තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන් රණ විරුවකුගේ අවසන් ගමනට
මැයි 21, 2020


 
 අද මැයි 13 බදාදාය ......
 
 අද උදේම දුරකතන සද්දෙ දැම්මා කිහිප වතාවක්..
 
 නිදිමරගාතේ කතා කලා
 
 ”මචං අද අරිනවලූ‍ නේද....”‍
 
 එවලෙ ඉඳන්
 
 ලැහැස්ති වෙන්න දවල් විවෘතයි ..
 
 දොලහ වෙනකොටලූ‍ නෙ ....
 
 ගන්න තරමක් ගන්න ආයේ වහයිද දන්නෙ නෑ....
 
 මචං පොලිමේ ඉන්නෙ ඉක්මනින් වරෙන්....
 
 මචං මං ඉන්න තැන පොලිම සෙනඟ වැඩියි අතන බලපං
 
 මං ඉන්න තැන ලෝකල් නැ මචං ....
 
 දැන් නම් ඕනෙත් නැ වගේ අපි අරවට පුරුදු වෙලා..
 
 මං ඉන්න තැන ගෑනුත් පෝලිමෙ මචං ...ඒකට අපේ මායිය...
 
 මචං පොලිමේ ඉන්න ලැජ්ජා නම් තොප්පියක් දං වරේන් අඳුගන්න බැ...
 
 මීඩියා එකෙක් විඩියො කරනවා බං තහනම් දෙයක් ගන්න ඉන්නවා වගේ...
 
 මචං පෝලිම ඉස්සරහ මාමන්ඩියාත් ඉන්නවා බං......
 
 මචං අද නම් මායියව ලස්සනට පෙනෙයි.....
 
 ...සුරාසල් උද්යෝගය.....
 
 අද මැයි 14 බ‍්‍රහස්පතින්ද‍ාය .....
 
 කොරෝනා ⁣නිසා වංක-අවංක මුහුණු අඳුන ගත්ත ...
 
 මචං බස් එකේ යන පොෂ් නංගි කෙනෙක් හදිසියේ පාමසි එකේ දැක්කා.. මුණේ රැුවුල් ගස් වැවිල කොන්ඩෙත් සුදු වෙලා.....
 
 අඩි ගණනක් උඩ හිටිය ලොක්කො අන්දන අපේ ලොක්කි දැක්ක බං ගේ ගාවදි.. අපේ ලොක්කො පව් බං...
 
 බස් එකේ ඇගේ හැපුන කියල මට බැන්න ගෑනි බේකරිය ගාව නාකි ගොඬේ පොරකනව බං පාන් ගන්න...
 
 සිංහල ටිකක්වත් බැරි ගානට ඉන්න අපේ ලොක්කගේ සෙකට්ටි‍්‍ර පිටි කිලෝ එකක් ඉල්ලනව බං සුද්ද සිංහලෙන්... රොටි හදන්න වෙන්නැති.
 
 චීස් බටර් ගැන කතා කරන අපේ බ‍්‍රාන්ච්‍ මැනේජර් පොල් හොයනවා සම්බෝලයක් ..
 
 මචං ⁣ටෙලි නාට්‍ය නිළියක් පරිප්පු පන්සියයක් අරන් ගියා ..
 
 දවල් මුහුණු පොතේ පින්තූරයක් දාල අද දවල් චිකන් බිරියානි කියල.. බිරියනි එකක පින්තූරයක් දාල......
 
 වෙලාවට තිලාව කාටවත් අඳුරගන්න බැ සම්පූර්ණම මැන්ටල්...
 
 අද මැයි 15 සිකුරාදාය ...
 
 දැන් ඇරඹුණ ⁣
 
 ටෙනිගේ
 
 ”‍ඉහුම් පිහුම්”‍
 
 නවක පන්ති දැන්
 
 දැන් ඇරඹුණා.....
 
 නව ආකාරයට අනුව කරියක් රසට ගුණට පිළියෙළ කර ගැනීිමට ප‍්‍රායෝගික ඉගැන්වීම...
 
 ලෙහෙසියෙන්ම පරිප්පු කරියක් සෑදීම.....
 
 සමග..
 
 මාළු‍ ඇඹුල්තියල් කරිය...
 
 තෙලට හාල් මැස්සන් හා තක්කාලි ....
 
 මාළු කරිය...(මිරිසට- කිරට)
 
 කරවිල කරිය...
 
 වෙජිටබල් බිරියානි...
 
 සම්බල් කරිය....
 
 ගොටුකොළ සම්බෝලය.
 
 කලවං මැල්ලූ‍ම....
 
 කොහිල දලූ‍ අඹුල..
 
 පොලොස් මාලූ‍ව...
 
 පොලොස් මැල්ලූ‍ම
 
 කිරිකොස් කරිය..
 
 තක්කාලි කරිය....
 
 චීන ක‍්‍රමයට කංකුං කරිය...
 
 සෝයා තෙම්පරාදුව...
 
 ඇතුලූ‍ තවත් වැංජන ඉක්මනින් හදා ගන්න..
 
 නවතම ක‍්‍රම..
 
 කෑම හදන්න බැරිව ගෙදර රණ්ඩු අඩුවෙන මායියලාට...
 
 මායියගේ ගනං බලන සැමියලාට...
 
 ගෙදර සාමයට...
 
 සැමියලාගේ ඉල්ලීම පරිදි බයිට් සෑදීමෙහවස පන්ති (සුලූ‍ කණ්ඩායම්)......
 
 මුල් දින ඇතුල්වීම හා පරිප්පු කරිය සෑදිම ඉගැන්වීම
 
 නොමිලේ ...
 
 ටෙනිගේ .....
 
 .... ඉහුම් පිහුම්......
 
 අද මැයි 16 සෙනසුරාදාය ...
 
 තිලා කල්පනා කලේ ඉමක් කොනක් නැතිව මෙගා නාට්‍ය රැුල්ලට කොටුවෙලා කොරවෙලා නැතිවෙලා හිටපු අපිට කොවිඞ් විසින් විකාශය වු නොවු නාට්‍ය රසවින්දනයට අවස්ථාව
 
 සලසලා දුන්න.... සංසාරාරණ්‍යය අසබඩ..
 
 තණමල්විල කොල්ලෙක්...
 
 රන් තිලි වැව... ගිරිදේවී ...
 
 කරුවල ගෙදර..
 
 මද්දහන ...
 
 දඩුබස්නාමානය......
 
 හැබැයි ඉතින් කොවිඩි 19 නිසාමත් නෙවෙයි...ටෙලි - බයිස්කෝප් නිර්මාණකරුවෙක් නාලිකාවක මුල් පුටුවට ආ එකත් වැදගත් වුණා.....
 
 අද මැයි 17 ඉරිදාය .....
 
 කාලයකට ඉහත ලේක්හවුස් එකට සුන්දර චරිතයක් ආවා.... කාලයක් යද්දි සිළුමිණ ප‍්‍රවෘත්ති කර්තෘ වෙලත් හිටිය ප‍්‍රවෘත්ති ගැන රටේ දේශපාලනය ගැන වැටහීමක් හා හසල දැනීිමක් තිබුණ නිසා දක්ෂයෙක් වුණා.. පසුකලේක ජොතිෂ්‍ය පුවත්පතක් පටන්ගත් එහි කර්තෘ ධුරය දැරුවා.. ඒ නිසාම ජෙතිෂ්‍ය ගැන තවත් වැඩිදුර හදාරා පුවත්පත අංක එකට ගෙනාව ....
 
 අද ඔහු ප‍්‍රසිද්ධ අනාවැකි හා අලූ‍ත්ම ජොතිෂ්‍ය ක‍්‍රමයක් හඳුන්වා දිපු කෙනෙක් ....
 
 අද ඔහුගේ උපන්දිනය යෙදල. ඒ නිසා මතක්වුනා...
 
 ඒ තමයි කේ.සි.ජේ රත්නායක .......
 
 (තිලාටත් අනාවැකියක් අහගන්න ඕන...)
 
 අද මැයි 18 සඳුදාය ....
 
 යුද ජයග‍්‍රහණයට වසර එකොළහයි........
 
 එය තිලා ඇතුලූ‍ මාධ්‍ය කණ්ඩායම ඒ දිනවල එහෙට වෙලා ජීවිත පරිත්‍යාගයෙන් දුක් වින්ද අතිතය යලි සිහිවෙනවා.....
 
 ඒ වගේම සියලූ‍ දිවි පිදු රණවිරුවන් ආබාධිත රණවිරුවන් සිහිවෙනව
 
 සමහරු ඉදහිට හමුවෙනව
 
 ඔය හැමොම වෙනුවෙන් නනිදා මාලනියගේ ⁣ගීතයක් මතක්වුනා .....
 
 උඬගු ලියන් ගොතා බඳින
 
 නීල වරල සරසන්නට
 
 මා පිපුනේ නැත..........
 
 මේ දෙරණේ...//
 
 හිස් මිනිසුන් කුස් පුරවන
 
 සිත් පිනවන
 
 බස් දොඩවන
 
 බොජුන් මේස මත...
 
 සුවඳ හලන්නට
 
 මා පිපුනේ නැත...
 
 මේ දෙරණේ
 
 උඬගු ලියන්..
 
 රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
 
 රණවිරුවකුගේ අවසන් ගමනට//
 
 යන මහජනතා පා ¥විල්ලෙන්//
 
 තැලී වෙලී සැනහී මියයන්නෙම්...
 
 මගේ පරම පැතුම එයයි///
 
 එමගට මා විසි කරන්න.........
 
 පද රචනය - ඩෝල්ටන් අල්විස්
 
 සංගීතය -
 
 පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්...
 
 ඒහි වචන අදටත් කෙතරම් අගනේද......
 
 අද මැයි 19 අඟහරුවාදාය ....
 
 අද යුද රණවිරුවන් කිහිපදෙනෙක් කතා කලා අතීිත යුද ගිනි මැද සුන්දර අත්දකිම් මතක් කළා ....මම නම් දැන්....මම නම් ඊළඟ උඩටත් අවා..
 
 උබලත් කට්ට කාපු හැටි මතක් වෙනව......
 
 රනිලා නම් නැතිවුනා නේද. මට පස්සෙ අරංචිවනේ..
 
 අනික් අය ඉදලහිටල හමුවෙනව...
 
 උබව දැක්කෙ නැ කාලෙකින්...
 
 මගේ උත්තර ලිව්වෙ නැ..)
 
 ඔහොමයි වසර 11 මතකේ තියෙන ඒක කොච්චර ලොකු දෙයක්ද .......
 
 අද අපේ අරුණගේ (සරසවිය කර්තෘ) ගුණරත්න ගේ උපන් දිනටත් යෙදිල සුබ පතන්න කතා කළාම හෙට හමුවෙමු කිව්වා ...
 
 හෙට පුංචි සාදයක් වෙන්න ඇති...