ඉතාලියේ සාරි දැක්ම

අප්‍රේල් 4, 2019

විලාසිතා එදිනෙදා ජීවිතයට එකතු කරන්නේ වර්ණවත් බවය. විවිධ සංස්කෘතීන් සමඟින් කාලානුරූපීව එය අලුත් විය. එවන් වූ අපූරු විලාසිතා දැක්මක් පසුගිය පෙබරවාරි 16 දින ඉතාලියේ මිලානෝහිදී පැවැත්විණ. යුරෝපීය ඇඳුමට හුරුව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණියන් සාරි විලාසිතා වෙත ආකර්ෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.  'Sherin Kreeshali Saree Festival' නමින් දෙවැනි වරටත් සංවිධානය කළ මෙය ඉතාලියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරී ඉතිරී ගියේ ඔවුන්ගේ ජීවිතයට අලුත් අත්දැකීමක් එකතු කරමිනි. .

2019 Sherin Kreeshali Saree Festival මෙවර ඇරැඹුණේ ශ්‍රී ලාංකික රසික හදවත් දිනාගත් තරු රැසක් මිලානෝ නුවරට සම්ප්‍රාප්ත වීමෙන් පසුවයි. හෙළයේ නිළි රැජින ජාත්‍යන්තර සම්මානලාභී ආචාර්ය මාලිනී ෆොන්සේකා, ප්‍රතිභාපූර්ණ සිනමාවේදී ජැක්සන් ඇන්තනි මෙන්ම තරුණ පරපුුරේ හදවත් දිනාගත් පුබුදු චතුරංග, මාෂි, මිහිර සිරිතිලක, අංජුලා රාජපක්ෂ යන කලා ශිල්පීන් රැසක් මෙම Sherin Kreeshali Saree Festival  වර්ණවත් කිරීමට ඉතාලියේ මිලානෝ නුවරට පැමිණ සිටියහ.

ඔවුන් සමඟ විලාසිතාවේ නවමු මානයන් විඳිමින් නර්තනයෙන් සංගීතයෙන් හැඩවුණු ආනන්දනීය රාත්‍රියක් දකින්නට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ට අවස්ථා උදා විය.

Sherin Kreeshali Saree Festival විලාසිතා දැක්ම වෙත පැමිණි සැම කෙනකුටම වයස් බේදයකින් තොරව සහභාගි වන්නට හැකි විවිධ තරග ඉසව් පවත්වා එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රනින් තෑගි ද ලබා දුණි.

Sherin Kreeshali Saree Festival වෙත පැමිණි සාරි විලාසිතා නිරූපණ ශිල්පිනියන්ගේ මහත්වරුන් වෙනුවෙන් පැවැත් වූ හොඳම කුමරා තේරීම තරගය පැමිණි කාගේත් අවධානයට ලක් විය.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට චමත්කාරජනක විලාසිතා රාත්‍රියක අසිරිය ලාංකික කලාකරුවන් හා එක්ව විඳින්නට ලැබීමත්, විවිධ තරග ඔස්සේ ජයග්‍රහණයක හිමිකරුවන් වෙන්නට ලැබීමත් සුවිශේෂී කරුණක්. Sherin Kreeshali Saree Festival  ලබන වසරේත් නවමු මුහුණුවරකින් පැවැත්වීමට නියමිතයි.

                      

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.