සේවියර් කණිෂ්ක අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබයි පාංශුවලට තවත් සම්මානයක්

ඔක්තෝබර් 10, 2019

විසාකේස චන්ද්‍රසේකරන් අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටයේ රඟපෑ සේවියර් කණිෂ්ක අන්තර්ජාතික සම්මානයකින් පිදුම් ලබයි. ඒ ඇමරිකාවේ නිවුජර්සි නුවර පැවැත් වූ ගෝල්ඩන් ඩෝර් ජාත්‍යන්තර සිනමා උලෙළේදී හොඳම සහය නළුවා හැටියටය. එයට අමතරව හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහාය නිළිය, හොඳම නළුවා, හොඳම නිළිය ඇතුළුව තවත් සම්මාන අටක් සඳහා පාංශු නිර්දේශ විය. 2010 වසරේ රංගන ශිල්පී බිල් සෝවිනෝගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි ගෝල්ඩන් ඩෝර් උලෙළ මෙවර පැවැත් වූයේ ඉකුත් සැප්තැම්බරයේදීය. පාංශු චිත්‍රපටය විසාකේසගේ දෙවැනි වෘත්තාන්ත සිනමාපටයයි. එහි ප්‍රධාන චරිතය වූ බබා නෝනාට පණ පෙවූ නීටා ප්‍රනාන්දු ද ඉකුත් මැයි මසදී හොඳම නිළිය ලෙසට අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුණි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.