ආයෙත් නැගිටිමු- හිස නමා සොබා දමට

අප්‍රේල් 23, 2020

කොරෝනා නිසා බිහි වූ අලූ‍ත් ගීතයක්

මෙබඳු ව්‍යසනයන්ට මීට ප‍්‍රථමද අපි ජාතියක් වශයෙන් සාර්ථකව මුහුණ දී ඇත්තෙමු.එවන් වූ අවස්තාවන් වලදී කලාකරුවන්ද හැකි අන්දමෙන් සිය වගකීම ඉටුකරලීය.විශේෂයෙන් ඒ ඒ කාල වලදී මනස පුබුදුවාලන,හිතට දිරියක් දෙන ගීත වැඩි වශයෙන් නිර්මාණය වනු දක්නට ලැබිණ.ඒවා මගින් සමාජයට මහත්වූ බලපෑමක් කිරීමටද සමත් විය.ව්‍යසනයකදී අත්‍යවශ්‍ය රාජකාරීන් කරන පිරිසටද එමගින් ගෞරවයක් පිරිනැමිණ.මේ අප කතා කරන්නට සූදානම් වනුයේ එවැනි ගීතයක් ගැනය.සිනමා ටෙලි අධ්‍යක්ෂ කැළුම් පාලිත මහීරත්න ඊට මූලිකත්වය ගත් තැනැත්තාය. ගීතයේ පද ලියැවෙන්නේද ඔහුගේ අතිනි.බලමු කැළුම් ඒ ගැන කිව්වේ මොනවද කියලා. මේ කොරෝනාව කවදා හරි නිම වේවිනේ.ඊට පස්සේ අපි කොහොමද ජීවිතේට මුහුණ දෙන්නේ.ඒ ගැන දුක් වෙවී ඕලාරිකව ඉඳලා පළක් නෑ.යම් කිසි දවසක අපි නැගී සිටින්න ඕනෙ.පුරුදු ජීවන රටාව ක‍්‍රමක‍්‍රමයෙන් පටන් ගන්න අවශ්‍යයි.මෙහෙම හිත හිත ඉන්නකොට තමයි මට ගීතයේ පැදි පෙළ ලියන්න හිතුණේ.හිමින් සැරේ ආ සුළඟක් කියලා තමයි ගීතය ආරම්භ වෙන්නේ.සම්පූර්ණයෙන් ගීතය ලියැවුණාට පස්සේ මහේෂ් විතාන කියන නව පරපුරේ සංගීතවේදියා මියුරු තනුවක් හදලා සංගීතය නිර්මාණය කළා.ගායනයෙන් දායකත්වය සැපයුවේ ජනප‍්‍රිය ගායක සංඛ දිනෙත්.සුගත් හෙට්ටිආරච්චි, බුද්ධික පෙරේරා,ජනක චාමර යන පිරිසද මේකට සහාය වුණා. ඩසාැද එක සෙබ්ක කළේ මම.මේ වැඩකටයුතු අපි කළේ ගෙවල්වල ඉඳගෙන.කවුරුවත් එහෙ මෙහෙ ගියේ නැහැ.එහෙම යන්නත් බැහැනේ.චයදබැ වලින් තමයි බොහෝ දේ කළේ.ගෙවල්වලට වෙලා නිකම්ම ඉන්නවට වඩා අපිට පුළුවන් විදිහට නිර්මාණයක් කළා.ඒ ගැන සතුටු වෙන්න පුළුවන්.

"මේ කොරෝනාව කවදා හරි නිම වේවිනේ.ඊට පස්සේ අපි කොහොමද ජීවිතේට මුහුණ දෙන්නේ.ඒ ගැන දුක් වෙවී ඕලාරිකව ඉඳලා පළක් නෑ.යම් කිසි දවසක අපි නැගී සිටින්න ඕනෙ.පුරුදු ජීවන රටාව ක‍්‍රමක‍්‍රමයෙන් පටන් ගන්න අවශ්‍යයි.මෙහෙම හිත හිත ඉන්නකොට තමයි මට ගීතයේ පැදි පෙළ ලියන්න හිතුණේ.හිමින් සැරේ ආ සුළඟක් කියලා තමයි ගීතය ආරම්භ වෙන්නේ."

 

 

හෙමින් සැරේ ආ සුළඟක් ගීතයේ සම්පූර්ණ පද මාලාව

 

හෙමින් සැරේ ආ සුළගක්

එක්ක වැටුණා වැහි කැට

බලා සිටියා එදෙස හොද හැටි

වෙන්නෙ මොනවද කියා නොදැනිම

කියා නොදැනිම.
 

කොටූවුණා ලෝකය එක තැනකට

හිර වුණා සියළු දේ නොසිතූ ලෙස

දැනෙන්නට ගත්තා අමුතු හැගුමන්

ගුලි වුණා හැම ජාතියක් භීතියෙන්

නැවත හිරු පායයි ද ,

පිබිදෙයිද ලෝකය නැවතත්

නෑ සිතන්නට කිසිවක් වෙන

ගෙවෙනවා දින එක එක.
 

කියා දුන් පාඩම් ලෝකයට

හරිම සොදුරුයි මිහිතලයට

ආයෙමත් නැගිටිමු

හිසනමා සොබා දමට.
 

නැගිටිමු ලෝකයම

නැගිටිමින් ඇත සැවොම

අලූ‍ත් ඉර පායයි හෙට

ජීවිතය අලූ‍තින් විදින්නට. 

 

Add new comment