තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

අප්‍රේල් 16, 2020


 අද අපේ‍්‍රල් 08 බදාදාය......
 
 අපේ ගීත රචකයන්-ගායන ශිල්පීන් ගායනා කරන ගීත අපේ ජිවිතවල ආදර්ශට ගත් අවස්ථා අපමනයි ඒ වගේම ආදර්ශයට ගත් ගිතයක් තිබුණ තිලාට තිලා පාලනය කරගන්න ඒ ගීතය උපකාරි වෙලා තියෙන නිසා වචන ලියා තබන්න හිතුණ...
 
 එය හිතට වදින අයුරින් ගයන්නෙ ආචාර්ය වික්ටර් රත්නායකටන්.. රචනා කළේ සිරිල් ඒ සීලවිමලයන් සංගීතය ආර්. ඒ චන්ද්‍රසේනයන්.....
 
 මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
 
 තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
 
 මිනිසා කොහේද මේ
 
 රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
 
 මිනිස් ගුණේ සැමදා බැබලේ
 
 එය රැුකීම අප උරුමේ - වේ
 
 කේළම් කීමෙන් ඕප¥පයෙන්
 
 රට කොටවන වැඩ අවදානම්
 
 උඩින් මිතුරු වී යටින් හතුරු වී
 
 උගුල් අදින්නා යයි දිය වී
 
 බොරුවෙන් රට පිරිහේවී
 
 මා හරි උගතා මා හරි ජගතා
 
 සිතනා මිනිහා මෝඩයෙකී
 
 අනුන් හෙළන්නට වලක් කපන්නා
 
 ඒ තුළ වැටිලා මිය යන්නා
 
 කළ දේ පල දේ එලෙස.......
 
 තිලාට පෞද්ගලික ජීවිතයට වැදගත් වූ ගීතය තවත් අයටත් වැදගත් වෙන්න ඇති.....
 
 එහෙත් කොතැනක හෝ වැරැුද්දක් සිදුවෙනව......
 
 අද අපේ‍්‍රල් 09 බ‍්‍රහස්පතින්දාය .......
 
 තිලා මෙ දවස්වල නිරෝධනයට වෙන්නේ ගොවිබිමෙය..ඉඳහිට මාධ්‍ය වැඩකට එළියට ගියත් දවස ගෙවන්නේ ගෙ ළඟ කුඹුරු හරියෙය.. දැන් යාලූ‍වෝ නයි ⁣පොලොන්ගු, ඉත්තැවන්, සමගය එත් සමහර මිනිසුන් තරම් විස නැත. කොරෝන තරම් බයද නැත තිලා දැන් මොඞ් ගොවියාය...⁣.ඡුායාරූප ශිල්පය අමතර රැුකියාව වෙයිද දන්නෙ නැ......
 
 අද අපේ‍්‍රල් 10 සිකුරාදාය ..
 
 අද සරසවියේ උපන් දිනය...
 
 ඉතින් තිලාට හිතුණ වචන කිහිපයකින් සරසවිය පවුලට සම්බන්ධ අය ගැන වචන කිහිපයක් ලියන්න..
 
 අරුණ ගුණරත්න...
 
 අරුණ තමයි ගෘහමූලිකයා.. වැඩිම කාලයක් සරසවියේ වැඩම කාලයක් කර්තෘ පුටු⁣වෙ ගෙදර ඉඳලම නෑ වගේ.....
 
 අඟහරුවාදා පත්තරේ පිටු හදන අතරේ රසකතා ඥානකතා සංග‍්‍රහය.. තිලාත් ඉතින් ඉඳහිට මැදට පනිනවා...
 
 නුවන් නයනජිත්.... නුවන් ඉඳුල් කට ගාන දවසේ රස කැවිලියි පොත්පත් මුදල් පත්තර තියල තියෙනකොට සරසවිය පත්තරේ තමයි අතට අරන් තියෙන්නේ ......
 
 චන්දන සරසවියේ ඇට්‍ටරයා.. සරසවියේ ජීවිතෙන් බාගයක් සරසවියේ.... චන්දන සාකච්ඡුාවක් කරන කොට බලන් ඉන්න ආසයි ආරක්ෂක අංශයෙන් ප‍්‍රශ්න කරනවා වගෙ..
 
 උදා: මහාචාර්යතුමනි.. තමා ඇයි විජයබා කොල්ලය කළේ .....
 
 අරුණි මුතුමලි ....
 
 අරුණි සාකච්ඡුාවකට යන කොට ප‍්‍රශ්නයක් අහන්න කලින් උත්තර දීලා ඉවරයි.. විශේෂයෙන්ම පිරිමි...අන්තිමට මිනිහ දන්නෙත් නෑ මොනවද කිව්වෙ කියල...
 
 හේමාලි විජේරත්න ...
 
 හේමාලි ළඟදි දවසක මේක් අප් දානවා තිලා දැක්ක ටික වෙලාවකින් අරුණ ඉස්සරහ වාඩිවෙලා ඉන්නවා මේක් අප් දලා තියෙන්නෙ සරසවියට එන්න..
 
 ප‍්‍රසාද් සමරතුංග
 
 සරසවිය පවුලේ සිනමා අධ්‍යක්ෂකවරයා (ලංකාවෙන්ම ලාබාලම* ප‍්‍රසාද් මල්ලි උදේට සිනාමුසු මුහුණින් ප‍්‍රියමනාපව හිටියොත් අපි දන්නවා අද නව පරපුරේ ලස්සන නිළියක් එනව කියල....
 
 යතේජා ඥානරත්න...
 
 දවසක් සරසවියේ දැන්වීම් කියනව බැලූවම පයිප්ප බාස් කෙනෙක් හොයාගන්න..
 
 නිශ්ශංක විජේරත්න....
 
 සරසවියට හිමි ස්ටුඩියෝව වැඩිපුරම ඡුායාරූප ගන්නෙ එයා.. දේවාලයක් වගේ තියන් ඉන්නෙ.. කිලිටි වෙනවට කැමති නෑ..
 
 තිලානි...
 
 ආලෝකකරණය හැර වේදිකා නාට්‍යවල සියලූ‍ම දේවල් දන්නවා....
 
 පසුගිය කාලේ නිළියක් වගේ ලස්සන කෙල්ලෙක් ගියා සරසවිය කර්තෘ මණ්ඩලය හරහා ළඟදි දවසක සරසවියේ වාඩිවෙලා ඉන්නවා ඒ තමයි නිර්මාණි ...
 
 පිටු නම් චක්සු චක්සු නම් පිටු....
 
 පින්තුරේ අවුල්නම්‍ කවරේ අඹල හරි දෙන කවී....
 
 ප‍්‍රියන්ත..
 
 සරසවියට වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරපු කෙනෙක්..
 
 හැමදාම හවසට රැුවුල කපනවා තිලා දැක්ක බැලූ‍වම යන්නෙ එන්නෙ ස්ටාෆ් සර්විස් එකක පිරිමි 2 යි අනිත් අය......
 
 ඉන්දික ..
 
 එයා තමයි අපි හැමෝගෙම දුක්ගන්නාරාල.. පසුගිය කාලේ තිලා සරසවිය කැලැන්ඩර් ටික කරනකොට පසුතල හදන්න දුන්නේ පට්ට උදව් .....
 
 අද අපේ‍්‍රල් 11 සෙනසුරාදාය...
 
 නිරෝධනය වෙලා මේ දවස්වල තිලා පින්තූර ගන්නත් කම්මැලියි වගේ අයේ වැඩට යන්න හිත හදා ගන්නෙ කොහොමද කියල කල්පනා කලේ..
 
 තිලා දන් බලන්නෙත් ,පෝලි ,රියෝ, ෆ්ලයි අවේ හෝම්, ළමා බයිස්කෝප් ......
 
 අද අපේ‍්‍රල් 12 ඉරිදාය .....
 
 අපේ සාගරිකා අක්කා (සාගරිකා දිසානායක අක්ක කිව්වට තිලාට වැඩි වයසක් නෑ* සිළුමිණ පුවත්පතේ දක්ෂ මාධ්‍යවේදිනියක් සහ කතුවරියක් ....
 
 තිලාට මුලින්ම හමුවුයේ සිළුමිණ කලා පිටුව ඇගෙන් හැඬවු කාලේ ..
 
 එදා සිට පසුගිය කාලේ අපි සංචාරක සටහන් සඳහා ලස්සන තැන් හොයාගෙන ගියා.. ඒ ගැන කියන්නම නොව සාගරික අක්ක නැවතත් කවි ලියන්න පටන් ගෙන....තිලා දැක්ක අහම්බෙන් ...
 
 කොරොනාවෙන් ඉබේ නැවතුණ
 
 එක තැනම කරකැවෙන ජීවිත
 
 තවත් ආතුර කරයි දාහය
 
 දිවයුරුගෙ බල මහිම
 
 මොහොතකට මෙල්ල කර
 
 මේඝ ලතාවක් කල් බලන හැඩ
 
 මවා විදුලිය නගා ගොර හඩ
 
 මඞී තුරු ලිය නගයි හෝ හඩ
 
 මඩිනු ඇත ගත දැවූ දාහය
 
 ඉපිල යයි සිත මඇවෙන තුසිතය
 
 මසිත මතු නොව ගහ කොළද හැම
 
 මුලා කොට යලි තිබු විලසම
 
 හමන මදනළ සමග හාදව
 
 වැහි රැුල්ල ඈතටම ඇදෙන රග.....
 
 ජයවේවා ...
 
 අද අපේ‍්‍රල් 13 සදුදාය ...
 
 අද ගෙදර ඉඳන් අවුරුදු....
 
 මෙවර අවුරුදු කොරෝනා වෙනුවෙන් කැපවුවන් වෙනුවෙන් කැපකලා
 
 මීට කලින් 73 වසරේත් අවුරුදු දිනයෙ දිවංගත ඩඞ්ලි සේනානායක හිටපු අගමැති වෙනුවෙන් මෙවැනි දිනයක් සිරිමාවෝ බන්ඩාරනායක අගමැතිනිය විසින් ඉල්ලීමක් ප‍්‍රකාශයට පත්කර තිබුණා..
 
 ගෙදර අවුරුදු නිසා අද ඉතින් තිලාට හිතුන පිස්සු සිතුවිලි......
 
 ඉස්සර අවුරුද්ද පුරාම පිටින් කාපුවුන් අවුරුදු දාට විතරක් නැකතට ගෙදරින් කනවා.. ඒත් මෙවර අවුරුදු මාසේම ගෙදරින් ..
 
 රතිඤ්ඤා නැති අවුරුද්ද හරියට කොරෝන කාලේ කවුන්සලය වගේ...
 
 ඇල්කොහොල් නැති නිසා අවුරුද්දේ සද්දෙ අඩුයි...
 
 මධ්‍යසාරවේ‍දින්ගේ අවුරුදු බාර් ඇරියට පසු
 
 බාර් අයිතිකරුවන්ටත් අවුරුදු එදාටය...
 
 එළවළු, වියලි ආහාර හා ඖෂධ අලෙවිකරුවන්ගේ අවුරුදු මාර්තු මස සිටමය...
 
 ගෙවල්වල පොල් කඩපු සැමියන්......ලබන වසරේ ලිස්සන ගහේ නැගිමට උනන්දු විය හැක.
 
 අද අපේ‍්‍රල් 14 අඟහරුවාදාය .....
 
 ඔක්කොම මායිය යටතේ වැඩකරන තිලගේ සගයන්ට
 
 සුබ අලූ‍ත් අවුරුද්දක් වේවා....
 
  

Add new comment