වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
2020 ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ
බොලිවුඩයට වීදි රැප් සංස්කෘතිය මුසු කළ Gully Boy සම්මාන 13ක් දිනා ගනී
65 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළ පසුගිය 15 වැනිදා ගුහාතිහි ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. කරන් ජොහාර් සහ විකි කෞශාල් විසින් මෙහෙය වූ මෙවර සම්මාන උලෙළේදී Gully Boy චිත්‍රපටය සම්මාන 19ක් වෙනුවෙන් නිර්දේශ නාම ලබා ඒ අතරින් සම්මාන 13ක් දිනා ගනු ලැබුවේ ෆිල්ම්ෆෙයාර් ඉතිහාසයේ සුවිශේෂ සටහනක් තබමිනි. මුඩුක්කු පරිසරයක හැදී වැඩුණු තරුණයකු රැප් තරුවක වීමේ සිහිනය සැබෑ කරගන්නා අයුරු ගෙන ආGully Boy පළමු වරට බොලිවුඩ් සිනමාවට වීදි රැප් සංස්කෘතිය මුසු කළ සිනමා නිර්මාණයයි. Article 15, Uri: The Surgical Strike සම්මාන තුන බැගින් හිමිකර ගත් අතර Kalank සහ Sonchiriya චිත්‍රපටවලට සම්මාන දෙක බැගින් හිමි විය.
ෆිල්ම්ෆෙයාර් සම්මාන දිනුවෝ
හොඳම චිත්‍රපටය - Gully Boy
හොඳම අධ්‍යක්ෂණය - සෝයා අක්තාර් (Gully Boy)
හොඳම නළුවා - රන්වීර් සිං (Gully Boy)
හොඳම නිළිය - ආලියා භාත් (Gully Boy)
හොඳම සහය නළුවා - සිද්ධාන්ත් චතුර්වේදි (Gully Boy)
හොඳම සහය නිළිය - අම්රුතා සුභාෂ් (Gully Boy)
හොඳම නවක නළුවා - අභිමන්යු දේසානි (Mard Ko Dard Nahi Hota)
හොඳම නවක නිළිය - අනන්‍යා පාණ්ඩේ (Student of the Year 2)
හොඳම නවක අධ්යක්ෂවරයා - ආදිත්‍ය ධර් (Uri: The Surgical Strike)
හොඳම කතාව - අනුභව් සිංහ. ගෞරව් සේලන්කි (Article 15)
හොඳම තිරරචනය - සෝයා අක්තාර්, රීමා කාග්ති (Gully Boy)
හොඳම දෙබස් - විජේ මෞර්යා (Gully Boy)
හොඳම සංගීත අධ්‍යක්ෂණය - සෝයා අක්තාර්, අන්කූර් තිවාරි (Gully Boy)
අමාල් මලික්, මිථූන්, විශාල් මිශ්රා, සචෙත් පරම්පරා, අඛිල් සච්දේවා (Kabir Singh)
හොඳම පද රචනය - දිවිනි, අන්කූර් තිවාරි - "Apna Time Aayega" (Gully Boy)
හොඳම ගායකයා - අර්ජිත් සිං (Kalank)
හොඳම ගායිකාව - ශිල්පා රාඕ (War)
හොඳම සංස්කරණය - ශිවකුමාර් (Uri: The Surgical Strike)
හොඳම නිෂ්පාදන කළමනාකරණය - සුසෑන් මෙර්වාන්ජි (Gully Boy)
හොඳම නර්තන වින්‍යාසය - රෙමෝ ඩීසූසා (Kalank)
හොඳම කැමරාකරණය - ජේ ඕසා (Gully Boy)
හොඳම ශබ්ද පරිපාලනය - බිෂ්වදීප් දීපක් චැටර්ජි, නිහාර් රන්ජන් සමාල් (Uri: The Surgical Strike))
හොඳම පසුබිම් සංගීතය - කරාෂ් කාල් (Gully Boy)
හොඳම ඇඳුම් නිර්මාණය - දිව්‍යා ගම්භීර්, නිධී ගම්භීර් (Sonchiriya)
හොඳම සටන් අධ්‍යක්ෂණය - පෝල් ජෙනින්ග්ස්, සී යන්ග්, පර්වේස් ශයීක්, ෆ්රාන්ස් ස්පිලස් (War)
හොඳම දෘශ්‍ය ප්‍රයෝග - (War)
විචාරක සම්මාන
හොඳම චිත්‍රපටය (හොඳම අධ්‍යක්ෂණය) - Article 15 (අනුභව් සිංහා), Sonchiriya (අභිෂේක් චෞබේ)
හොඳම නළුවා - අයුෂ්මාන් කුරානා (Article 15)
හොඳම නිළිය - තප්සේ පානු, භූම් පෙඩ්නෙකර් (Saand Ki Aankh))
ෆිල්ම්ෆෙයාර් ගෞරව සම්මානය - ගෝවින්දා
ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානය - රමේෂ් සිප්පි
සිනමාව වෙනුවෙන් 30 වසරක දායකත්වය - මනීෂ් මල්හෝත්‍රා