තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

අප්‍රේල් 30, 2020

අද අපේ‍්‍රල් 22 බදාදා.....
 
 පසුගිය ඩය-රියඹචා්එැ දකුණේ භාෂාව ලියල තිබුණනේ... ඒක බලල තිලාගේ මාතර ගජයෙක්
 
 ”‍ඇයි චිත‍්‍රපට දෙකක් විතරක් අනිත් ඒවත් ලියපන්..”‍
 
 ඉතින් එයාතුත් එක්ක බයිස්කෝප්වල නම් ලිව්වා
 
 එහෙම ලිව්වම තමයිලූ‍ ඉස්සර එස් කේ සිනමා හා බ්‍රෝඞ්වේ සිනමා හා නිව් සිනමා එකේ බයිස්කෝප් දුවන්නේ ..වැලිගම චාන්දනි, දික්වැල්ලේ එච්.ආර් එහෙමලූ‍
 
 (ඔයැයිටයි ප‍්‍රියේ ආදරේ
 
 ඔබටයි ප‍්‍රියේ ආදරේ..)
 
 එයැයි දැන් මහ ළමයෙක්
 
 (එයා දැන් ලොකු ළමයෙක්)
 
 කොටි නැට්ට
 
 (කොටි වලිගය...)
 
 කරිජ්ජ වළල්ල
 
 (කරදිය වළල්ල ....)
 
 මාතර ආත්තා
 
 (මතර ආච්චි ...)
 
 ඔහේට දිවුරා දොඩන්නම්
 
 (ඔබට දිවුරා කියන්නම්)
 
 ඔහොම හොදෙයි
 
 (ඔහොම හොඳද...)
 
 සදහටම ඔහේ මගේ
 
 (සදහටම ඔබ මගේ)
 
 හංස ලතෝනිය
 
 (හංස විලාපය..)
 
 ඔහේට රහසක් දොඩන්නම්....
 
 (ඔබට රහසක් කියන්නම්)
 
 අම්මේ ඔයැයි නිසා
 
 (අම්මේ ඔබ නිසා....)
 
 එයැයි ඔයැයිට බාරයි
 
 (ඇය ඔබට බාරයි...)
 
 එයැයි වැරදිදැයි ඔයැයි කියන්නෙ
 
 (ඇය වැරදිද ඔබ කියන්නෙ)
 
 ඔහේ නැතුව ඔහේ එක්ක
 
 (ඔබ නැතිව ඔබ එක්ක)
 
 තවත් ඉතින් මතක් වුනාම ලියන්නම් ......
 
 අද අපේ‍්‍රල් 23 බ‍්‍රහස්පතින්දා ......
 
 කොරෝනා විසින් අපිට නැති කළ හා ඉදිරියෙදිත් නැතිවෙන දේවල් මතක් වුනාම ...
 
 මද්‍යසාර නෑ, හොරකම් නෑ, මංකොල්ල නෑ, අවුරුදු නෑ, තරඟ නෑ, නාලිකා වල ජොතිෂ්‍ය පොරවල් නෑ, නැකත් නෑ, රතිඤ්ඤා නැ, එකම කේක් එක ගම වටේ යන්නෙ ගියෙ නෑ, වෙසක් නෑ, දන්සල් නෑ, ආදරේ කරන්නන්ට හමු වෙන්න නෑ, යාලූ‍වෝ දකින්න නෑ, මායියලාගෙන් හොඳකුත් නෑ, සැමියලාගේ ගැම්ම නෑ, වැඩත් නෑ, පඩිත් නෑ ...හිතුන ටික ලිව්වෙ....ලියල ඉවර කරන්නත් බෑ..
 
 අද අපේ‍්‍රල් 24 සිකුරාදා ....
 
 මායියලාගෙන කොරෝනා නැතිව නිරෝධනයට- හිංසනයට ලක්වුන සැමියන්ට වුන අසාධාරණයට ලක්වූවන් රහසේ හෝ සංවිධානය විය යුතුයි.. ඔන්ලයින් ඔස්සේ හෝ හිංසනයට ලක්වූ සැමියන්ගේ සංගමය රැුස්විය යුතුයි..
 
 ඒත් ඉතින් අපි විතරයි පහුගිය දවස් වල මංත‍්‍රිවරු ක‍්‍රිකට් කී‍්‍රඩකයො වාගේ ප‍්‍රබලයන් මායියලාගේ හිංසනයට ලක්වෙලා පොල් ගානවා, මිරිස් අඹරනවා රොටි හදනවා, පිටි අනනවා දැක්න..
 
 ඉතින් අපිට මොන කතාද......
 
 අද අපේ‍්‍රල් 25 සෙනසුරාදා .....
 
 ගෙදරින් එලියට යන්නේ මෙහෙමයි.
 
 ජා.හැ.අවසාන අංක
 
 (1,2 සදුදා )
 
 (3,4 අගහරුවාදා)
 
 (5,6 බදාදා)
 
 (7,8 බ‍්‍රහස්පතින්දා)
 
 (9,0 සිකුරාදා)
 
 මං සිකුරාදා මම කැමතියි බදදා කෙනෙකුට
 
 මට හඳහන් ගැලපුනෙ නැ ඒත් මං සඳුදා නිසා සඳුදා කෙනෙකුට මාත් කැමතියි.....
 
 මම අඟහරුවාදා ඔබ කවදාද ...
 
 ඉරිදාට පල්ලිත් බැ. සඳුදාට පන්සලේදිත් බැ. මම බ‍්‍රහස්පතින්ද
 
 දැං අයිඩින්ටියට දවසයි
 
 පාස්පෝට් එකට දවසයි දවස් දෙකක් යන්න බැරිද .....
 
 එළියට යන්න අයිඩෙන්ටි නම්බරේ බලන්න ඕන නැති
 
 කොල්ලෙක් ලබන්නත් ඉතිං පිං කරන්න ඕන
 
 1111 ඉලක්කං ටිකක් තියන මං කවද්ද එළියට යන්නෙ කියල කල්පනා කරන්නෙ..
 
 අයියේ අපේ සැමියගේ දිනේ වෙන එකක් හෙට යමුද මාත් එක්ක ක්ලීනික්..අල්ලපුගෙදර ගැනි.
 
 වී අකුර වීක්එන්ඞ් එකේ පුලූ‍වන්ලූ‍..
 
 අද අපේ‍්‍රල් 26 ඉරිදා ..
 
 අද ජානක වික‍්‍රමසිංහනම්‍ සෞම්‍යවන්තායා ගැන. තිලා කලිනුත් පිටුවක සඳහන් කලා තිලා සුසිල් අයියත් (සුසිල් ගුණරත්න * නිතර ඉස්සර පොලොන්නරුවේ ගෙදර යනව...
 
 අද වැනි දිනයක අපි එහේ හිටියා අද ජානකගේ උපන් දිනය...
 
 ජානකගේ ගීත අතරින් තිලා කැමතිම ගීතය ගයන්න වදකරනවා අදත් වචන මතකයි.......
 
 සඳ කිඳුරා මිය ගියා -
 
 ගමට එන්න නංගියේ
 
 පසලොස්වක පෝය දා -
 
 අවසන් කටයුතු කළා....
 
 ගමේ නාඩගංපොළේ -
 
 කිඳුරිය වී නුඹ එදා
 
 ගැයු ලිය ගී විකුණන්ට
 
 කොළොම් තොටට ඉගිළුනා
 
 කණ කෙකිනිය ගමට ඇවිත්
 
 ඇඬුවා නුඹ ගැන කියා
 
 ඇඬුවා නුඹ ගැන කියා.....
 
 වෙල් දෙණි ඕවිටි පුරා - තනිවම සීපද කියා
 
 තනිව හිටිය කින්නරා -
 
 ළය දැදුරුව මිය ගියා
 
 කණ කෙකිනිය අඩන්නෙ නෑ - ඇහේ කඳුළු නැති නිසා
 
 ඇහේ කඳුළු නැති නිසා.......
 
 මෙහි වචන පෙලගැසුවෙ රත්න ශ‍්‍රී විජේසිංහයන්.
 
 සංගීතය විශාරද ගුණදාස කපුගේ
 
 අද අපේ‍්‍රල් 27 සඳුදා ..
 
 අපි කවුරුත් බලාපොරොත්තු නොවුන විදියට කොරෝනා ආසාදිතයින් පන්සියය වැඩිවෙලා ⁣දැන් මිනිස්සු වැඩිවුන ගාන කියනවා...
 
 හමුදාවෙ තමයි වැඩි කියනවා...
 
 ඒ අතරේ මධ්‍යයෙන් පේන්නන දෙවල් ගැන මාධ්‍යට සම්බන්ධ තිලාත් කලකිරිල ඉන්න අතරේ
 
 අපේ වසා (වසන්ත ජයසිංහ ආරච්චි * දලා තිබුණ දෙයක් දැක්ක..තිලා එකහෙලාම එඟගයි වසාගේ කතාවට
 
 ”‍හැබැයි සතුරව හොයා යන දඩයම් බල්ලෝ වගේ මිනිස්සු පස්සෙ පන්නම් ගිහින් කන බොන ඒ වගේ ඉදලා හිරෙන් පැනපු එකෙක් වගේ සියල්ල පටිගත කරලා එවන්න තරම් අපේ වෘත්තිය කොතෙන්ටද වැටුනේ. තොරතුරු වාර්තාකරණය විය යුතුයි.ඇත්ත හෙළි කළ යුතුයි.හැබැයි මේක ඊට වඩා මානුෂිය විය යුතුයි.රටත් කාලා අපිත් කෑව පට්ට හොරු නිදැල්ලේ ඉන්නකොට කොරොනා ආසාධිත විරුවෙකුගේ නිවසකට ගිහින් ඒක පටිගත කරලා හොරෙක් අල්ලන් යනවා වගේ කතා හදන එක නම් අසික්කිතයි...හැමදේම දෙපැත්තක් ඇති.හැබැයි සමහර දේවල් මානූෂියව බැලූ‍වොත් හොදයි..උඹලා ලස්සන වදන් හදනවා.දේශයේ මුර දේවතා.මිහිපිට දෙවිවරු.. ආයූ රක්ඛන්තු ආවඩා.. උපන් බිමට ණය නැති විරුවා...,අපෙන් එකෙකි මේ මිනිසා..,රට වට බැදි රන් වැට ,මේවා කාව හරි සනසන්න හදපු වචන විතරද මචංලා..වැඬේ හරියට කරන ගමන් මචං මානුෂිය වෙමු. මොනදේ කලත් උඹලත් පරිස්සමෙන්.මොකද කොරොනා කියන්නේ වෛරසයක්.ඒකට තරාතිරමක්වත් අහවල් චැනල් එකේ කියලා එකක් නැහැ........ස්තුතියි වසන්ත තිලා ටිකක් උපුටා ගත්ත..
 
 අද අපේ‍්‍රල් 28 අඟහරුවාදා ..
 
 බයිස්කෝප් බලන්න තියෙන කෑදරකමට පුංචි කාලේ බලපු ”‍තුෂාරා”‍ බැලූ‍ව... මහරගම අනුෂා එකේ වගෙ මතක...හොයි හොයි...
 
 බලන අතරේ තිලාට මතක් වුනේ පපුවෙ - පිටෙ පච්ච වලන් දෙබස් ප‍්‍රකාශ කිරීමට යොදාගෙන තිබුණ හැටි...
 
 ”‍මොකද බලන්නෙ”‍
 
 ”‍දෙමුද ගේමක්”‍
 
 ඉස්සර තිලා පාසලෙත් කියනවා....
 
 තවත් දෙයක් අපිට නොතේරෙනාට ඒකෙ රංගන ශිල්පීන් කීදෙනෙක් අප අතර නැත්ද...
 
 විජය කුමාරතුංග, ජෝ අබේවික‍්‍රම , බැප්ටිස් ප‍්‍රනාන්දු , පියදාස විජේකොන් , ශාන්ති ලේඛා, මාක් සමරනායක විතරක් නෙවේ යසපාලිත නානායක්කාර ඔවුන් නැති වුනත් අමරණියන් වෙලා...