තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

හොරෙන් කියවලා බලන්න....
අප්‍රේල් 2, 2020

අද මාර්තු 25 වෙනි බදාදා'''

තිලාටත් හිතුන ලග්න පලාපල කියන්න '''

ඉතින් ලග්න අනුව හැමෝටම වාගෙ මේ සතියේ එක හා සමාන ගුණ දොස් ''''

එක එක්කෙනා එක එක විදියට කිව්වා ''

මේ තිලාගේ මේ සතියේ ලග්න පලාපල නුවනින් වැඩ කටයුතු කරන්න''''

මේෂ ( ගෙදර වැඩට මුල් තැන දෙන සතියකි ඒත් සිතට කළකිරුණු ගතියත් දැනේ'

වෘෂභ( අහල පහල ගෙවල්වල අය ඇසුරින් ඇත් කර තබන්න යහපතක්වීමට පුලවන' කට කතා වලට රැවටීමට ඉඩකඩ වැඩය''

මිථුන( නිවසේ රැදී සිටිමට සිදුවෙ' අඹු සැමි අතර සිත් රිදීම් සිදුවිය හැක' ඉවසීමෙන් කටයුතු කරන්න' හැකි නම් වැංජන එකක් හො දෙකක් සමග අහාර ගැනිම ඉතා සුබායි

කටක( අකමැත්තෙන් හො ගෙදර සිටිමට සිදුවෙයි එය මතුවට ඔබට මෙන්ම අන්අයටද යහපතක්වේ '''

සිංහ( හිතවත් යැයි සිතා කිට්ටු කරගන්න පුද්ගලයන්ගෙන් ජීවිතයෙන් පමා වන්දි ගෙවීමට සිදුවිය හැක'''

කන්‍යා( රෝග බිය ඇතිවීමට ඉඩ ඇත නිතර පිරිසිදුව සිටින්න' ප්‍රිය සම්භාෂණ සහභාගි වීමෙන් වලකින්න ඉතා අසුබ සතියකි''

තුලා( මිතුරු මිතුරියන් ඇසුරේන් සිත් පීඩා විදීමට සිදුවෙ මේ දිනවල ඇත් වී සිටීම සුබ වේ''''

වෘශ්චික( නීතිය හා අවවාද වලට පිටින් නොයන්න හිරේ විලන්ගුවෙ වැටීමට ඉඩ ඇත

මකර( ගෙදර වත්ත පිටිය පිරිසිදු කර කහ දියර ඉසින්න ඉතා සුබයි' හතර මයිම පිරිසුදු කර කුමක් හෝ පැලයක් සිටුවන්න වසනාව ගෙනදේ

කුම්භ( දුර ගමන් කෙටිගමන් වලින් අසුබයි සිටිනා ඉසවවෙන් පිටටයාමෙන් අවැඩක්ම සිදුවෙයි''

මීන( වගකීම් ඇති පුරවැසිකු ලෙස ජිවත් වීමට සිතා එයින් ජය ලබයි'' අන් අයගේ පැසසුමට ලක්වේ''

 

අද මාර්තු 26 බ්‍රහස්පතින්දා '''''

අපේ පත්තර මහ ගෙදර හැම එකක්ම වැගේ ඊ පුවත්පතක් හැටියට පිටවන අතරේ

පුංචි පත්තර අතරින් ප්‍රථමයෙන්ම සරසවිය පවත්පත ඊ පුවත්පතක් හැටියට අන්තර්ජාලයට මුදාහැරිය බව සියළු පාඨකයන් දැනුවත් කරන්නෙ ඉතා ආඩම්බරයෙනි''

මෙවැනි කොරෝනා ඇඳීරි නීතිය සමයේ කෙසේ හෝ සිනමාවට හා සියලු‍ කලාවන්ට මෙහෙවරක් කිරිම අරමුනින් එයට මුලපිරු '

කර්තෘ අරුණ ගුණරත්න ඇතුලු‍ සරසවිය පවුලේ හැමෝටම සතුටක් එයට කැපවුණු සැමටම තිලාගෙන් සැලියුට්‍ '''''''''

epaper.sarasaviya.lk වලින් කියවලා බලන්න'''

 

අද මාර්තු 27 සිකුරාදා'''

අපේ ආදී කාලේ සිට කවිත්වයට තිබුණේ මුල් තැනක් හිතේ කාන්සියට හා මහන්සියට කරත්ත කවිඣී පාරු කවිඣී ගොයම් කවිඣී පැල් කවිඣී පතල් කවිඣී

ඒ වගේ මේ දවස්වල අපේ ගෙවල් වල බර වැඩ ඇතිව නිවාස අඩස්සියේ සිටින සැමියන්ගේ කවි දුකට- මහන්සියට වචන එන විදිහට ගලපගෙන කවි කියනවා''''

 

ගහට නගිනු බැරි මට පොල් බිම ගෙඩි වැටීයන්''

පොල් ලෙලි ගහද්දි බුරුලට තිබියන්

පොල් බිද ගාද්දි පොල් තුනියට වැටියන්''

වැඩට යන්න අඩි තාලම වැටියන්'''

ගේ අතුගානකොට ැවිලි ඉතිරි නොවියන්'''

දර ටික පලද්දි පොරොවට දුක හිතියන්''

ගින්දර දාද්දි ලිප ගිනි මෙලවියන් ''

බත ඉදෙනා තුරු මායියට නිදිමත දැනියන්

 

දුන්න පොර ⁣ටෝක් මායියට අමතක වුනා වැනි

රෙදි හෝදද්දි කුණුටික දියවුණා වැනි''''

හිතේ දුකට රහමෙර නැතිවුනා වැනි''''

මෙ ටික දොහට හුඹහින් ඇද්ද තලගොයා වැනි''''

මායියට පොර වගේ හිටිය සැමියලාට වෙච්ච හදිය ''''

 

අද මාර්තු 28 සෙනසුරාදා ''''

තිලා බලන් හිටියෙ මේ කලේ කොරෝනා පාලනයට කලාකරුවන් එක එක විදිහට දායකත්වය දුන්න''

ඒ අතරෙ අහන්න ලැබුණ අපේ චිත්‍රාල් සෝමපාල අලු‍තෙන් ගීතයක් කරල'''තිලා ඉතින් ගිතය වචන ටක හොරකම් කලා''

 

වෙන් වෙන්නෙපා හිතින්

හිටියා කියා දුරින්

උණුසුම් හදින් අවුලා මිනිස්කම

දැල්වෙමු අඳූරේ ආදරේ තියන්

හිනැහෙමු හෙටත් මිනිසුන් ලෙසින්

 

මිටරේ දුර ආදරේ තියන්

අපි බලන් ඉමු ඉවර වෙනකන්

කොරෝනා කාලේ

වැලඳගත හැකි දවස් යලි එනකන්''''

වැලඳගත හැකි දවස් යලි එනකන්''''

 

අන් අය ගැනත් සිතින්

ලෝකයක් සේ නැගෙන්

පවුරක් ලෙසින් ඔසවා මිනිස්කම

ඇවිලෙමු අඳූරේ ආදරේ තියන්

හිනැහෙමු හෙටත් මිනිසුන් ලෙසින්'

 

මිටරේ දුර ආදරේ තියන්''''//

 

පද රචනය - චින්තන ධර්මදාස

සංගීතය හා ගායනය - චිත්‍රාල් සෝමපාල/

 

⁣දෙන්නටම තිලාගේ සැලියුට්‍ ''

අන්තර්ජාලයෙන් ගිතය අහලම බලන්න''''

 

අද මාර්තු 29 ඉරිදා '''

අද අපේ සිළුමිණට වසර 90 ක් තිලාටත් වාසනාව තිබුණ ඡායාරූප ශිල්පියෙක් හැටියට' විශ්වවිද්‍යාලයක් වැනි සිළුමිණට සම්බන්ධ වෙන්න තිලාට ආරාධනා කලේ ධර්මසිරි ගමගේ මහතා හා නිමල් හොරණ මහතා ඒ රසඳූන පටන් ගන්න සමයේ ඉන්පසු තිලකරත්න කුරුවිට බන්ඩාර මහතා අතුලු‍ කර්තෘවරුන් සමග තිලා වැඩකලා '''

ඒ පන්නරයෙන් තිලා අදත් සිළුමිණට ලෙන්ගතුයි ''''

මේ කොවිඩ් 19 කාලයේ 90 වෙනි ඊපුවත්පත අන්තර්ජාලයට මුදාහරින්නට උරදුන් කර්තෘ ධර්මන් වික්‍රමරත්න අතුලු‍ සිළුමිණේ පවුලේ සගයින්ට තිලාගෙන් සැලියුට්‍ '''''

'''ජයවේවා සිළුමිණ 90'''

 

අද මාර්තු 30 සදුදා ''''

කොවිඩ් 19 වුනාට තිලාට කොවිඩ් 20''''

අදට වසර විස්සක් මායියගෙ නිරොධනයට යටත්වෙලා තිලා ඉන්නෙ''

සුබපතම් තිබුණ ගොඩක්

එත් ඒ අය දන්නෙ නැනේ හැමදාම රැ හතෙන් පස්සෙ මායියගෙ ඇදිරි නීතිය කියල'''

 

අද මාර්තු 31 අඟහරුවාදා '''''

අපේ රංගන ශිල්පි කලණ ගුණසේකර මේ දින වල ජිවත් වන විදිය දාලා තිබුන ''තිලාත් ටිකක් ඒ වගේ අනෙක් අයත් එහෙමද දන්නෙ නැ'''''

පන්සිල් පද පහම රකිනා කොරෝනා කාලේ'''

01'සතුන් නොමරමි'' (සැමනුත් නෑ'සෝයා මීට්)

02'අන්සතු දේ නොගනිමි''(ගේ ගාවට ගෙනත් දෙන දෙයක් තමයි ඉතිං)

03''කාමේ වරදවා නොහැසිරෙමි''(මීටරයක දුරකින් ඕවා කොලහැකියෑ)

04''බොරු කීමෙන් වැලකෙමි'(කාට බොරු කියන්නද'එකෙක් ලගට එන්නෙ නැ'')

05'' මත් පානයෙන් වැලකී සිටිමි'(නෑනේ''නෑනේ)''

පන්සල් පද පහම කඩන අයට ස්වයංක්‍රීයව එය රැකීමට අවස්ථාව කොරොල දුන්'' කොරෝනා''

 

Add new comment