයට පවා පාත‍්‍ර විය.රංගන ශිල්පියකු ලෙසින් පමණක් නොව රිෂී දක්ෂ නර්තන ශිල්පියෙකු ද වූ අතර ඔහුගේ ඇතැම් චිත‍්‍රපට ගීත අදටත් ඉහළ ජනප‍්‍රියත්වයක් දිනා සිටී.

70 දශකයේදී පමණ ජනප‍්‍රිය නළුවන් දෙදෙනෙකු වීරයන් ලෙස ගනිමින් චිත‍්‍රපට නිර්මාණය කිරීම කලාවක් විය. ඒ අනුව රිෂි කපූර් සහ අමිතාබ් බච්චන් එක් කළ චිත‍්‍රපට කිහිපයක්ම වූ අතර දශක දෙකකට පමණ පසු ඔවුන් දෙදෙනා යළි හමු වු 102 Not Out (2017) චිත‍්‍රපටයේ අමිතාබ් 102 හැවිරිදි වියේ පසුවන පියා සහ රිෂී 76 හැවිරිදි පුතු ලෙසත් චරිත නිරූපණය කළහ. එහි එන ” Badumbaaa”‍ ගීතය ගායනා කරන්නේද ඔවුන් දෙදෙනා විසින් වීමත් විශේෂයකි.රිෂී කපූර්, විනෝද් ඛන්නා සහ අමිතාබ් බච්චන්ගේ රංගනයෙන් හැඩ වුණු Amar Akbar Anthony (1977) චිත‍්‍රපටය ද සර්ව කාලීන ජනප‍්‍රිය චිත‍්‍රපටයකි. රිෂී සහ ධර්මේන්ද්‍ර Katilon Ke Kaatil (1981) චිත‍්‍රපටයේ චරිත නිරූපණය කළ අතර Saagar (1985) චිත‍්‍රපටයේ රීෂීසහ ඩිම්පල් සමඟ කමල හසන් රංගනයෙන් එක් විය.

2000 වසරේදී Karobaar( The Business of Love) චිත‍්‍රපටයෙන් පසු පෙම්වත් චරිතයෙන් මිදුනු රිෂී බොලිවුඩයේ විවිධ චරිත නිරූපිත නළුවකු බවට පත් විය. Hum Tum (2004)" Fanaa (2006)"Namastey
London(2007)"Love Aaj Kal(2009)" Delhi 6 (2009)" Do Dooni Chaar (2010)" Agneepath (2012)"Mulk (2018)වැනි චිත‍්‍රපට ඒ අතර වේ. Kapoor ) Sons (2016)චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් හොඳමසහය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ අවසන් සිනමා රංගනය දැක ගත හැකිවූයේ පසුගිය වසරේ තිරගත වූ ඔයැ ඊදාහ චිත‍්‍රපටයෙනි.

පසුගිය 2017 වසරේ සැප්තැම්බර් 16 වැනිදා රිෂි කපූර් දැඩි කම්පනයට පත් වූ සිදුවීමක් විය. එදින කපූර් පරපුර සතු ආර්.කේ චිත‍්‍රාගාරය ගින්නක් විසින් මොහොතකින් අළු කර දැමනු ලැබුවේ රිෂීගේ පමණක් නොව ලොව පුරා පැරණි බොලිවුඞ් නිර්මාණවලට පෙම් බැඳි සියල්ලන්ගේ ද හදවත් කම්පා කරමිනි. මේ ගින්න හේතුවෙන් ඉන්දීය සිනමා ඉතිහාසයේ සිහිවටන ලෙස වූ බොහෝ දේ විනාශ වී ගියේය. ඒ අතර Mera Naam Joker චිත‍්‍රපටයේ විකට වෙස් මුහුණ සහ ඇඳුම් කට්ටලය ද හින්දි සිනමාවේ නාර්ගීස් ගේ සිට ඓශ්වර්යා දක්වා නිළියන් චිත‍්‍රපටවල ඇඳි ඇඳුම්, පැලඳි ආභාරණ රැුසක් ද විය.

1935 වසරේ සිනමාවට පිවිසි රාජ් කපූර් 1948 වසරේදී සිය ප‍්‍රථම අධ්‍යක්ෂණය ලෙස කළ Aag චිත‍්‍රපටය සමඟින් රාජ් කපූර් නාමය සේම ආර්.කේ චිත‍්‍රපට සමාගම සහ ආර්.කේ චිත‍්‍රාගාරයද බැඳී පවතී. ආර්.කේ චිත‍්‍රාගාරයට සාර්ථකත්වය ගෙන ආවේ 1949 වසරේ තිරගත වූ Barsaat චිත‍්‍රපටය යි. අනතුරුව Awaara (1951)"Boot Polish" Jagte Raho" Shrib 420 ආර්. කේ චිත‍්‍රාගාරයෙන් එළිදුටු ලොව ඉහළ ජනප‍්‍රියත්වයක් ලද චිත‍්‍රපට වේ. රාජ් කපූර්ගෙන් පසුව ආර්.කේ චිත‍්‍රාගාරයේ වගකීම පැවරුණේ රන්ධීර් කපූර් සහ රිෂි කපූර් වෙතය. රිෂීගේ ප‍්‍රථම සහ එකම සිනමා අධ්‍යක්ෂණය වන Aa Ab Laut Chalen (1999) චිත‍්‍රපටය ආර්. කේ චිත‍්‍රපට අවසන් නිෂ්පාදනයයි.රාජේෂ් ඛන්නා සමඟ අක්ෂේ ඛන්නා සහ ඓෂ්වර්යා රායි එහි රංගනයෙන් දායක වූහ.

එදා ආර්. කේ චිත‍්‍රාගාරය ගිනිගෙන දැවෙන විටදී සිනමාව සිය ආගම සේ සැලකූ තම පියා වෙනුවෙන් චිත‍්‍රාගාරයේ පෞරාණික වටිනාකම සැමදා රඳවා ගන්නට උත්සාහ කළ බව රිෂී පැවසුවේ කුඩා දරුවකු සේ හඬා වැටෙමිනි.