අදීන මාධ්‍යවේදියකු පිළිබඳ ආවර්ජනයක්

ජුනි 4, 2020

සුනිල් වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය අරඹන්නේ 90 දශකයේ මැද භාගයේ දී ලේක්හවුස් ආයතනයට බැඳී, එහි ‘දිනමිණ’ පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙස පත්වීමක් ලබමිනි. පසුව දිනමිණෙන් ‘සරසවිය’ට හේ පිවිසෙන්නේ එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ය. නොබෝ කලකින් සරසවියේ කර්තෘ පදවියට පත්වන සුනිල් ටික කලක් එකී තනතුර දරමින් සිටිය දී ‘සිළුමිණ’ට අනුයුක්ත වන්නේ ‘සිළුමිණ’ සතිඅන්ත පුවත්පත සමඟ නිකුත් කෙරෙන ‘රසඳුන’ ටැබ්ලොයිඞ් සංග‍්‍රහයේ සංස්කාරකවරයා ලෙස පත් වෙමිනි. එසේ ම, ඒ සමඟ ම සිළුමිණ සම කර්තෘ ධූරය ද ඔහුට හිමි වීම විශේෂත්වයකි.



ප‍්‍රවීණ මාධ්‍යවේදී, ප‍්‍රශස්ත ලේඛක, බොහෝ ඇසූ පිරූ තැන් ඇති සොඳුරු මිනිසකු වූ සුනිල් මිහිඳුකුල අප අතරින් නික්ම ගොස් හරියට ම වසර 3ක් පිරුණේ පසුගිය සති අන්තයේ දී ය. මේ වසර 3ක කාලය තුළ ඔහු නැති අඩුව, ඔහුගේ වියෝවෙන් මතු වුණු රික්තය තදින් ම දැනුණේ මිය යන්නට කෙටි කලකට පෙර විශ‍්‍රාම යන තෙක් ඔහු ඇසුරු කළ, ඔහු හා ගැටුණු ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදීන්ට සහ ඔහු සමඟ සමීප ව ඇසුරු කළ හිතමිතුරන්ට පමණක් නොවේ. පුවත්පත්වලට ඔහු ලියූ ලිපි කියැවූ, ඔහුගේ කෘතීන් පරිශීලනය කළ පාඨකයන් හට ද ඔහුගේ වියෝව තදින් දැනීම විශේෂත්වයකි. ඒ, ඔහු තම සමීපතමයන් හමුවේ ප‍්‍රකට කළ සොඳුරු මානවහිතවාදය නිසා මෙන් ම මාධ්‍යවේදය සහ ලේඛකත්වය ඔස්සේ පළකළ තියුණු වාග් රිද්මය සහ අපූරු ශෛලීය හේතුවෙනි.

1960 සැප්තැම්බර් මස 22වැනි දින මීගමුවේ දී මෙලොව එළිය දුටු සුනිල් උපතින් රෝමානු කතෝලික ලබ්ධිකයකු වූ නමුදු අන්ධ භක්තියකින් ආගම හා නොබැඳුණු නිදහස් මතධාරියෙකි. මීගමුවේ මාරි ස්ටෙලා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හේ චිත‍්‍රපට නැරඹීට තදින් ඇබ්බැහි වූ පික්චර් පිස්සෙකු වූයේ පාසල්වියේ දී මය. පාසල් ජීවිතයට සමු දුන් අවදියේ දී ම ඔහුගේ අවධානය නොමද ව දිනා ගත්තේ සිනමාව, සාහිත්‍යය, නාට්‍ය කලාව, සංගීතය වැනි විෂයයන් අරභයා අගනුවර දී නිතර පැවැති දේශන හා සම්මන්ත‍්‍රණ ආදිය යි. 70 දශකයේ දී පූර්වෝක්ත විෂයයන් අළලා විවිධ දේශන, සම්මන්ත‍්‍රණ, කතිකා, වැඩමුළු ආදිය පැවැත්වීමට එකී විෂයයන් හමුවේ ප‍්‍රාමාණික දැනුමක්, අවබෝධයක් මෙන් ම දැඩි උනන්දුවක් දැක් වූ පිරිස් සහ සංවිධාන කටයුතු කළ අතර මීගමුවේ සිට කොළඹට තකහනියක් පැමිණ මෙවන් අවස්ථාවලට සහභාගි වීම සුනිල්ගේ දින චර්යාවේ අනිවාර්ය අංගයක් වූයේ ය.

සුනිල් එවක කලාව විෂය කරගත් පුවත්පත්වලට, ඇතැම් ප‍්‍රධාන පුවත්පත්වල කලා අතිරේකවලට ලිපි ලියන්නට පෙළැඹුණේ කලා ක්‍ෂේත‍්‍රය අරමුණු කරගත් ඉහත සඳහන් විවිධ කි‍්‍රයාකාරකම්වලට ඔහු මෙන් ම නිරන්තරයෙන් සහභාගී වූ සමකාලීනයන් කිහිප දෙනෙකුගේ ඇසුර හේතුවෙනි. හේ සිනමා ලේඛනයට පිවිසෙන්නේ එසේ දැන හඳුනාගත් ගුණසිරි සිල්වාගේ ‘සකුරා’ සිනමා අතිරේකය ඔස්සේ ය. අනතුරු ව ජයන්ත චන්ද්‍රසිරි සංස්කරණය කළ ‘නවලිය’ කලා අතිරේකයට ඔහු දැක්වූයේ ප‍්‍රබල දායකත්වයකි. සිනමාව ප‍්‍රමුඛ කලා ක්‍ෂේත‍්‍රයන් අරභයා ඔහු ලියූ ලිපි, එකී ක්‍ෂේත‍්‍රවල නියැළුණු ශිල්පීන් හා නිර්මාණකරුවන් සමඟ කළ සම්මුඛ සාකච්ඡුා එවක ‘නවලිය’ වෙත පුළුල් පාඨක අවධානයක් යොමු කරන්නට සමත් විය. එසේ ම පේ‍්‍රම් දිසානායක සංස්කරණය කළ ‘විචිත‍්‍ර’ වැනි සිනමා සහ කලා සංග‍්‍රහවලට ද හේ අඛණ්ඩ ව ම දායකත්වය සැපයී ය. එවක පාඨයන් අතර ජනපි‍්‍රයතාවක් ලබා සිටි ‘කල්පනා, ‘දෙසතිය’, ‘පෙරමඟ’ සහ ‘සිනෙසිත්’ වැනි සඟරාවලට ද හේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ලිපි සම්පාදනය කළේ ය.

සුනිල් වෘත්තීය පුවත්පත් කලාවේදියෙකු ලෙස සේවය අරඹන්නේ 90 දශකයේ මැද භාගයේ දී ලේක්හවුස් ආයතනයට බැඳී, එහි ‘දිනමිණ’ පුවත්පතේ උප කර්තෘවරයෙකු ලෙස පත්වීමක් ලබමිනි. පසුව දිනමිණෙන් ‘සරසවිය’ට හේ පිවිසෙන්නේ එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙස ය. නොබෝ කලකින් සරසවියේ කර්තෘ පදවියට පත්වන සුනිල් ටික කලක් එකී තනතුර දරමින් සිටිය දී ‘සිළුමිණ’ට අනුයුක්ත වන්නේ ‘සිළුමිණ’ සතිඅන්ත පුවත්පත සමඟ නිකුත් කෙරෙන ‘රසඳුන’ ටැබ්ලොයිඞ් සංග‍්‍රහයේ සංස්කාරකවරයා ලෙස පත් වෙමිනි. එසේ ම, ඒ සමඟ ම සිළුමිණ සම කර්තෘ ධූරය ද ඔහුට හිමි වීම විශේෂත්වයකි. පුවත්පත් කලාව තුළ කිසියම් පිබිදීමක් ඇති කළ සාර්ථක පත්තරකාරයකු ලෙස අප සැමගේ නොමඳ ගෞරවයට පාත‍්‍රවන ධර්මසිරි ගමගේ නම් වූ ප‍්‍රවීණ පුවත්පත් කලාවේදියා විසින් නිර්මාණයකොට පෝෂණය කරන ලද ‘රසඳුන’ට ආවේණික වූ සාර්ථකත්වය එලෙස ම රැුක ගනිමින් පවත්වාගෙන යාමේ වගකීම සුනිල් වෙත පැවරුණේ ඒ අතරතුර එම වගකීම දැරූ රෝහණ වෙත්තසිංහයන්ගෙන් පසුව ය.

දශකයක් පුරා රසඳුන සංස්කරණය තුළින් ඔහු තම වගකීම සාර්ථක ව ඉටු කරන ලද්සේ දැඩි කැපවීමකින් ඒ වෙත යොමු් වෙමිනි. කවර කලෙකවත් බොළඳ, උඩින් පල්ලෙන් බලා ඉවත දැමීමට සිතෙන ග‍්‍රාම්‍ය ටැබ්ලොයිඞ් පුවත්පතක් නොවූ රසඳුන පේ‍්‍රක්ෂක නිම්වළලූ පුළුල් කරමින් ප‍්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යන්නට සුනිලූන් සමත් වූ අයුරු ඔහුගේ වකවානුවේ රසඳුන පිරික්සීමෙන් අවබෝධකර ගත හැකි වේ යැයි සිතමි.

කලෙක සමාජ හා සාමයික කේන්ද්‍රයේ ප‍්‍රකාශන සහකාර තනතුර ද හෙබ වූ සුනිල් රසඳුන සංස්කාරකත්වය දැරූ සමයේ කලා ලෝකයේ වගකීම් රැුසක් ම වරින්වර ඉසිලූ බැව් පෙනිණ. ධගක්‍ගෂගක්‍ග ප‍්‍රධාන සිනමා ජූරි සභාවල ද සාමාජිකත්වය දැරූ හේ වරෙක සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ කලා අනු මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද, ටෙලි නාට්‍ය පූර්ව නිරීක්‍ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කළේ ය. ප‍්‍රවීණ සිනමාවේදී තිස්ස අබේසේකරයන් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති ධුරය හෙබ වූ වකවානුවේ සුනිලූන් සතු හැකියාව පිළිබඳ දැනුවත් ව සිටි හේ ඔහුගේ දායකත්වය එහි ඇතැම් කි‍්‍රයාකාරකම්වල දී ලබා ගත් බවක් පෙනිණ. ඒ අනුව චිත‍්‍රපට සංස්ථාව නිකුත්කළ ‘සදිසි’ සිනමා සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ ද ඔහු ය.

සුනිල් සිංහල සිනමාව ප‍්‍රමුඛ වෙනත් කලා ක්‍ෂේත‍්‍රයන් විෂය කරගනිමින් දශක 4ක කාල වකවානුවක් තුළ විවිධ පුවත්පත්වලට ලියූ ලිපි සංඛ්‍යාව 1000 ඉක්මව යි. එසේ ම, පුවත්පත් කිහිිපයක කර්තෘත්වය දැරූ හේ සඟරා කිහිපයක ම සංස්කාරකවරයා ලෙස ද කටයුතුකර තිබේ. සුනිලූන්ගේ ග‍්‍රන්ථාවලිය ද නොමද පාඨක අවධානයට යොමු වූ කෘතීන් 22කින් සමන්විත වන අතර ඉන් බහුතරයක් ලියැවී ඇත්තේ සිනමාව විෂයය කරගනිමිනි. නාට්‍ය ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් වෙන්වුණු කෘතීන් දෙකක් ද, ඔහු විසින් වරින්වර පුවත්පත්වලට ලියූ තීරු ලිපි ඇසුරින් සැකසුණු ග‍්‍රන්ථ ති‍්‍රත්වයක් ද හැරුණුකොට ඔහුගේ ග‍්‍රන්ථාවලියේ අන්තර්ගත සෙසු කෘතීන් 17ක් ම වෙන් වුණේ සිනමාව වෙනුවෙනි.

ඉහත ග‍්‍රන්ථාවලියට අමතර ව ඔහුගේ හදිසි අභාවය හේතුවෙන් සම්පූර්ණ කරගැනීමට අවකාශ නොලද තවත් එක් හරවත් කෘතියක් ඔහුගේ ග‍්‍රන්ථකරණයේ දී කැපී පෙනේ. එය ‘රංජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය’ යි. සුනිලූන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරු ව ‘සරසවිය’ කතුවරයාගේ ආරාධනයෙන් ‘නාට්‍යකරුවෝ සහ ඔවුන්ගේ නිර්මාණ’ යන මැයින් ලිපි පෙළක් 2016 වසරේ දී සරසවියේ සතිපතා පළ කෙරුණි. එකී ලිපි පෙළේ මැද භාගයට නියමිත ලිපියක් සැකසීමට අවශ්‍ය කරුණු විමසීම සඳහා නාට්‍යවේදී රන්ජිත් ධර්මකීර්ති හමු වී කළ දීර්ඝ කතිකාවතක දී එකඟ වූ පරිදි ඔහුගේ නාට්‍යාවලිය පිළිබඳ විමසුමක් ග‍්‍රන්ථයකට ගොනු කිරීමේ වගකීම සුනිලූන් වෙත පැවරිණ. සුනිල් එකී ග‍්‍රන්ථයේ කටයුතු ඇරඹුවේ ත් බොහෝ කැපවීම් කරමින් එහි මූලික අවශ්‍යතා සපුරා ග‍්‍රන්ථය නිමා කිරීමේ ව්‍යායාමයෙහි යෙදී සිටියේ ත්, ඒ වනවිට ත් ඔහු පෙළමින් තිබූ මාරාන්තික ව්‍යාධිය මධ්‍යයේ ය. රෝගී තත්ත්වය උත්සන්න වී සුනිලූන් අනපේක්ෂිත ලෙස හදිසියේ ම මිය යාමේ හේතුවෙන් මුළුමනින් නිමාකොට නොතිබුණු එම ග‍්‍රන්ථයේ ඉතිරි වගකීම් පවරා ගනිමින් සුනිල් මිහිඳුකුලයන් හට උපහාරයක් ලෙස එහි කටයුතු අවසන්කොට ඔහුගේ ග‍්‍රන්ථාවලියට තවත් එක් සාරගර්භ කෘතියක් එක් කරන්නට අප ලද වරම භාග්‍යයක් කොට සලකන්නෙමි. ඒ අනුව ‘රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය’ සුනිල්ගේ කර්තෘත්වය මත පළ වූ අවසන් කෘතිය යි. අදීන පුවත්පත් කලාවේදියෙකු, ප‍්‍රශස්ත ලේඛකයකු, තියුණු තීරු ලිපි රචකයකු, පැසුණු විචාරකයකු, පර්යේෂකයකු, සිනමා හා නාට්‍ය කලා දත්ත සංරක්ෂකයකු සේ ම බොහෝ ආධුනිකයන් හට මාධ්‍ය ලෝකයට පිවිසීමට අත-හිත දුන් හිත හොඳ මිනිසකු වූ සුනිල් මිහිඳුකුලයන් ස්වකීය ජීවිතයේ 6වැනි දශකයට ළඟාවන්නට ත් ප‍්‍රථම නික්ම යාම කලා ලෝකය තුළ නිර්මාණය කළේ සපුරාලීමට අසීරු රික්තයකි.